IMG-LOGO

දුම්රියට අඩු ආදායම් ලාභීන් ගැනීමේ සූදානමක්

(යොහාන් භාසුර)

පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කෙරුණු රැකියා ලක්‍ෂයේ වැඩසටහන යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට අඩු ආදායම් ලාභීන් 3,000 ක් කම්කරු පත්වීම්වලට බඳවාගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින සේවක ගැටලුවට විසඳුමක් ලෙස මෙම පත්වීම් කිරීමට අනුමැතිය ඉල්ලා ඇති බවත් එම පත්වීම් හැකි ඉක්මණින් ලබාදෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.  



අදහස් (9)

දුම්රියට අඩු ආදායම් ලාභීන් ගැනීමේ සූදානමක්

sharm warn Monday, 09 January 2023 11:10 AM

දුම්රිය දෙපාර්තමෙන්තුවට අවශ්‍ය වෙලා තියෙන්නෙ කම්කරු අංශයෙ සේවකයන් නෙමෙයි නියාමක, ස්ථනධිපති වැනි කාර්යාලිය තනතුරු වලට කියල මෙ ගොබ්බ ඇමතියට තේරෙන්නෙ නැද්ද ?

:       3       20

pakeer Monday, 09 January 2023 11:33 AM

හොඳ දෙයක් වගේ පේන්නේ නම්...!

:       9       1

Lalith M Monday, 09 January 2023 11:34 AM

මොනවා කරන්නද?. නිකම්ම පඩිගන්න අය දහස් ගණනක් ඉන්න එක තව පුරවන්නේ කොහේටද? පාරක්වත් නඩත්තුව නොකරන දුම්රිය පිරිසිදු නොකරන ලෝකයේ එකම දුම්රිය සේවය...

:       0       9

nalaka Monday, 09 January 2023 11:47 AM

පුද්ගලීකරණය කරන්න.

:       0       9

wedageMonday, 09 January 2023 02:58 PM

දුම්රිය සහ රේල් පාර හොඳටම අලුත්වැඩියා කරලා දුන්නොත් ගනීවි..

:       0       1

අබිලින් Monday, 09 January 2023 12:16 PM

ඒ කාලයේ රැකියා දෙනවා කිව්වෙ අඩු ආදායම්ලාභීන් සදහා නොවෙයි කියලා අමතක වීම ප්‍රභාකරන් කියපුදේ සත්‍ය වීමක්.2019 කිව්වෙ අධ්‍යාපන සුදුසුකම් නැති අයට රැකියා දෙනවා කියලා තමයි මතකයේ තියෙන්නෙ අඩු ආදායම් ලාභීන්ට රැකියා ඕනෑතරම් තියෙනවා ඔවුන්ට නැත්තේ හැකියාව පුහුණුව හා ඒවායින් සමාජ පිලිගැනීමක් නැතිකම..ඇත්තටම රටට විදේශ විනිමය ගෙනෙන තේ,රබර් ,කුරුදු පොල් පුවක් ආදී වගාවන්ගේ රැකියා බොහොමයක් තියෙනවා ඒවාට පුහුණුවක් දීලා එහෙම අයගෙන් සමුපකාර සමිති හැදුවොත් රැකියා ප්‍රශ්න විසදීමට නොහැකිද කියලා හිතෙනවා එම සමිති හරහා අවශ්‍ය අයට ශ්‍රමිකයන් ගැනීමට ක්‍රමයක් තමයි අවශ්‍ය වෙන්නෙ එහෙම හදල ඔවුන්ට වගා නිළධාරින් / නැත්නම් අස්වනු එකතුකිරීමේ නිළධාරින් කිව්වොත් අකමැති වේවිද එහෙම වුනොත් රාත්‍රියේ හොරකම් වීමත් අඩුවෙන්න පුළුවන් ලංකාවෙ සැවොම නිළධාරින් වෙන්න තමයි කැමති (උදාහරණයක් විදියට ආරක්ෂක නිළධාරින් නැත්නම් සිකියුරිටි සේවය )

:       0       10

sharm warnMonday, 09 January 2023 01:30 PM

අයියෝ අබිලින්, කාට කියන්නද? මේවා තනිකර ඡන්ද ගුණ්ඩු... ළඟ එන පළාත් පාලන ඡන්දෙට ඉල්ලන අයට ගොඩයන්න වැසිකිළි කටවල් දීලා හරියන්නේ නෑ කියලා තේරිලා... මේ අයගේ බලය රැකගන්න නොකරන අමනකම් මොනවද ඉතින්..?

:       1       6

Yasas Monday, 09 January 2023 12:16 PM

කම්කරුවන්? පවතින ගැටළුවට පිළිතුරක් නොවේ. චන්ද බලාගෙන තව ගැටළු නිර්මාණයක්.

:       1       10

කල්ප Monday, 09 January 2023 12:35 PM

අඩු ආදායම්ලාභීන් සදහා ගම් මට්ටමෙන් මොනවාහෝ නිෂ්පාදන ව්‍යාපෘති සකසන්න බැරිද ගම්වල තියෙන සම්පත් යොදාගෙන ව්‍යාපෘති කරන්න පුළුවන් මේ රටේ නැත්තේ මොනවාද එයට අමතරව රටේ වඩු කාර්මික ,පෙදරේරු කාර්මික වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල රැකියා අවස්ථා තියෙනවා අකාලයේ පාසැල් හැරයන පිරිස් ඒවාට යොමුකර රටේ සංවර්ධනය කරන්න බැරිද ඔක්කොටම රජයේ රැකියා දෙන්න බැහැ දුම්රියේ දෙනවට නොවෙයි කියන්නෙ රටේ දියුණුව දැකීමට කැමැත්ත නිසා .පුළුවන් නම් ලක්ෂයක් වුනත් දුම්රිය සදහා ගන්න අනාගත ජනාධිපති වෙනවා කියලා හිතෙන සජිත්ට මැතිතුමාට වත් එහෙම හැගීමක් ඇතිවේවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site