මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබා දීමට නියමිතව තිබූ පීකොක් මන්දිරිය ඔහුට හෝ වෙනත් පුද්ගලයකුට රුපියල් කෝටි 40කට විකුණා ඇතැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා පවසයි.
එම නිවස වෙනත් පුද්ගලයකුට විකුණා ඇත්දැයි යන්න සෙවීමට මුදල් විශුද්ධි කරන පනත යටතේ ලියනගේ මහතා අද පස්වරු දෙකට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.
අවුරුදු දෙකකට නිවස හිටපු ජනපතිට නොමිලයේ ලබා දීමට ගිවිසුමක් අත්සන් කිරීමට ලියනගේ මහතා යෝජනා කළත් හිටපු ජනපතිගේ පාර්ශ්වයෙන් එය ප්‍රතික්ෂේප කළ බවත්, අද (20) එම ගිවිසුම අත්සන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් කැමැත්ත පළ තළත් ලියනගේ මහතා අකමැති වී ඇති බවත් කියති.
එම නිවස විකුණන බවට ලියනගේ මහතා අන්තර්ජාලයේ පළ කළ දැන්වීමක් අනුව අද දවස තුළ ගනුදෙනුව ඉවර කිරීමට ව්‍යාපාරිකයන් රැසක් කතා කළත් නීතිමයට ගැටළුවකට මැදිවේයැයි බියෙන් ඔහු එය නොවිකනීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
එම නිවස හිටපු ජනපතිගේ වාසයට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමට කුකුළන් දෙදෙනකු ගෙනවිත් බලි තොවිලයක් නැටූ බව නිවසේ සේවකයන් කීවේය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘දෙම්දෝ නොදෙම්දෝ කියලා සිතුණි මට‘
දුමින්ද Monday, 20 April 2015 06:21 AM
දැලි පිහියෙන් කිරි කනවා වගෙයි (නි)
ඇන්ටන් Monday, 20 April 2015 06:41 AM
අනේ මන්දා! දෙනවා නම් දීලා දාන්නකෝ (නි)
අමර Monday, 20 April 2015 06:52 AM
ඒ එස් පි ට මහින්දගේ තොවිලෙන් ලෙඩේ හොඳ වෙලා වගේ (බ)
සෙනරත් බණ්ඩාර Monday, 20 April 2015 06:56 AM
තණ්හාය ජායති ශෝකෝ. අන්ධ විශ්වාස කෙරෙහි හිත යොමු කිරීමත් පිරිහීමට කාරණයක්.(ම)
විදුර Monday, 20 April 2015 07:26 AM
ඔය නොමිලේ ගේ දෙනවා කියන කතාව සත්‍යයක් නම්, ගෙදර වාසයට යාමට කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට අකමැති නම්, එහෙම ගිවිසුමක් නැතුව පදිංචියට ගියා නම්, ගේ ආපසු ගන්නවා කියන එක නම් බොරු (නි)
උමේශ් Monday, 20 April 2015 07:35 AM
දෙනවා නම් දෙන්න. නැත්නම් නිකන් ඉන්න (නි)
ලක්සිරි Monday, 20 April 2015 08:00 AM
මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා බුදු සරණෙහි හිත පිහිටන කල් ඉතින් කිසිම සරණක් නැහැ තමයි.(ම)
සමන් Monday, 20 April 2015 08:19 AM
මහින්ද මහත්තයා අහුවුණාවද්ද? පූල් එක නොමිලේ ගොඩ කරවාගන්න සහ දොර ජනෙල් ටික මාරු කරවාගන්න කළ වැඩක්වද්ද? පව් අහිංසක මිනිස්සු හැමදාමත් රැවටෙනවා.දැන් ඉතින් ඒ ගෙදරත් සිහිනයක් වගේ නැතිවෙලා යාවි. මෙහෙම දෙයක් කරයි කියලා දන්නවා නම් ඔය වියදම්කළ සල්ලි දාලා පොඩි ගේ පොඩ්ඩක් හදාගන්න තිබුනා. (නි)
ලාල් Monday, 20 April 2015 09:31 AM
අපි වෙනුවෙන් අපි (බ)
සුනිල් Monday, 20 April 2015 10:19 AM
කුකුලන් දෙන්නෙක්ගෙන් ගිය එක හොඳා. නැතිනම් මෙතන අලි දුසින් ගණන් බිලි බාන තැනක් වෙන්න තිබුනා (ම)