IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


දුමින්දට රතු වරෙන්තුවක් ඉල්ලයි

කොලොන්නාවේදී හිටපු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතන සිද්ධියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන රෝහල හා ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අපේ‍්‍රල් 4 වැනිදාට විස්තර වාර්තාවක් ගොනු කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට නියෝග කළේය. රහස් පොලිසියට මේ පරීක්ෂණ හරිහැටි කළ නොහැකි නම් ඒ බව දන්වන ලෙස ද මහේස්ත‍්‍රාත් කීවේය. රහස් පොලිසිය පරීක්ෂණවලින් මගහරිතියි භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් සොයා බලන ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පැවසූවේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු  වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. සැකකරුවෝ 16 දෙනා අපේ‍්‍රල් 4 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.



අදහස් (0)

දුමින්දට රතු වරෙන්තුවක් ඉල්ලයි

හේමමාලා Tuesday, 27 March 2012 07:40 PM

හරියට හරි. රතු වරෙන්තුවක් ඕනේ. ඕක යට ගහන්න කලින්

:       0       0

පයාගල ප්‍රියන්ත Tuesday, 27 March 2012 09:36 PM

දුමින්ද ඉන්න තැන රහස් පොිස් දන්නැත්නම් රාජිත සේනාරත්න ඇමතිතුමා දන්නවා. ඒ මැතිතුමාගෙන් අහගන්න

:       0       0

ජනතාව Tuesday, 27 March 2012 10:07 PM

ජනපති බබාද....මේ සේරම දැනගෙන හොර වගේ ඉන්නේ

:       0       0

ඇන්ටන් සරෝජ් Wednesday, 28 March 2012 12:52 AM

ජනාධිපතිතුමනි, මෙයට නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       0

රාවණ Wednesday, 28 March 2012 04:56 AM

ඇයි මේක ජනතාව ගොනාට අන්දන ආණ්ඩුවක් ද ? ලිපිනයක් නොදන්වා ඉදිරිපත්කළ ලිපියකට ද පාර්ලිමේන්තුව දුමින්ද සිල්වා ට නිවාඩු අනුමත කළේ. මේ ඔක්කෝම පට්ටපල් හොරු. ජනතාවත්, අධිකරණයත් හෑල්ලු කළා.

:       0       0

ද සිල්වා Wednesday, 28 March 2012 05:21 AM

ජනාධිපති ගාව තමන්ගේ මිනිස්සු අල්ලලා දෙන සිරිතක් නැහැ. ජනාධිපති තමයි දුම්න්දව රට ඇරියේ. කේ.පී.වත් අල්ලලා මෙහෙට ගේන්න පුළුවන්නම් දුමින්දව ගෙන එන එක ප්‍රශ්නයක් ද ?

:       0       0

තිරාන් ජයසේකර Wednesday, 28 March 2012 06:33 AM

අපේ රටේ මානව හිමිකම් තියෙනවද නැද්ද කියා ලෝකයට පෙන්වන්න මේක හොද අවස්ථාවක්.

:       0       0

රවී Tuesday, 27 March 2012 11:09 AM

නීතියක් ගැන විශ්වාස කරන්න දුමින්ද අත්අඩංගුවට ගත යුතුයි. ජනාධිපතිතුමනි මෙන්න ඔයාගේ අවස්ථාව. ඔයාගේ නිර්දෝශී බව පෙන්වන්න.

:       0       0

රාගල්කන්ද Tuesday, 27 March 2012 12:54 PM

දේශපාලන ඇගිලි ගැහීම් නොකර විමලරතන හිමින්ගේ අවවාදය දැන්වත් පිළිපැද්දොත් හොදයි.

:       0       0

ඩී.එම්.උඩුකුඹුර Tuesday, 27 March 2012 01:11 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.

:       0       0

ජනයා Tuesday, 27 March 2012 01:55 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..ඇත්ත කථාව..එහෙම නම් දුමින්ද අත් අඩංගුවට නොගෙන ඉන්නේ? අපේ ඉහල පුටුවල ඉන්න කට්ටියටත් වෙන්නේ භාරතට වුනු දේමද?

:       0       0

සමන් කුමාර Tuesday, 27 March 2012 02:00 PM

පාදඩයින් කුඩුකාරයින් මන්ත්‍රීවරු සහ උපදේශකයින් හැටියට තියාගෙන ඉන්න තුරු ජනාධිපතිට ලේසියෙන් නිර්දෝෂී වෙන්න බෑ.

:       0       0

දනංන්ජය Tuesday, 27 March 2012 02:12 PM

යුක්තිය ඉටුකරන තීරණයක් දෙන්න

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 27 March 2012 02:32 PM

ඩීසල් මිල, උසස් පෙළ ප්‍රතිඵල වගේ තමයි මේකත්

:       0       0

එච්.ඊ.දයාරත්න Tuesday, 27 March 2012 02:33 PM

ජනාධිපතිතුමනි, නීතිගරුකබව ඔප්පුකරන්න මෙන්න හොදම අවස්ථාව. මේවා එම්බසි හරහා ඔබාමාට යනවමයි.

:       0       0

කසුන් Tuesday, 27 March 2012 02:37 PM

ජිනීවා අවුල ඔය වගේ වැඩ හින්දා තමයි මහින්ද අයියේ, මිනිස්සුත් මේවා දිහා ඇස් ඇරලා බැලුවොත් හොදයි.

:       0       0

රාවණ Tuesday, 27 March 2012 02:46 PM

මේක සම්පූර්ණ අසාධාරණයක්, සිංගප්පූරුවේ දුමින්දට කරන ඕනම පිළිගතහැකි ප්‍රතිකර්මයක් ලංකාවේත් කළ හැකි බවට මට සියයට සියයක්ම විශ්වාසයි. මෙතන වෙන්නේ ප්‍රතිකාර කිරීමක් නොවේ. නීතියට වැලි ගැසීමක්. නමුත් කවදා හරි පවු ගෙවන්න වෙනවා. , ප්‍රභාකරන්, රජීව්. ලලිත්, සියා උල් හක්, සදාම්, හිට්ලර්........... තව කොච්චර උදාහරණ ඕනෙද ?

:       0       0

විමලගුණේ Tuesday, 27 March 2012 03:15 PM

මේ විදියට ගියොත් ලංකාව ආසියාවේ අවීචිමහා නරකාදිය වෙනවා.

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 27 March 2012 03:46 PM

විමලරත්න හාමුදුරුවන්ගේ අවවාද පිළිපැදීම සිදු නොවුනොත් මොකක්ද සිදුවන වෙනස? ඉස්සර වැඩහිටපු කෙලින් හාමුදුරුවරු නම් මුන්ට 'පත්ත නිකුජ්ඣන කම්ම' කියලා එකක් පනවාවී. එහෙම කලාම සංඝ සමාජයෙන් අදාළ වරද කල එකා ප්‍රතික්ෂේප වෙනවා. වඩුග රජවරු පවා ඊට බිය වුනා. එත් දැන් ඉන්න උන්නාන්සේලා වැරදි කරන්න කරන්න තව තව පෝලිමේ ගිහින් පිරිත්නූල් බදිනවනේ...

:       0       0

සමන් ප්‍රදීප් Tuesday, 27 March 2012 03:52 PM

කෝ අපේ රටේ නීතිය. බලධාරීන් තාම නිහඩයි. දුමින්දව අත්අඩංගුවට ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 270 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 290 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 285 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ
2025 මැයි මස 12 356 0

‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හ


රනිල් ගංගාරාමයට
2025 මැයි මස 12 381 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.


වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ
2025 මැයි මස 12 152 0

ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1183 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site