සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිගට යන ගෘහසේවිකාවන් මරා දැමීම්, ඇණ ගැසීම්, පහරදීම් ඇතුළු වද හිංසාවලින් බේරා ගැනීමට ඇති එකම මඟ ඔවුන් සඳහා ශ්‍රී ලංකාවේ රස්සා සපයා දී ඔවුන්ගේ දුප්පත්කමට පිළියම් යෙදීම යැයි සෞදි අරාබියේදී හිස ගැසුම් කා මරා දැමූ රිසානා නෆීගේ මව සෙයියදු අහමදු ෆරීනා නෆීක් මහත්මිය කියන්නීය.
මෙවැනි දුපත්පත් කාන්තාවන්ට පිහිටවිය හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ ජනපති බව ද ඇය පවසන්නීය.
සිය දරුවන් සමග කෙළිදෙලෙන් පසුවූ රිසානා ළමා වියේදීම සෞදියේ මෙහෙකාර කමට ගියේ නංගිලා දෙදෙනට සහ එකම සහෝදරයාට නිසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා මුදල් සෙවීමට බව ද ඇය ප්‍රකාශ කළාය.
අග ගිඟකම් පියවා ගැනීමට ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල්වලට අද ඇති එකම විසැඳුම විදේශ මෙහෙකාර කමට යෑම පමණක් බව කියූ අහමදු ෆරීනා මෙවැනි ඛේදවාචක ඉදිරියේදී සිසු නොවන්නට නම් දිළිඳු පවුල්වල ආර්ථික ශක්තිය නගා සිටුවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ද මහින්ද රාජපක්ෂ ජනපති ඊට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි සිතන බව ද ඇය කීවාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දුප්පත්කමට ජනපතිගෙන් බේත් ඉල්ලයි
චන්දිම Monday, 21 January 2013 07:38 PM
ෆරීනා නෆීක් මහත්මිය කියන කතාව නිවැරදියි. එහෙත් ජනපතිට ඒ ඉලක්කය කරා යාමට වුවමනා කරන දක්ෂ අවංක දේශපාලකයන් හා නිළධාරීන් මේ රටේ සිටිනවාද කියන එකයි ගැටලුව. හරියට අර යුද්දෙ ඉවරම කරලා දැම්ම වෙලාවෙ වගේ. මොකද බොහෝ දෙනා දන්නෙ බොරු කරන්න. (නි)
අනුර Monday, 21 January 2013 01:14 PM
ජනපතිතුමා හොද කෙනෙක්. මේ ගැන එතුමා සළකා බලාවි. (නි)
සිල්වා Monday, 21 January 2013 01:20 PM
ජනපතිතුමා නිසි පිළියමක් යොදාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. (නි)
ජනක Monday, 21 January 2013 01:21 PM
ඇත්ත. සංවර්ධනය නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් දිළිදුකම තුරන් වෙනවා. (නි)
කුමාර Monday, 21 January 2013 01:24 PM
අම්මේ, ඔබ 100%ක්ම නිවැරදියි. (නි)
ශාන්ත Monday, 21 January 2013 08:41 PM
රත්න කියන දේ හරියටම හරි. මොකද අම්මා නොගියේ? (නි)
පාලිත සෙනවිරත්න Monday, 21 January 2013 01:22 PM
ශරියා නීතිය අනුව දරුවාව අවුරුදු දෙකක් තම මව බලාගත යුතුලු? ඉතින් එසේ බලානොගැනීමෙන් තමන් කරන ලද වරදට මියගිය ලදරුවාගේ මවට කිසියම් දඬුවමක් නැද්ද? රිසානට විතරද දඬුවම? මේකත් හොයලා බලන්න අවශ්‍යයි. නීතියේ ක්‍රියාත්මක කරවීමේ නිරුවත ලොවට පෙන්විය යුතුයි. (නි)
නිසාම් Monday, 21 January 2013 01:28 PM
ජනපතිතුමනි මේ අම්මාට පිහිට වෙන්න (ස)
