හිටපු මන්ත‍්‍රී හා ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා සහ තවත් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලූත් සාක්කිකරුවන් හත් දෙනකුගේ කටඋත්තර ද සියලූ සැකකරුවන් පිළිබඳ විශ්ලේෂණ වාර්තා ද ලබන 15 වැනි දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට අද නියෝග කෙළේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ ආරක්ෂක නිලධාරියකු වූ මිරිහාන පොලිසියේ කොස්තාපල් අනුර තුෂාර ද මෙල් ලබන 15 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට ද නියෝග කැරිණි. අද පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සැක්කිකරුවෙක් ඔහු හඳුනා ගත්තේය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණ දක්වමින් ප‍්‍රධාන සැකකරුවකු ලෙස මන්ත‍්‍රී දිමින්ද සිල්වා නම් කරන ලෙස ද ඉල්ලා සිටියේය. අත්අඩංගුවට ගැනීමට සොයන දිසානායක මුදියන්සේලාගේ ප‍්‍රියන්ත ජනක බණ්ඩාර නොහෝත් ගලබඩගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ආගමන විගමන පාලකට නියම කරන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීමට ඉඩ ලැබිණි.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුමින්දගේ රැකවලා යළි රිමාන්ඩ්
වයි උපාලි Tuesday, 01 November 2011 06:35 PM
හරි හොඳ