හත් වැනි වරටත් පැවැති ‘කාල්ටන් සුපර් ස්පෝර්ට්ස්’ තරගාවලියේ පළමු ඉසව්ව ලෙසින් පැවති ‘සයික්ලෝ ක්‍රොස්’ පාපැදි තරග මාලාවේ, තරග ඉසව් 11 න් 5 කම ජයග‍්‍රහණ අත්කර ගනිමින් එහි වැඩි ගෞරවය දිනා ගැනීමට දෙබරවැව ජාතික පාසලේ පාපැදි කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.
විවෘත පාපැදි ඉසව්වේ පිරිමි අංශයේ ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට ගයාන් ජානක විජේසිංහ සමත්විය. ඔහු සමඟ කරට කර තරග වැදුණ සී. ආර්. ස්වර්ණමාල් ඔහුට ඉතා සුළු දුරක් පසුපසින් පැමිණ දෙවැනියා ලෙස තරගය නිමා කළේය.
පළමු වට කිහිපය නිමා වන තුරුම ප‍්‍රථම ස්ථානයේ රැදී සිටීමට ස්වර්ණමාල් සමත්වුවත් තරගයේ අවසන් වට කිහිපය තුළදී කි‍්‍රයාත්මක වූ ගයාන් අවසන් තත්පර කිහිපයේදී ස්වර්ණමාල්ව පසුකර යමින් ජය ලබාගත්තේය.
ඊ. අර්. දුල්ක්ෂි, විවෘත පාපැදි ඉසව්වේ කාන්තා අංශයේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තාය. ඇයට යම් තරමක තරගයක් ලබාදුන් එල්. ජී. පවිත‍්‍රා සන්දීපනී දෙවැනි ස්ථනයට පත්වූවාය.
දිවයිනේ සිටින ප‍්‍රවීණ පාපැදි ධාවකයින් වෙනුවෙන් පැවති වයස අවුරුදු 40 න් ඉහළ පාපැදි තරගය පහසුවෙන් ජයගැනීමට කැළණියේ පී. යසරත්න පෙරේරා සමත්වූයේ තවමත් ඔහු පාපැදි කී‍්‍රඩාවට තරුණ බව කියාපාමිනි.
ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමය විසින් තාරුණ්‍යට හෙටක් සංවිධානයේ සමග එක්ව සංවිධානය කරනු ලැබූ මෙම පාපැදි තරග මාලාව තිස්සමහාරාමයේ කාල්ටන් ධාවන පථයේදී පැවැත්විණ.
තරග ප‍්‍රතිඵල
විවෘත පිරිමි තරගය
1. ගයාන් ජානක විජේසිංහ
2. ඞී. පී. සී. ආර්. ස්වර්ණමාල්
3. මනෝජ් උදයකුමාර
4. රුවන් ජයමාන්න
5. වයි. ඒ. නුවන් දුලාන්ත
6. දිනුක තරංග
7. අමල් සුසන්ත
8. එස්. තුශාන් එරන්ත
9. එස්. ටී. අජිත් නිශාන්ත
10. උශාන් රංග මුනතුංග
විවෘත කාන්තා තරගය
1. ඩබ්. පී. ඊ. අර්. දුල්ක්ෂි
2. එල්. ජී. පවිත‍්‍රා සන්දීපනී
3. ඩබ්. නිමේශා දිල්රුක්ෂි
4. දිනේශා මධුවන්ති
5. එස්. ඉනෝකා කුමාරි සිල්වා
ප‍්‍රවීණ පිරිමි (වයස අවුරුදු 40 ට වැඩි)
1. පී. යසරත්න පෙරේරා (කැළණිය)
2. කේ. ඩබ්. එස්. පී‍්‍රමාල් (ගාල්ල)
3. වී. වික‍්‍රමආරච්චි (කොළඹ)
වයස අවුරුදු 19 න් පහළ පිරිමි
1. නිරන්ත ප‍්‍රනාන්දු (මාරවිල)
2. එච්. එල්. සචින් දුලංජන (ගාල්ල)
3. එච්. ආර්. ජී. ටී. කුසුම්සිරි (කුරුණෑගල)
වයස අවුරුදු 19 න් පහළ කාන්තා
1. ඩබ්. පී. ඉශානි චතුරිකා (දෙඹරවැව ජාතික පාසල)
2. ඒ. පී. අජන්තා ගංගානි (රන්මිණිතැන්න කණිෂ්ඨ විදුහල)
3. ඩබ්. පී. උශානි චතුරිකා (දෙඹරවැව ජාතික පාසල)
වයස අවුරුදු 16 න් පහළ පිරිමි
1. කේ. ජී. ඒ. පුබුදු රත්සර (දෙඹරවැව ජාතික පාසල)
2. එච්. එම්. සදීප ජයරංග (රන්මිණිතැන්න කණිෂ්ඨ විදුහල)
3. එච්. කේ. කැලූම් චාමර (ඔසුවින්න කණිෂ්ඨ විදුහල)
වයස අවුරුදු 16 න් පහළ කාන්තා
1. ඩබ්. බී. සුගන්ති මල්ෂා (දෙඹරවැව ජාතික පාසල)
2. ජේ. කේ. කල්පනී කෞශල්‍යා (වීරහැල විදුහල)
3. ජේ. ඒ. නදීකා දිල්රුක්ෂි (රන්මිණිතැන්න කණිෂ්ඨ විදුහල)
වයස අවුරුදු 13 න් පහළ පිරිමි
1. ඒ. ජී. ශක්ති ආදිත්‍ය (දෙඹරවැව ජාතික පාසල)
2. එම්. රිප්නාස් සුදීන් (තිස්සමහාරාම මහ විදුහල)
3. කේ. පී. ජේ. සුලක්ෂණ ශ‍්‍රී ඒශාන් (හම්බන්තොට ජාතික පාසල)
වයස අවුරුදු 13 න් පහළ කාන්තා
1. කේ. එච්. නෙත්මි මෙවර්ණා (දෙඹරවැව ජාතික පාසල)
2. එල්. පී. හිරුණි නිමේකා (දෙඹරවැව ජනාධිපති විදුහල)
3. එන්. හංසිකා සංදීපනි (මහසෙන්පුර මහ විදුහල)
වයස අවුරුදු 10 න් පහළ පිරිමි
1. කේ. ජී. අධීප උදන්ත (දෙඹරවැව ජනාධිපති විදුහල)
2. ජේ. ඒ. පූර්ණ කවිඳු (දෙඹරවැව ජනාධිපති විදුහල)
3. එස්. චරිඳු ලක්මාල් (රන්මිණිතැන්න කණිෂ්ඨ විදුහල)
වයස අවුරුදු 10 න් පහළ කාන්තා
1. ඩබ්. පී. අශානි රුෂිලා (ගැමුණුපුර කණිශ්ඨ විදුහල)
2. බී. එල්. නිකිණි වයන්ගා (කාවන්තිස්ස මහ විදුහල)
3. ජේ. ජී. බිනුකා ඕවින්දි (දෙඹරවැව ජනාධිපති විදුහල)
ඡයාරූප - ශානුක අරවින්ද
විවෘත පිරිමි තරගයේ අවස්ථාවක්
විවෘත කාන්තා තරගයේ ජයග‍්‍රාහකයින්
විවෘත පිරිමි තරගයේ ජයග‍්‍රාහකයින්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දෙබරවැව ජාතික පාසලේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සයික්ලෝ ක්‍රොස් තරගාවලියේ විශිෂ්ට දස්කම් දක්වති