IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


දෙපාරක්ම සුනඛයා හිමිකරුගේ ගෙදර නවතී :බේරුවල පැමිණිල්ලත් අතේ පත්තු වේ

තම කඩය ගිනි තබා ඇතැයි බේරුවල ව්‍යාපාරිකයකු  පොලීසියට කළ පැමිණිලක් අනුව කළුතර පොලීසියේ සුනඛයෙක් එහි රැගෙන යනු ලැබීය.

අපරාධ රැසක සැකකරුවන් අල්ලා දීමට සමත් වු මේ සුනඛයා දෙවරක්ම ඉව ඔස්සේ  ගියේය.ඒ දෙවාරයේදීම සුනඛයා පැමිණිලිකරුගේ ගෙදරට ගොස් නතර විය.

රජයේ හා එතෙර ආධාර ලබා ගැනීමේ අරමුණින් අයිතිකරුම කඩයට ගිනි තබා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

ගින්න හටගෙන ඇත්තේ ඔහුගේ කඩය පිටුපසිනි .

 

 



අදහස් (0)

දෙපාරක්ම සුනඛයා හිමිකරුගේ ගෙදර නවතී :බේරුවල පැමිණිල්ලත් අතේ පත්තු වේ

සෙනුෂි Wednesday, 25 June 2014 03:04 PM

කඩේට නෙමෙයි තමන්ට ගිනි තියාගත්තා නම් තමයි හොඳ. මේ වගේ අය නිසා තමයි අපේ රටට මෙහෙම වෙන්නේ (නි)

:       0       0

චාරි Wednesday, 25 June 2014 07:52 PM

පොලිස් සුනඛයින්ටත් ජාතිවාදීන් කියා බනියිද දන්නේ නැහැ. (නදී)

:       0       0

පියල් Wednesday, 25 June 2014 03:21 PM

බල්ලන්ට මේ තරම් ඉවක් කොහෙන්ද ආවේ (දී)

:       0       0

පුෂ්පා Wednesday, 25 June 2014 03:59 PM

මම නම් හිතන්නේ නැහැ කඩේ අයිති කාරයාගේ ගෙදරට පොලිස් බල්ලා යාම එතරම් ප්‍රබල සාක්ෂියක් කියල. (දී)

:       0       0

ඒ. සාලි Thursday, 26 June 2014 11:06 AM

යන්න ඔ්නැ බලන්න ඒ් පැත්තට. (ස)

:       0       0

ප්‍රනීත් Wednesday, 25 June 2014 10:52 AM

සාමය කඩ කිරීමට තැත් කිරීම යටතේ නඩු දාන්න ඕනේ. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 25 June 2014 10:58 AM

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උදවිය නැති තැනක් නැහැ. බොරු පැමිණිල්ලක් නම් උසාවි ගෙන යා යුතුයි. (නදී)

:       0       0

අනුර ලියනගේ Wednesday, 25 June 2014 11:06 AM

ඕක තමයි අන්තවාදයේ හැටි (නදී)

:       0       0

ධම්ම Wednesday, 25 June 2014 11:14 AM

ජාතික සමගියෙන් මෙයාලට වැඩක් නැහැ. හිතන්නේ බඩ ගෝස්තරේ ගැන විතරයි. (ස)

:       0       0

අපොන්සු Wednesday, 25 June 2014 04:39 PM

කඩේ අයිති කාරය කඩේට යන්නේ නැතිව වෙන කොහේ යන්නද?එ් නිසා වෙන්න බැරිද බල්ල කඩේ අයිති කාරය ලඟට ගියේ? (ස)

:       0       0

ප්‍රියංක Thursday, 26 June 2014 11:46 AM

මොහොමඩ් වගේ කට්ටිය ඉන්නව නම් ජාතික සමගිය නැති කරන්න බෑ කාටවත්. එත් කරුමේ ඒ වගේ මිනිස්සු අඩු එකයි. (ස)

