IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුමින්ද සිල්වාගේ ගිණුම් පරීක්ෂා කරන්න නියෝග

ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු බව කියන වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සමග මුදල් ගනුදෙනු කළ බවට චෝදනා එල්ලවී ඇති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට රටින් පිටවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.



අදහස් (0)

දුමින්ද සිල්වාගේ ගිණුම් පරීක්ෂා කරන්න නියෝග

කලන Wednesday, 28 January 2015 04:51 AM

එකත් මට මතක නෑ බන්. උඹ බබා.. (බ)

:       0       0

ශාන්ත Wednesday, 28 January 2015 05:14 AM

අනේ පවු! අසරණ මිනිස්සු මේ කුඩු හින්දා මුළු ජීවිතයම නාස්ති කරගන්නවා. (නි)

:       0       0

තිලක් Wednesday, 28 January 2015 12:36 PM

මේ වගේ අය තමයි අපේ රටේ දේශපාලනය කරන්නේ. (නි)

:       0       0

ශාන්ති මුතු Wednesday, 28 January 2015 01:10 PM

ලෝක ධර්මතා අණුව වැරදි කරන අය පසුපස දඬුවම් ද නිසැකවම පැමිණෙනු අැත. ඒන දන්ඩන ලොකු කුඩා; නිලතල නොසයති .කවුරුන් විසින් හො කරන හොඳනරක සාධාරන ලෙස ලැබෙනු අැත.කෙනෙක් අපරාදයක් කළාම ඔහුට හෝ අැට නිතියෙන් සමාව ලැබුවත්,තමාගේ හර්දෂාක්ශියේ සමාවක් නැත.ඔවුන් සැමදාම විඳවවිඳවා මරණය වෙත ලඟාවෙයි. (අ)

:       0       0

මොහොමඩ් ඛාන් Wednesday, 28 January 2015 05:49 AM

බන්දුල පෙරේරාට නම් දුක ඇති. (නි)

:       0       0

සරත් පියසේන Wednesday, 28 January 2015 05:50 AM

වෙළේ සුදා සමාජ සේවකයෙක්. කවදාවත් හොරකම් කර නැතිලු. අපේ සමහර ඇමතිවරු එහෙමද? හොරකම් කරලා ,ගෙවල් 4-5ක් තියාගෙන ,කුඩු ව්‍යාපාරය තුළින් සල්ලි හොයලා, දුප්පතුන්ට ගෙවල්, ආධාර, ණය,උපකරණ ,ඡන්ද ව්‍යාපාර වලට මුදල් හරි හරියට විසිකරලා..... තව කොච්චර දේවල්ද? ඒ නිසා සුදාට හොයලා බලලා, පොදුසමාවක් දෙමු. පුනරුත්ථාපනය කරමු. වත්කම් රජයට ගනිමු. මොනවා වුණත් තරුණ කොල්ලෙක්නේ! (නි)

:       0       0

සුමේධ Tuesday, 27 January 2015 10:15 PM

ඒක නම් ගොඩක් හොඳ දෙයක් (නි)

:       0       0

රන්ජිත් Wednesday, 28 January 2015 06:34 AM

මතක නැහැ කියන්න කලින් හංගපු කුඩු බලන්න එක්කගෙන යන්න (නි)

:       0       0

නදීක Wednesday, 28 January 2015 08:26 AM

පුදුමය කියන්නේ මෙච්චර මහා විනාශයක් කරපු කෙනෙක් අත්අඩංගුවට ගන්නේ නැති එකනේ..ගමේ කොලු ගැටයෙක් ඕව කරලනම් සොරි තමයි ..(බ)

:       0       0

නිමල් Wednesday, 28 January 2015 08:45 AM

කල කල දේ පල පල දේ (නදී)

:       0       0

ධම්ම Wednesday, 28 January 2015 08:48 AM

සරත් පියසේන හොඳ අදහසක්. (නදී)

:       0       0

දුම්මලසුරිය Wednesday, 28 January 2015 08:52 AM

අතීතය අමතක නිසා පොලිසියට ප්‍රශ්න කිරීම් වලදී ගැටළු මතු වෙන්නත් පුළුවන්. .ඒ මොනවා උනත් රටේ පොදු යහපත සලකලා විදිමත් සාධාරණ පරීක්ෂණයක් කරලා වැරදි කරුවන්ට නිසි දඩුවම් පමුණුවන තුරු මහ ජනතාව දෑස් දල්වා බලා ඉන්නවා. පරීක්ෂණ ආරම්භය වගේම අවසානයත් පැහැදිලි වෙයි කියලත් අපේක්ෂා කරනවා. (නදී)

:       0       0

සමන් Wednesday, 28 January 2015 10:42 AM

සියලුම වාර්තා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුලින් වරක් නොව කිහිප වරක් විකාශය හෝ වාර්තා කරන්නේ නම් මේ හා සම්බන්ධ වැරදිකරුවන්ට නිසි දඬුවම් හැකි ඉක්මනින් ලබා දෙන්නේ නම් ඉතාමත් අගය කොට සලකමි. (නදී)

:       0       0

අමිල Tuesday, 27 January 2015 03:20 PM

අම්මෝ! මට නම් මොකුත් මතක නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site