නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි සර්පයකු දැක කලබලයට පත් පිරිස් එම ‘අමුතු සතා‘ අල්ලා රෝහලට ද රැගෙන ගියහ. මේ සතා හඳුනා ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය.
ඔවුන් අල්ලාගෙන ඇත්තේ කිසිම විසක් නැති ඉතාම අහිංසක උරගයකු බව කිසිවෙක් නොදත්හ.
ශ්‍රී ලංකාවට ආවේණික දෙපත් නයා සිලින්ඩ්රොපිඩේ මැකිලාටස් ලෙස සත්ත්ව විද්යාතත්මකව නම් කැර ඇති අතර ඉංග්‍රීසි භාෂාවෙන් සිලෝනිස් සිලින්ඩර් ස්නේක් ලෙස හැඳින්වේ.
තෙත් කලාපයේ දිරායන පස් සහ කොළ රොඩු අතර ජීවත් වන මෙම සර්ප විශේෂය අඩියක් පමණ දික්ව වැඩෙන අලංකාර සත්ත්වයෙකි. සතුරකු දුටු විට තම හිස සඳවාගෙන වලිගයේ කළෙවර හිස මෙන් ඔසවා ගනියි.
මේ නිසාම දෙපැත්තේම හිසක් ඇති ආකාරයේ පෙනුමක් මෙම සර්පයාට ඇති බැවින් දෙපත් නයා යන නාමය ව්යයවහාරයට පැමිණ ඇත. ගැඩවිලුන් හා පාංශු ජීවීන් ආහාරයට ගන්නා දෙපත් නයා විෂ රහිත ඉතාමත් අහිංසක සර්පයෙකි. කෘමි නාශක භාවිතය හේතුවෙන් මෙම සතුන් විශාල ලෙස වඳවෙමින් යයි.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දෙපත් නයාත් නැතිවන ලකුණු
අජිත් කරුණාරත්න Monday, 21 January 2013 12:36 PM
මෙයා සිලින්ඩර් ස්නේක් වුණත් හැඩය පැතලියිනේ. (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 22 January 2013 11:02 AM
මේ විදිහේ කටයුත්තකදී නයා දැක සාමාන්‍ය මිනිසුන් කලබලයට පත්වීම ස්වාභාවිකය. නයෙකු දුටු විට ඌ කුමන වර්ගයේ සතෙකු දැයි සාමාන්‍ය මිනිසුන් දන්නේ නැති බැවින් මෙලෙස ක්‍රියා කිරීම වටහාගත හැක. බොහෝවිට දෙපත් නයා පිළිබඳව සමාජයේ ව්‍යාප්තව පවතින විවිධ මත වාද නිසා මිනිසුන් බොහෝවිට දෙපත් නයා සංකල්පය පිළිබඳව වටහාගෙන ඉන්නේ වැරදියටය. මේ පිළිබඳව ජන මාධ්‍ය මඟින් මේ අයුරින් හෝ මිනිසුන් දැනුවත් කිරීම ඉතා කාලෝචිත පියවරක් බව පෙන්වා දිය හැකිය. (ස)
බන්දුල Saturday, 26 January 2013 01:19 PM
ඔය ඉන්නේ දියවන්නා ඔය පැත්තේ ඕනෑතරම්. (නි)
උපාලි එම් Sunday, 20 January 2013 11:13 PM
කකුල් දෙකේ දෙපත් නයි නම් වඳවෙන පාටක් නෑ. (ත)
මාලා Wednesday, 23 January 2013 11:46 AM
ඒක බොරු .. කකුල් 2 අය ඉන්නවා..(ස)
සංජි Sunday, 20 January 2013 11:15 PM
http://www.arkive.org/sri-lanka-pipe-snake/cylindrophis-maculatus/ (නි)
චන්ද්‍රා Sunday, 20 January 2013 11:18 PM
