IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය  තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි

එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 2 ක් හා මත් පෙති 4500 ක් හා ජංගම දුරකථන හතරක්  පොලිස් භාරයට ගෙන ඇත

දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ගබඩා කර තිබෙන ස්ථානයක් මොරගහහේන පොලිස් වසමේ ගෝනපොළ කුඹුක වත්ත ප්‍රදේශයේ නිවසක ස්ථාපිත කර තිබෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දින කීපයකට පෙර ලද තොරතුරකට අනුව අද (12) දහවල් එම නිවස වැටලූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙර වැරදි රැසක් තිබෙන පුද්ගලයන් බවත් ඔවුන් තිදෙනා වයස අවුරුදු 38,45 හා 46 අතර පසුවන්නන්ය

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මත්ද්‍රව්‍ය  දිසාව ,අධ්‍යක්ෂක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය , සහකාර අධ්‍යක්ෂක 3 , පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය ගාල්ලේේේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර , පොලිස් සැරයන් වරුන් වන 18261 ටිරොශන් ,66516 රංග , පොලිස් කොස්තාපල් වරුන්වන 32845 අතුල ,8075 සොයිසා ,11406 කුමාර ,94473 මදුෂාන් ,98107 මෙන්ඩිස් , 97089 ගෞතම් , 101269 රාජපක්ෂ මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු

Kamal Koyrala Tuesday, 13 May 2025 11:49 AM

දැන් ආනයන මධ්‍යස්ථානය තිබෙන්නේ බන්ධනාගාරවලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2355 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site