IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම්රියට හිතුමතේ බඩු අරන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

දුම්රිය දෙපාර්තමේන්තුවට ඇතැම් උපකරණ ප්‍රමාණය ඉක්මවා මිලදී ගෙන ඇති බවටද  තොරතුරු හෙළි වී  යැයි  කෝපා කමිටුව පවසයි.

කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක  පසුගිය 22 වැනිදා නිරත වූහ. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ එම නිරීක්ෂණ චාරිකාවේදීය.

ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක්  වසාගෙන ඇති බවද මන්ත්‍රීවරුන් නිරීක්ෂණය කර ඇත.

කාරක සභාවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ උපදෙස් පරිදි පසුගියදා (22)  වැනිදා සිදුවූ මෙම නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, කාරක සභාවේ සාමාජික  මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර, සුසන්ත කමාර නවරත්න සහ (වෛද්‍ය) ජනක සේනාරත්න යන මහත්ම මහත්මීහුද  සහභාගී වූහ.

මෙහිදී රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත පෙරේරා මහතා සහ නියෝජ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු නිලූපා ඒකනායක මහත්මිය වැඩ බිමේ ඒ ඒ ස්ථාන සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළහ. අදාළ වැඩ බිම්වල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය ද එම නිලධාරීහු මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්හ.

එසේම නිරීක්ෂණ චාරිකාව මගින් හඳුනාගත් සියලු කරුණු  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා‍වට සහ ප්‍රවාහනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව  මන්ත්‍රීවරු පැවසූහ.

මෙම නිරීක්ෂණ චාරිකාවට  පාර්ලිමේන්තුවේ නිලධාරීහු  පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (1)

දුම්රියට හිතුමතේ බඩු අරන්

Bunny Preena Wednesday, 28 May 2025 01:18 PM

කෝපා කණ්ඩායම දුම්රිය නඩත්තු අංගණයේ සිටින ඡායාරූපයක් පලකරලා තිබුණා නම් වඩාත් වටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site