පාර්ලිමේන්තුව, රාජ්‍ය සංස්ථා, පොලීසිය... තිබෙන ස්ථාන වල මුන් බහුලව දකින්නට පුලුවන්. මේ ළගදිත් මම අනූනවයෙන් බේරුනේ. කොහොමත් ආසියාවට ආවේණික වුණාට, ලංකාවේ බහුලයි. මට දකින්නත් අප්‍රියයි. (නි)
සේනාධි Monday, 21 January 2013 08:59 PM
වැදගත් ප්‍රවෘත්තියකින් මෝඩ චූණ් ගන්න එපා ලංකාදීප පාඨකයිනි එහි ඇති තොරතුර ඔබේ දැනුමට ගන්න උත්සාහ කරන්න. ඒ තරම්වත් මොලේ නැත්නම් මෝඩ අදහස් නොලියා ඉන්න. වෙබ් වල පත්තරවල මේ වගේ තොරතුරු දාන්නේ මෝඩ් චූන් ගන්න නෙවෙයි. (ස)
ගාමිණි Monday, 21 January 2013 12:08 AM
නයි නටවන්නලාට මේ නයි නටවන්න පුරුදු කළා නම් කොළඹ තරු පහේ හෝටල් වලට ගෙනිහිල්ලා හොද ගාණක් හොයාගන්න පුලුවන්. (නි)
මාරියා Monday, 21 January 2013 02:02 AM
බයවෙන්න දෙයක් නැහැ ??? හැම තැනම ඕන තරම් ඉන්නවා ,,,,,,,,(ස)
ඩේවිඩ් Monday, 21 January 2013 02:08 PM
ලංකාවේ දෙපත් නයි නැහැ? ඔය ඉන්නේ හැමතැනම. (නි)
ප්‍රසන්න Monday, 21 January 2013 02:42 AM
දැන් දෙපත් නයි ඉවරයි. දැන් ඉන්නේ තුන්පත් නයි. (නි)
නිත්‍යා Tuesday, 22 January 2013 12:48 PM
වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක හා සත්ව විශේෂ සංරක්ෂණය සදහා හැමදෙනාම සහය විය යුතුයි (ස)
ලුම්බිණි Monday, 21 January 2013 04:56 AM
දැනුවත් කිරීම ගැන ඉතාම ස්තුතියි (ස)
ලහිරැ Friday, 21 February 2014 05:41 PM
ලංකාවෙ ඉන්න දෙපත් නයිනගෙන් මූ වෙන්නැති අහිංසකම. (ත)
සඳරුවන් Sunday, 20 January 2013 05:00 PM
ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ දෙපත් නයිනේ (ස)
කිවී Monday, 21 January 2013 06:32 AM
කැලෑවලින් තුරන් වුණත් සමාජයෙන් තුරන් වෙන එකක් නෑ දෙපත් නයි (ස)
ප්‍රනාන්දු Saturday, 26 January 2013 04:58 AM
සතා වද වුණත් නම නොදිරන එකෙක්. (නි)
ධම්ම Sunday, 20 January 2013 05:29 PM
එහනම් නපුරු මිනිස්සුන්ට දෙපත් නයා කියන්නේ ඇයි? (ස)
සඳුන් Sunday, 20 January 2013 05:35 PM
තව පින්තූර කිහිපයක් යොදා තිබුණනම් හොඳයි .හරියට අදුරන්නේ නැති නිසා අහිංසක සත්තු ගොඩ දෙනෙක් මැරුම්කනවා නිකරුනේ (ස)
ගාල්ලේ සමන් Monday, 21 January 2013 07:43 AM
ආයතනවල ඔය ඉන්නේ ඇති තරම් දෙපත් නයි.! (ස)
ආනන්ද Monday, 21 January 2013 07:47 AM
ශ්‍රී ලංකාවට ආවේනිකයි නේද? වඳ වෙන එකක් නෑ බය වෙන්න එපා (ස)
අතුල Sunday, 20 January 2013 05:58 PM
