IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දෙමටගොඩ රුවන්ගේ කෝටි 120 ගැන තවම විමර්ශන

(ඉන්දිකා රාමනායක)

මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 120 ක ට අධික දේපළ හා මුදල් අධිකරණයෙන් ලබාගෙන නියෝගයකට අනුව තාවකාලිව තහනම් කර විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම දේපළ අතර බැංකු ගිණුම් හා ස්ථාවර තැන්පතුවල තිබු රුපියල් කෝටි 10 ට අධික මුදලක් ,සුඛෝපභෝගි මෝටර් රථ 11 ක්, කිලෝ 5 ක රන්බඩු, ඉඩම්, නිවෙස් හා හෝටලයක් අයත් වන උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මේවා මිළදී ගැනීමට මුදල් උපයා ආකාරය සම්බන්ධයෙන් තහවුරු වන තොරතුරු සැකකරු විසින් මෙතෙන් හෙළි කිරීම අපොහොසත් වීම නිසා මෙම දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තාවලිකාව තහනම් නියෝග ලබාගෙන මෙම විමර්ශන සිදුකරන බවද එම උසස් නිලධාරියා කීය.

දෙමටගොඩ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක්, දෙමටගොඩ වේලුවන පාරේ පිහිටි සුඛෝපභෝගි නිවසක්, බණ්ඩාරගම ප්‍රදේශයේ රුපියල් කෝටි 2 ක ට අධික වටිනා නිවසක්, මීගමුව ප්‍රදේශයේ රුපියල් කෝටි 30 ට අධික වටිනා හෝටලක්. ද මෙම සෙසු දේපළ වලට අයත් වන පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඉදිරියේ අධිකරණයට කරුනු ඉදිරිපත් කර තහනම් කිරීමට පියවර ගන්නා බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (2)

දෙමටගොඩ රුවන්ගේ කෝටි 120 ගැන තවම විමර්ශන

බන්දු ධර්මරත්න Friday, 28 October 2022 10:54 AM

සාමාන්‍ය මිනිසුන්ගේ මුදල් මෙසේ ජනසතු කරන අතර, හොරාගත් දේශපාලකයන්ගේ මුදල් ගැන කිසිම සෙවිල්ලක් නැත. මොකද දෙවිදියක පාලනයක්

:       0       3

Sujeewa Friday, 28 October 2022 02:30 PM

බන්දු, මෝඩයෙක් වූ පළියට මෝඩකතා කියන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site