
(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කළ රැඳවියකුට බන්ධනාගාර නිලධාරීන් තැබූ වෙඩි ප්රහාරයකින් එම රැඳවියා මියගොස් ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි.
එසේ මියගොස් ඇති රැඳවියා 27 හැවිරිදි ගලගෙදර ප්රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන තිබේ.
මියගිය රැඳවියා අච්චු ලැබූ රැඳවියකු ද එසේත් නොමැති නම් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රැඳවියකුද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම මරන්න වෙඩි තියන්න පුළුවන්ද? කිතුල් ගහට නැග්ග එකා වගේ දැන් ඉතින් ඕනෑ තරම් බොරු ගොතලා කියයි. වෙඩි තියන්නේ නැතුව අල්ලන්න වෙන ක්රමයක් නැද්ද?
මා හිතන්නෙ නෑ නිලධාරීන් මිනිස් ඝාතන කරන්න උවමනාවෙන් ඉන්නව කියල. පාඩුවේ අලබතල ටිකක් වවගෙන උන්න නම් හිරේ යන්න වෙන්නෙ නෑනෙ. ඒකගෙ මේ ආත්මයට අදාල කරුම ඉවර වෙන්න ඇති කකුලට තියපු වෙඩිල්ල මැරිල යන්න වැදෙන්න. අනෙක මේ රටේ තියෙන නීතියවත් හරියට කෙරෙන්නෙ නෑනෙ. සවුදි වගේ නම් කෑ ගහන්නවත් බෑ ඒ රටේ නීතියට. රටක තද නීති නැත්නම් මෝඩ මිනිසුන් පාලනය කරන්න බෑ. ඒකනෙ රජකාලෙ මෙහෙත් රජ දඬුවම් තිබිල තියෙන්නෙ. ඒවා හරියට කෙරුන නිසා පේදුරු තුඩුවෙ සිට දෙවුන්දරතුඩුවට කාන්තාවකට ගියෑකි උනාලු. අද මොකෑ වෙලා තියෙන්නෙ.