IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙපයින් නැගිටින්න බැරි නම් අයි.එම්.එෆ් උදව් නෑ

(අංජුල මහික වීරරත්න)

වැඩවර්ජන කරන්නේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ණය ගිවිසුම අත්සන් කිරීම කඩාකප්පල් කිරීමට බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

පවතින ආර්ථික අර්බුද  තත්වය ඉබේ පහල වුවක් නොවන බවත් එය  නිර්මාණය කළ එකක් බවත් කී රත්නප්‍රිය මහත දුර්වල ආර්ථික  තත්වය කළමනාකරණය කරගෙන ආර්ථිකය යහපත් අතට හැරවීමට උපකාර කිරීම ලාංකික ජාතියේ  යුතුකමක් බව කීය.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රත්නප්‍රිය මහතා :-

“අපිට කවුරුත් සල්ලි දෙන්නෙ නෑ. මේ අර්බුදය අපිම කළමනාකරණය කරගන්න ඕනෑ. අපි දෙපයින් නැගිටින්න සූදානම් නම් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝකයේ දියුණු රටවල්  අත දෙන්න සූදානමින් ඉන්නවා. නමුත් ඒ සදහා අපේ සූදානම පෙන්වන්න ඕනෑ. අපි දෙපයින් නැගී සිටින්න සූදානම් නැතිනම් ඔවුන් අපිට උදව් කරන්නෙ නෑ යනුවෙන් ද කීය.



අදහස් (13)

දෙපයින් නැගිටින්න බැරි නම් අයි.එම්.එෆ් උදව් නෑ

චන්දිම ෆොන්සේකා Monday, 13 March 2023 06:55 PM

දවසක්ද දෙකක්ද කොහේද ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් ඩියුටි ෆ්‍රී කාර් එකක් එහෙම අරගෙන නේද මේ අපිට අවවාද දෙන්න ඇවිත් තියෙන්නේ...? තැනට හරියන ඇනේ ගහන්න පුළුවන් මරු මොලයක්නේ අම්මපා ඔයාට තියෙන්නේ. හරිම අවංක යහපත් මනුස්සයෙන් නේද ඔයා...? ඔයා යන්නකෝ අයි එම් එෆ් එකේ ජොබ් එකක් කරන්න. ඔයාවගේ මොළ කාරයෙක්ව ටක් ගාලා බඳවා ගනීවි.

:       3       60

Gayan Monday, 13 March 2023 06:57 PM

අනේ නර්ස් ඔයා දන්න ආර්ථිකේ... දවස් 6ට පාර්ලිමේන්තු ඇවිත් බදුනැතුව වාහන බලපත්‍රයක් ගත්තාම රට කඩන් වැටෙනවා කියලා මේ නර්ස්ට තේරෙන්නේ නැති හැටි...

:       4       59

BamunuarachchiTuesday, 14 March 2023 07:10 AM

හලෝ ගොන් පාට් දමන්න එපා .ඒ මිනිහා කියලා තිබෙන දේ හරිද වැරදිද කියනවා. ජෙප්පෝ නේද 1971 කාල් කිව්වේ දනින් වැටී ජීවත් වෙනවාට වැඩ හිටගෙන මැරෙන එක හොඳයි කියලා. 1989 ජෙප්පෝ කලේ හිටගන්න ගිය අපේ කකුල් කැඩුවා. අන්තිමට උන් බෙලි නැතිකර ගත්තා.

:       4       1

chandima Monday, 13 March 2023 07:40 PM

දෙපයින් නැගී සිටින්න පුළුවන් නම්, ආයෙත් අයි.එම්.එෆ්. ණය මොකටද? ණය අරන් අපට ගෙවන්න කියලා, යන්න කළින් කුට්ටියක් ගසාකාලා යන්නද?

:       4       45

තුෂාර Monday, 13 March 2023 08:18 PM

ලංකාවට ගිය කලක්... අන්තිමට පිරිමි මිසීගෙනුත් ආර්ථික විද්‍යාව ඉගෙනගන්න වුණානේ..

:       3       53

chandanaTuesday, 14 March 2023 11:38 AM

හරි දෙය ඉගෙනගන්න හරි අවබෝධ වෙන්න හරි උපදෙස් කාගෙන් උනත් කමක් නැහැ .මිනිස්සුන්ට අවබෝධ වෙන්න ඇති ඒකයි ගැටලුව

:       2       0

Cisco Monday, 13 March 2023 08:18 PM

මෙයා නම් දෙපයින් හිටගත්තු දවස් දෙකේ මන්ත්‍රීකමෙන්... ඔය වෘත්තිය සමිතියත් රට මේ තත්වයට පත් කරන්න උදව්කළා...

:       1       49

Binara Monday, 13 March 2023 08:43 PM

තමුන් උද්ඝෝශන, වර්ජන කරනකොට මිනිස්සුන්ට දැනෙන වේදනාව දැන් උඹටත් තේරෙනවද.? තේරෙනවද යකෝ..

:       0       1

බද්රානි Monday, 13 March 2023 08:54 PM

පන අදින ආර්ථිකේ සේලයින් එකක් දීලා ගොඩ ගන්න පුළුවන් කියලා මේ නර්ස් නෝනා මහත්තය හිතන එකේ වැරැද්දක් මට නම් පේන්නේ නැහැ. ඒ අස්සේ රුපියල ශක්තිමත් නිසා, ඇමරිකන් කාරයෝ අපේ ඉස්පිරිතාල වලට වැඩට එන්න වීසා ඉල්ලලා පොරකනවලු...ඇමරිකන් රජය එහෙ ඩොලරය ශක්තිමත් කරන්න උපදෙස් ගන්න කියලා මෙහෙ "නර්ස් ආර්ථික ඔස්තාර්" මහත්තයව ඉල්ලලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ජා පවත්වනවාලු... අනේ මන්දා මේවා කොහෙන් කෙරවල වෙයිද කියලා මට නම් හිතා ගන්න බැහැ?

:       0       2

ranjith Monday, 13 March 2023 08:55 PM

මේ වගේ දව දෙකේ අවස්ථාවාදීන් වෘර්තිය සමිති මුවාවෙන් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය ගොඩ දාගන්න තමා ඔට්ටුවෙන්නේ

:       0       1

ඉන්දික Monday, 13 March 2023 09:21 PM

රනිල්ට ඉන්න උගත් බුද්දිමත් පිරිමි නර්ස්. රට හදන්න උපදෙස් දෙනවා. අනේ කාලේ වනේ වාසේ කියලා කියන්නේ ඕවට තමයි

:       0       1

Bamunuarachchi Tuesday, 14 March 2023 07:05 AM

දෙපයින් හිටගන්න ගිය අපේ කකුල් කඩුවේ පාහර ජෙප්පෝ. කිහිලි කරුවහේ අපිට නැගිටින්න උදව්කල විදෙස් ආයෝජකයෝ, කර්මාන්ත කරුවෝ, ව්‍යාපාරිකයෝ රටින් පන්න දැමුවේ මේ පාහර ජෙප්පෝ. මෙය පලකලොත් ඉතුරු ටික කියන්නම්

:       2       1

C.K.Lankaputhra. Tuesday, 14 March 2023 07:26 AM

පන යනකන් වැඩ වර්ජන කරවපු මිනිහා ඇමති කමක් හම්බුනාම කියන කතාව, නොදකින් විතරක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site