:       0       0

ඉන්දික Wednesday, 25 June 2014 11:21 AM

ජාතියත් එක්කම පල කලා නම් තමයි හරි. එතකොට මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න පහසුයි. (ස)

:       0       0

බන්දුල Wednesday, 25 June 2014 11:22 AM

දඹුලු ගිහින් තලගොයි මරගෙන එන්න වගේ. (ස)

:       0       0

දීන Wednesday, 25 June 2014 11:39 AM

නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. අනේ වාසේ වනේ වාසේ කිව්වලු. (ස)

:       0       0

මෝහමෙඩ් Wednesday, 25 June 2014 11:40 AM

මේ වගේ මිනුස්සුන්ට උල තියන්න ඕනෙ. සිංහල, මුස්ලිම් වුණත් රටේ ජාතිවාදය අවුස්සන අයට. (ස)

:       0       0

රංග Wednesday, 25 June 2014 11:49 AM

උපරිම දඩ මුදලක් නියම කළ යුතුයි. (ස)

:       0       0

රසිකා Wednesday, 25 June 2014 05:13 PM

ඔය හෙලිවෙන්නේ ඇත්ත. අර හමුදුවන්ට ගහපු යට මොකද උනේ.. අර බුදු හාමුදුරුවන්ට එළිපිටම අපහස කරපු කෙනාට මොකද උනේ. අරාබියේ එහෙම ඔහොම අපහස කලානම් වෙලහකටත් මරල දල. (දී)

:       0       0

ශබීන් Wednesday, 25 June 2014 12:07 PM

ඔව් ඔය අනික් අයත් එහෙම තමයි , උන් උන්ම ගිනි තියාගන්නවලු, ශෝක් නේද ? (ස)

:       0       0

ඉන්දික Wednesday, 25 June 2014 12:07 PM

අවස්ථාවදියෝ මේ වෙලාවේ තමන්ගේ අරමුණු ඉටුකරගන්න මේ වගේ දේවල් කරනවා. පානදුරේ නොලිමිට් එකේ ගින්න වගේම වටරැක හාමුදුරුවන්ගේ සිද්ධිත් ඒ වගේමයි. (ස)

:       0       0

ද සොයිසා Wednesday, 25 June 2014 12:08 PM

දැන් පේනවනේ හරි වැරැද්ද. (නදී)

:       0       0

රොශාන් Wednesday, 25 June 2014 12:11 PM

අර "අත" පෙන්නගෙන ඉන්න කට්ටිය මොකද මේ ගැන කියන්නෙ. සුනඛය ජාතිවාදී වැඩක්වත් කලාද. (නදී)

:       0       0

හේමන්ත Friday, 27 June 2014 01:40 PM

මේකට විශාල ජ්‍යාත්‍යන්තර ප්‍රචාරයක් දිය යුතුය (අ)

:       0       0

රසික කටාර් Saturday, 28 June 2014 07:33 AM

මෙහි ලස්සන කොමන්ට්ස් තබා ඇති සියලුම සිංහල සහෝදර සහෝදරියන්ට සහ අනෙකුත් අයට මගේ අවංක ස්තුතිය ප්‍රකාශ කරනවා. කුමන ජාතියක් උනත් රට ප්‍රපාතයට ඇදල දැමීමට ක්‍රියා කරනුන්ව නීතිය හමුවට ගෙනත් උපරිම දඬුවම දෙන්න ඕනා නැවත නොකරන්න. (නදී)

:       0       0

ටිරෝන් Wednesday, 25 June 2014 12:20 PM

ඔය එන්නේ ටික ටික එලියට. (ස)

:       0       0

අරුමුගම් Wednesday, 25 June 2014 12:21 PM

දෙයියෝ සහ කල මිනිහ තමයි සත්‍ය දන්නේ, කව්රුත් සිතුවද අයිතිකරු කඩේ ගිනි ගත් පසු කි වතාවක් කඩේ වෙත ගියාද ?, ඒ ඉව ඔස්සේ සුනකයා ඔහු වෙත ගියාද , එ්කයි සත්‍යය. කර්මය අපරාධකරු පසුපස හබා එවි. (ස)