නිමල් Monday, 21 January 2013 01:32 PM
ඔවමු, අපි අපේ කාන්තාවන් මැද පෙරදිග මෙහෙකාර සේවය සදහා නොයැවිය යුතුයි. (නි)
පාලිත Monday, 21 January 2013 01:34 PM
බලමුකෝ ඔය ඉල්ලීම් ඉටුවෙන දවස කවදද කියලා (ස)
සංජීව Monday, 21 January 2013 01:34 PM
ඒත් කිසිම ප්‍රාග් ධන වියදමක් නැතුව සල්ලි හොයන වෙන ක්‍රමයක් ලංකාවේ නැහැ. (නි)
ෂර්මිලා Monday, 21 January 2013 01:34 PM
ජනාධිපති තුමනි මෙයට එකඟ වේයැයි සිතමි (ස)
සරත් Monday, 21 January 2013 09:00 PM
ජනාධිපති තුමාට ජයවේවා (දී)
පෙරේරා Monday, 21 January 2013 09:05 PM
මෙම ප්‍රශ්නය සාක් රටවල් සමගින් සාකච්ඡා කළහොත් හොද නිගමනයකට යාහැක. (නි)
රුවන් Monday, 21 January 2013 01:43 PM
මව නිවැරදියි. (නි)
උදය Monday, 21 January 2013 01:44 PM
නීතිය නිරුවත් විය යුතු නැහැ. (නි)
අසේල Monday, 21 January 2013 09:16 PM
ජනපතිතුමා මේ ගැන බලන බව මට විශ්වාසයි. (නි)
මොහොමඩ් Monday, 21 January 2013 01:50 PM
රිසානාව බේරාගන්න අපේ ජනාධිපතිතුමා ගත් උත්සාහය අපිට නම් අමතක නැහැ. (නි)
මුතුකුඩ Monday, 21 January 2013 09:32 PM
කවුරු කොහොම පැවසුවත් විදේශගතවන කාන්තාවන් සහ විදේශගතවු කාන්තාවන් තමයි මෙයට නිසි පිළියමක් යෙදිය යුත්තේ. යනවාද? නොයනවාද? යන්න. මන්ද මෙයට ජනාධිපති හෝ රජය කුමක් පැවසුවත් ජනතාවගේ වැඩි කැමැත්තට තමයි සියල්ල සිදුවන්නේ. (නි)
රිස්වාන් - සෞදි අරාබිය. Monday, 21 January 2013 01:58 PM
මිනිස් ජීවිතයක් නැතිවෙන තරමට යමක් වුණාට පසුත් තීරණයක් ගැනීම අනිවාර්ය වගකීමක් වී තිබෙනවා. ගැහැනුන් මැදපෙරදිග රැකියාවට යැවීම සම්පුර්ණයෙන්ම අහුරා නැවත වෙනත් ආදායම් මාර්ගයක් සකස් කරයි කියා බලාපොරොතු වෙමි. (නි)
රත්න Monday, 21 January 2013 01:59 PM
1-රිසානාගේ මවත්, පියාත් මෙයට වගකිවයුතුයි. එවකට අවු.34 ක මවක් වෙලා ඇය නොගිහින් ඇයි අවු.17 ගැහැනු ළමයාව යැවුවේ? දැනගෙන වංචාවක් කරලා දැන් විලාප දෙනවා. 2- අනෙක දැන් ප්‍රධාන ආදායම විදේශ රැකියා. එන ඩොලර් ගැන හිතනවා මිසක් රැකියා නියුක්තිකයින්ගේ රැකවරණය ගැන කවදාවත් බැලුවේවත්, මතුවටත් බලනේවත් නැහැ. මෙහෙන් යනවිට පාස්පෝට් එකේ අර මුද්දරේ ගහලාද බලනවා, එච්චරයි. ඒ රටවල ඉන්න තානාපති, අනෙක් නිලධාරින් අපේ ශ්‍රමිකයින්ව එහෙදිත් හූරගෙන කනවා. (නි)
වරුණ Monday, 21 January 2013 02:03 PM
මම නම් හිතන්නෙ නැහැ ගෘහ සේවිකාවන් යවන එක නවත්වයි කියලා. (නි)
ගාමිණි Monday, 21 January 2013 09:55 PM
දුප්පතුන් නැතිකර පොහොසතුන් බිහිකිරීම ජන නායකයෙකුගේ යුතුකමක් වේ. (නි)
අචිනි Monday, 21 January 2013 02:05 PM
යැවුවට කමක් නැහැ. හැබැයි නිසි දැනුමක් ලබා දී වගකීමක් ඇතුව යැවිය යුතුයි. (නි)
වසීම් Monday, 21 January 2013 02:10 PM
ජනපතිතුමා වැනි නායකයෙක් ලංකාවට ලැබීමම භාග්‍යයක්. (නි)
