IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙමටගොඩ රුවන්ට - පුතාට - බිරිඳට වෙන වෙනම නඩු දමයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)

නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් කෝටි 150කට අධික මුදලක් යොදවා සුඛෝපභොගී යාන වාහන රන්ආභරණ ඇතුළු දේපළ උපයාගත් බවට චෝදනා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්, ඔහුගේ පුතාට සහ බිරිඳට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ වෙන වෙනම නඩු තුනක් පැවරීය.

නීති විරෝධී අන්දමින් උපයාගත් මුදල් මෙරට ආයෝජනය කර මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදි කළ බවට චෝදනා 20ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා නගමින් වෙන වෙනම නඩු පවරා ඇත්තේ සිරිනාථ පතිරනලාගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන්, සිරිනාථ පතිරනලාගේ තරිඳු මධුසංඛ (පුතා) සහ ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණි (බිරිඳ) එරෙහිවය.

2019 ජනවාරි පළමුවැනිදාත 2021 මාර්තු 23 වැනිදාත් අතර කාලය තුළදී පොදු අරමුණක් සහිතව කටයුතු කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී ක්‍රියාවන් වලින් උපයාගත් මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර මුදල් විශූද්ධීකරන පනත යටතේ වැරදි කිරීම, එම වැරදි කිරීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ විතත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම නඩු පවරා ඇත.

නීති විරෝධී ආකාරයෙන් උපයාගත් රුපියල් 132429650/-ක මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම” අදාළ කාලය තුළ උපයා ගත් මුදල් වලින් රේන්ජ් රෝවර් වර්ගයේ වාහන දෙකක්ද, තවත් සුඛෝපභොගී වාහන තුනක් සහ රුපියල් 20679650/-ක් වටිනා රන් ආභරණ මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා වැඩිදදුරටත් චෝදනා නඟා ඇත. 



අදහස් (0)

දෙමටගොඩ රුවන්ට - පුතාට - බිරිඳට වෙන වෙනම නඩු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site