:       0       0

සරත් රණසිංහ Wednesday, 25 June 2014 12:22 PM

අනිත් කඩ වලටත් සුනකයන් යවන්න (නදී)

:       0       0

ප්‍රියංක Wednesday, 25 June 2014 12:29 PM

දැන් මොනවා එලි උනත් වැඩක් නෑ. ජාත්‍යන්තරේට යන්න ඕන දේවල් ඔක්කොම ගිහින් ඉවරයි. බෞද්ධයෝ මිනී මරල ගිනි තිබ්බ කියලයි ජාත්‍යන්තරේට ගියේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 25 June 2014 05:52 PM

කල දුටු කල වල ඉහ ගන්න මේ වගේ සුනකයන්ගේ සුවඳ පොලිස් බල්ලට හන්දටම දැනිල වගෙයි ! (අ)

:       0       0

ශීලා Wednesday, 25 June 2014 12:37 PM

වාසියක් වෙනවා නම් ජාතිබේද බලන්නේ කවුද බොලව්. මුහුදෙන් හත්ගව්වක් ඈත හිටපු මිනිස්සු සුනාමි ආදාර පාරක් ගන්ට මුහුද අයිනේ කුඩාරන් අටවන් අවුරුදු ගණන් හිටිය මතකද?  ඕක එක ජාතියකට අයත් දෙයක් නොවේ. අවස්තාවාදයේ ස්වභාවය තමා (නදී)

:       0       0

මහනාම Wednesday, 25 June 2014 12:39 PM

බොහොම හරි මොහොමඩ් බොහොම හරි , සිංහල , දෙමළ, බර්ගර් , බෞද්ද , කතෝලික , ඉස්ලාම් නොවේ කවුරු උනත් ජාති වාදය හා අන්තවාදය වපුරන අයට නිතිය තදින් ක්‍රියා කල යුතුයි. පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් අලුතින් නීති හදලා හරි දඩුවම් කල යුතුයි. දැන් සිංහල ප්‍රස්තා පිරුලකුත් එ්වි විජිත හාමුදුරුවෝ කර ගත්ත වගේ කියලා. (නදී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 25 June 2014 12:52 PM

මේ දවස් වල වෙන බොහොමයක් සිද්දි තමන් තමාටම කරගත්ත ඒවා. (නදී)

:       0       0

ගයාන් Wednesday, 25 June 2014 06:09 PM

හොඳ වැඩේ කඩෙත් නැහැ. වන්දිත් නැහැ (දී)

:       0       0

ඉම්රාන් Wednesday, 25 June 2014 12:54 PM

මෝහමෙඩ් ඔබ හරි. මට නම් හුගක් ඉන්නේ සිංහල යාළුවෝ. ඒ අය ජාතිවාදයට අකමැතියි.(නදී)

:       0       0

නෙත් Thursday, 26 June 2014 03:30 AM

ඉම්රාන් මම ඔබ කතාව පිලිගන්මි මගේ යාලුවොත් මුස්ලිම් අපි එක වගේ ඉන්නවා (අ)

:       0       0

චින්තන Wednesday, 25 June 2014 01:02 PM

ගෙදර ඉන්නෙත් සුනකයෙක් වගේ පෙනෙන්නේ (නදී)

:       0       0

ගමගේ Wednesday, 25 June 2014 01:25 PM

සුනඛයා අවංකයි. (නි)

:       0       0

මාලා Wednesday, 25 June 2014 01:30 PM

මදැයි කරගත්ත දේ? (නි)

:       0       0

විපුල Wednesday, 25 June 2014 01:47 PM

ජාතිය මොනවා වුණත් මේ රටේ එක නීතියක් ක්‍රියාත්මක වියයුතුයි. විනයගරුක සමාජයක් ගොඩනැඟිය යුතුයි. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 25 June 2014 01:54 PM