ගාමිණි Monday, 21 January 2013 10:16 PM
අරාබියේ විතරද කරදර වෙන්නේ? ඇයි යුරෝපයේ වෙනත් රටවල්? (නි)
මහින්ද Monday, 21 January 2013 02:31 PM
ඒක හොඳ කතාවක් (ස)
මොහමඩ් Monday, 21 January 2013 02:34 PM
කාන්තාවන් රට යවන්නේ නැතිව රටට සල්ලි හොයන්න බැරිද, නොදන්නා කමට ඇහුවේ (දී)
සෑම් Monday, 21 January 2013 10:56 PM
ලංකාවේ අපරාධ රැල්ල අඩුකළොත් ආයෝජකයන් පැමිණේවි. නැත්නම් ඉන්න අයත් යාවි. (නි)
සමන් Monday, 21 January 2013 02:46 PM
මොනවා වුණත් අපේ ආර්ථිකය ගැනත් අපි හිතන්න ඕනෑ. (නි)
ලලිත් - කටාර් Monday, 21 January 2013 02:46 PM
අපි බලමු ජනපතිතුමාගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා. (නි)
සිරිසේන Monday, 21 January 2013 11:15 PM
අර පුංචි ළමයි දෙන්නා දාලා කොහොම යන්නද ඒ අම්මා? මම නම් හිතන්නේ කාන්තාවන් රට යැවීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. (නි)
සිල්වා Monday, 21 January 2013 02:54 PM
" මෙවැනි දුපත්පත් කාන්තාවන්ට පිහිටවිය හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ ජනපති බව ද ඇය පවසන්නීය." කතාව ඇත්ත (දී)
කුරුවිට Monday, 21 January 2013 03:13 PM
දුප්පත් කමට බෙහෙත් නැත (ස)
දිසා Tuesday, 22 January 2013 12:15 AM
ඔබට සුදුසු පිළිතුරක් ලැබෙයි. ඉවසා බලාසිටින්න. (නි)
කණිෂ්ක Monday, 21 January 2013 03:18 PM
මට හිතෙන විදිහට, අප කලයුත්තේ ෂරිය නීතියට පහර දීම හෝ කාන්තාවන් රට යැවීම නැවැත්වීම නොව, දුප්පත් කම තුරන් කිරීමයි. තවද සැමට සම අධ්‍යාපන අවස්ථාවන් ද අප විසින් ලබා දිය යුතුය. (ස)
නිරාන් Monday, 21 January 2013 03:25 PM
මේ අම්මට තේරෙන දේ අනිත් අයට තේරෙන්නේ නෑ. (ත)
ගාමිණි Tuesday, 22 January 2013 01:35 AM
රිසානාගේ අම්මේ, ඔයත් ඡන්දය ඉල්ලන්න. දැන් ඒක තමයි එකම ප්‍රතිකර්මය. (නි)
නිශාන්ත Monday, 21 January 2013 03:36 PM
අපේ කාන්තාවන් මැදපෙරදික වහල් සේවය කරන තුරු අපිට ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය හැකිද ? (ස)
කුමාර Monday, 21 January 2013 03:39 PM
අවසානේ ඔබතුමාගේ පිහිට තමටි (දී)
සිරිමල් Friday, 25 January 2013 05:59 PM
අනේ ඔව් ජනපති තුමනි, මේකට විසදුමක් දෙන්න (දී)
අසංක -කොරියා Monday, 21 January 2013 03:42 PM
දිළිඳු පවුල්වල ආර්ථික ශක්තිය නගා සිටුවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ද මහින්ද රාජපක්ෂ ජනපති ඊට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි සිතන බව මෙම අම්මා පවසයි . ජනාධිපති තුමනි මෙයට එකඟ වේයැයි සිතමි . ලංකාවම ඒ දෙස බලා සිටියි ..(ත)
නිමල් Tuesday, 22 January 2013 04:15 AM
අන්තිමට කොහේ ගියත් අවසානයේ ජනපති තුමා තමයි පිහිට වන්නේ (දී)
