ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ වාර්ෂික සහතික පත් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය ඉරුදින විහාරස්ථ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ රාහුල දහම් පාසලේ ප්‍රධානාචාර්ය තවලම බන්දුල හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වූ උත්සවයේ තේමාව වුයේ ‘අනගාරික ධර්මපාල තුමන්ගෙන් බුදුසසුනේ පුනර්ජීවය උදෙසා සිදුවූ උදාර සේවාව‘ සාකච්ඡා කිරීමයි.
දහම් පාසලේ සියලුම සිසු සිසුවිය සහභාගී කරගෙන ධර්මපාල තුමන්ගේ ජිවිතයේ වැදගත් සිද්ධී නිරුපණය කළ වේදිකා නාට්‍යයක් ද රඟ දැක්විණි. ඒ මඟින් එතුමන් බුදුදහම ආරක්ෂා කර ගැනීම සඳහාත්, බටහිරට ථේර වාද බුදු දහම හඳුන්වා දීම සඳහාත් ඉන්දියාවේ බුදුන් වහන්සේ වැඩසිටි පුණ්‍ය භූමින් ආරක්ෂා කිරීම සඳහාත් ගෙනගිය විශාල වැඩපිළිවෙල සහ එහි වැදගත්කම වටහාදීමට එම දරුවෝ උත්සාහ කළහ.
ලන්ඩන් බෞද්ධ විහාරය 1926 දී ආරම්භ කරන ලද්දේද ධර්මපාල තුමන් විසිනි. මේ වසරේ එතුමන්ගේ 150 වෙනි ජන්ම දිනය සැමරීම සඳහා සතියක වැඩසටහනක් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් පැවැත්වීමට කටයුතු කරගෙන යනු ලබයි.
උත්සවයේ වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා අනෙක විධ අයුරින් උදව් උපකාර කල දහම් පාසල් දරුදැරියන් සහ ඔවුනගේ දෙමාපියන්ටත් දායක සභාවේ සියලු දෙනාටත්, විහාරවාසී සියලුම සංඝයා වහන්සේටත් අනෙකුත් සියලුම දෙනාටත් ස්තුති වන්ත වන බව පුජ්‍ය බන්දුල හිමියෝ පැවසුහ.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, සහකාර මහා කොමසාරිස් නෙවිල් ද සිල්වා මහත්වරු ද උත්සවයට ආහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දම්පල් ගුණ ලන්ඩන් දරුවන්ට කියාදෙයි
විමල් Tuesday, 01 April 2014 08:34 PM
කාලෝචිත වැඩක් (දී)
සුජිත් පුෂ්පකුමාර Tuesday, 01 April 2014 08:38 PM
ලෝකේ තවම අපේ කම තියෙනවා (දී)
රිද්මා Tuesday, 01 April 2014 08:43 PM
මමත් ධර්මපාල තුමන්ගේ නම ඇති පාසලක කෙනෙක් වීම ගැන ආඩම්බරයි (දී)
නිහාල් Wednesday, 02 April 2014 11:39 AM
තවමත් අපේකම රැඳී තිබීම පිළිබඳ සතුටුයි (නි)
මහින්ද Tuesday, 01 April 2014 09:04 PM
ඉතා හොද වැඩක් ඉතිහාසය දන්නේ නැහැ දැන් කාලේ ළමයි (දී)
ජනක Wednesday, 02 April 2014 12:21 AM
ධර්මපාල තුමාගේ ප්‍රතිපත්ති, උපදෙස් දැන් කීදෙනෙක් අනුගමනය කරනවද? සමහරු සිංහල බෞද්ධ කියන්නත් කැමති නැහැ? (දී)
පියල් Wednesday, 02 April 2014 12:28 AM
ධර්මපාල තුමාට පින් සිද්ද වෙන්න අපිට වදින පුදන්න බුද්ධගයාව තියෙනවා (දී)
පිටිගල Wednesday, 02 April 2014 07:52 AM
ධර්මපාල තුමා අනුස්මරණය කරන්න උත්සව හැමතැනම සංවිධානය කළත් එතුමා අපේ රටේ අනාගතය වෙනුවෙන් කළ ප්‍රකාශය තමයි අද 100% ක්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ කතාවේ මුල, 'උඹලා දැනගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනකොට.............'කියලයි. (නි)