ලන්ඩන් බෞද්ධ විහාරය ලබන 13 වනදින සිට 21 වන දින දක්වා පවත්වන අනගාරික ධර්මපාලතුමාගේ 150 වෙනි ජන්මදින ගුණ සමරු පින්කම් සහ උත්සව මාලාවේ අංගයක් ලෙස දහම් පාසලේ දරු දැරියන් සදහා කථික තරඟයක් පැවැත්විණි.
ධර්මාපාලතුමන් විසින් යුරෝපයේ නිර්මල ථෙරවාදී බුදුදහම ප්‍රචලිත කිරීමේ අරමුණින් ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කළේ 1926 දිය.
විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි සහ දහම් පාසලේ ප්‍රධානාචාර්ය තවලම බන්දුල හිමි තරගය සංවිධානය කළහ.
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ නේපාලයේ සුමන හිමි, ආචාර්ය සුභද්‍රා සිරිවර්ධන, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමල් ගුණසේන සහ ගුණසේන මහත්මිය තරග විනිසුරු වූහ.
ධර්මපාල තුමාගේ තොරතුරු ඇතුළත් ඉතා දුර්ලභ ඡායාරුප, හඬ පට සහ චිත්‍ර පට අඩංගු ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී මෙම මස 14 සිට 20 දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයේදී තරගයේ ජයග්‍රාහකයින් සඳහා තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇත.
2025 දෙසැම්බර් මස 18
298
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දම්පල් කථික තරගයක්