සමන් Saturday, 26 January 2013 07:46 PM
විසදුමක් ඉක්මණින් ලැබුණොත් කොච්චර හොදද? (නි)
දෝහා Monday, 21 January 2013 04:10 PM
අත්‍යවශ්‍ය ආහාරපාන වල මිළ අඩුකරන්න පුලුවන් නම් දුප්පත්කම නැතිකරන්න එච්චර අමාරු නැහැ. (නි)
ඉසුරන්දි Monday, 21 January 2013 04:13 PM
අද දරාගන්න බැරි ජීවන වියදමක් රටේ පවතින්නේ. ඒවට සහන සලාසා දෙනවනම් දුප්පත්කම නැති කිරීම කෙසේ වෙතත් මිනිස්සු කාලා බීලා සතුටින් ජීවත් වේවි (ස)
රමිත Monday, 21 January 2013 04:17 PM
ජපති තුමනි අපිට පිහිට වෙන්න (දී)
C.J.රත්නායක Monday, 21 January 2013 05:06 PM
මැද පෙරදිග ශ්‍රී ලංකකික සංක්‍රමිනික කාන්තාවන්ගේ රටට ලැබෙන ආර්ථික ප්‍රතිලාබය ඩොලර් බිලියන ගණනාවක් බව තර්කයක් නොමැත.නමුත් විදේශ රටකදී කාන්තාවට මුහුණ දීමට සිදුවන සිදුවීම් හා එම නිසා කාන්තාව අසරණ වන අකාරය දුටු විට ආර්ථිකය කුමක් වුවත් ගෘහසේවයට කාන්තාව විදේශ ගත කිරීම සපුරාම තහනම් කිරීම රටේ අනාගතයට ඇති ඉහලම ආයෝජනයක් බව ඉතා අවදාරණයෙන් ප්‍රකාශ කලහැකිය.පවුල් ඒකකය විසිරියම , ළමුන් අයලේයාම , සුවාමි පුරුෂයන් සමාජ විරෝධී ක්‍රියාවන් වලට පෙළබිම,විදේශ ගතවන කාන්තාව විදේශ රටවලදී ජිවත් වන උප සංස්කෘතිය ට හැඩගැසීම නිසා ඔවුන්ට නැවත තම පවුල් වලට සම්බන්ද වීමට නොහැකි තරමට මානසිකත්වය වෙනස් වීම ආදී තවත් නොයෙකුත් අර්බුද වලට මේ වනවිට ලක්ෂ ගණනක් වූ කාන්තාවන් ලක්වී තිබේ. (අ)
තිලක් Tuesday, 22 January 2013 09:23 AM
දුප්පතුන් නැතිකර පොහොසතුන් බිහිකිරීම ජන නායකයෙකුගේ යුතුකමක් වේ (ස)
නිත්‍යා Tuesday, 22 January 2013 09:40 AM
ඉල්ලුවට බෙහෙත් ලැබේවිද ??(ස)
රුවන් Monday, 21 January 2013 06:25 PM
කතාව ඇත්ත. ලංකාවට දැන් රැකියා වැඩි වැඩියෙන් ලබා දීම කළ යුතුයි. විදේශගත වීම අඩු කළ යුතුයි. මන්ද විදේශ රැකියා වලට යාම තුළුන් දේශීය වැසියන්ට දුක් ගැහැට වලට මුහුණ පෑමට සිදුවන නිසාවෙනි. දේශීය වශයෙන් රැකියා ලබා දී ශක්තිමත් අපනයන ප්‍රතිපත්තියකට යාම තුළින් අපට විදේශ විනිමය උපාය ගත හැකිය. නමුත් වත්මන් රජයේ එවැනි දේ වලට අවධානය යොමු කිරීම මන්දගාමීව පවතී. (නි)
අශෝක් Tuesday, 22 January 2013 09:58 AM
අපේ සහෝදර සහෝදරියෝ දුක්විදලා එවන සල්ලි වලින් තමයි ගොඩක් ලොකු ලොකු ඇත්තෝ ඵලක් නැති සෝබන දේවල් කරන්නේ. (නි)
නීලා Tuesday, 22 January 2013 10:05 AM
අපිත් වෙනත් රටවල කරනවා වගේ පුහුණු ශ්‍රමිකයින් පමණක් රැකියා සදහා යවමු. (නි)
ශේන් Tuesday, 05 February 2013 03:45 PM
ලංකාවේ දුප්පත් මිනිස්සු රට යවලා ඒ මිනිස්සු එවන සල්ලි වලින් ලොකු ලොක්කෝ කාර් රේස් පාටි දාන එකනේ කරන්නේ. (නි)
ජසීම් Monday, 21 January 2013 07:21 PM
ප්‍රමාද නොවී වැඩේට බහිමු. (නි)
අජිත් Tuesday, 22 January 2013 10:46 AM
දුප්පත් කමට බෙහෙත් දෙන්න එයාට බෑ වගේ .....(ස)