කවුරු වුණත් කමක් නැහැ. බොර දියේ මාළු බාන අයට උපරිම දඩුවම් දිය යුතුයි. එතකොට අනිත් අයත් පාඩමක් ඉගෙනගනීවි (නි)

:       0       0

සමන්ති Wednesday, 25 June 2014 06:33 PM

බල්ලා ගියේ ඇයි? (නදී)

:       0       0

රොෂාන් Wednesday, 25 June 2014 02:09 PM

මීට පෙර මා විසින් මෙය සටහන් කලෙමි. බොහෝ මුස්ලිම් අයගේ කඩය ගිනි ගන්නා විට ගින්න නිවීමටවත් උනන්දු නොවි බලා සිටින්නේ රක්‍ෂණ වන්දි ගැනීමේ අදහසින් නොවේද? (ස)

:       0       0

ලක්ෂපාන Wednesday, 25 June 2014 06:35 PM

මොහොමඩ් වාගේ හැම ජාතියකම මිනිස්සු හිතනවානම් අපිට කවදාවත් මේ විදිහේ ප්‍රශ්ණ අහන්න දකින්න නැතිවෙයි. මේ ප්‍රශ්නය තමන්ගේ වාසියට හරවාගත් අය තව ගොඩාක් ඇති.(අ)

:       0       0

දිනු Wednesday, 25 June 2014 06:38 PM

පොලිස් බල්ලෝ අවට ගියාට එහෙම හැසිරෙන්නේ නැ මිනිස්සුන්ට වඩා මොලයක් උන්ට තියෙනවා (දී)

:       0       0

ගලගෙදර Wednesday, 25 June 2014 06:41 PM

අයියෝ අපොන්සු..මෙතන මෙලොරහක් නැති ඒවා ලියන කියන සරල විදිහට නොවේ .පොලිසිය යමක් ප්‍රකාස කරන්නේ යම් හේතු සාදක ස්ථීරවම තහවුරු කරගෙනයි.(දී)

:       0       0

රොෂාන් Wednesday, 25 June 2014 02:19 PM

ඔන්න පේනවා නේද කරන වැඩ? (නි)

:       0       0

සාරස Wednesday, 25 June 2014 06:51 PM

අලුත්ගම කලබලේ වසන් කළැයි මාධ්‍යයට දොස් - ලිපියට කිසිම අදහසක් නැති අය මේවට නම් හෝ ගාල අදහස් පල කරනවා. හැගීම් පැත්තකින් තියල අපි ඇත්ත කතා කරමු. (නදී)

:       0       0

විරු Wednesday, 25 June 2014 02:27 PM

එක සිදුවීමක් නෙමේ මෙතන තියෙන්නේ. මිනිස්සු මේක වටහ ගන්න ඕනේ .. රටට ලොකු අනතුරක් වෙයි නිකම් හිටියොත්. වාද පිටිය 10/06/2014 වැඩ සටහන බලන්න රාවනා බලය හොඳ යෝජනා වගයක් කරනවා. රටේ වෙන දේ පැහැදිලි කරනවා. (ස)

:       0       0

ක්‍රිශාන්ත Wednesday, 25 June 2014 02:41 PM

දැන්වත් සිංහලයා තේරුම් ගන්න. (ස)

:       0       0

වසන්ත Wednesday, 25 June 2014 02:44 PM

හොර වැඩක් කළාට අහුනොවෙන්න කරන්න බැරිවෙලා වගෙයි (නි)

:       0       0

අපොන්සු Thursday, 26 June 2014 02:56 PM

ගලගෙදර 2014-06-25 18:41:02, ලංකාවේ පොලිසිය ගැනද කිව්වෙව්? (දී)

:       0       0

කුමාර Saturday, 28 June 2014 12:54 PM

බල්ලොත් එක්ක බැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site