කොහෙ නැතිවෙන්නද? මෙහේ ඉන්න තරමක් ඉන්නේ දෙපත් නයිනේ. (ත)
මධු Sunday, 20 January 2013 06:01 PM
මේ දෙපත් නයිව ආරක්ෂා කරන්න ඕන. (ත)
ඩෑම් - ඩෝහා Sunday, 20 January 2013 06:00 PM
පුදුමයි ඌව නොමරා ගෙනිච්ච එක ගැන. (ත)
අජිත් කරුණාරත්න Monday, 21 January 2013 08:27 AM
එහේ කට්ටිය දෙපත් නයි කියලා දැකලා ඇත්තේ කකුල් දෙකේ අයව වෙන්න ඇති. (නි)
අපොන්සු Monday, 21 January 2013 03:50 PM
අපේ අය කරන වැඩ දැකලා දෙපත් නයි මාරු වෙලා ගිහිල්ල වෙන්න ඇති (ස)
සනත් Sunday, 20 January 2013 06:12 PM
අපරාදේ....මේ සතාවත් මරා දමනව ඇති නොදැනුවත්කමින්. (ත)
නිමල් Sunday, 20 January 2013 06:29 PM
අපේ සමහර දේශපාලනඡයෝ වගේ. (ත)
සමින්ද Sunday, 20 January 2013 06:48 PM
මේ සතා අහිංසකයිලු. (නි)
දර්ශන් Sunday, 20 January 2013 06:52 PM
කාබනික පොහොර, ස්වභාවික කෘමිනාශක භාවිතාකරමු ඇයි පමා වෙන්නේ. ?(ස)
ලීල් Sunday, 20 January 2013 06:57 PM
කකුල් දෙකේ දෙපත් නයින්ට නම් ආරක්ෂාව දෙන්න එපා. (නි)
රජිත Sunday, 20 January 2013 06:59 PM
බයවෙන්න එපා. මේ සත්තු ජාතිය කවමදාවත් වදවෙන්නෙ නැහැ. (නි)
ලලිත් කටාර් Sunday, 20 January 2013 07:05 PM
කවුද මේකට වගකිවයුතු. කෘමි නාශක බෙහෙත් විදින ගොවියන් ද නැත්නම් මෙවැනි අපේ රටට ආවේණික සතුන් රැකගන්න ක්‍රම වේදයක් නොමැති පුටු රත් කරන නිලධාරීන් ද ? සුදුසු දේ නොපමාව නොකලොත් අපේ ම ගොඩක් දේවල් අපිට අහිමිවේවි. (ස)
නිෂාද් පෙරේරා Monday, 21 January 2013 10:11 AM
අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මධ්‍ය යම් කිසි වැඩසටහනක් ඉදිරිපත් කළොත් හොදයි විශේෂයෙන් සර්පයින් සම්බන්ධව. මොක ද නොදැනුවත්කම නිසා බයට මිනිස්සු විෂ රහිත සර්පයන් ගොඩක් මරා දමනවා. ඒක වළක්වන්ට පුළුවන් දැනුම්වත් කළානම් පැහැදිලි රූප සටහන් සමගින් (ස)
නිමල් Sunday, 20 January 2013 07:58 PM
කෝට්ටෙ පැත්තෙ ඕනෑ තරම් ඉන්නවා .. (ත)
චන්ද්‍රසිරි Sunday, 20 January 2013 07:58 PM
අර නයි නළගනට භාරදුන්නා නම් හරි. (නි)
රොහාන් Monday, 21 January 2013 11:12 AM
කටකලුවා කියන්නෙත් මේ සර්පයාටමද? (නි)
නිශාන්ත Sunday, 20 January 2013 09:18 PM
ඔය කිවුවට ටිකක් හරි විෂ ඇති. (නි)
ජානක Monday, 21 January 2013 12:00 PM
පරිසරයට ආදරය කරන ලංකාදීප මාධ්‍ය ආයතනට ගොඩක් පින් මෙීට ඉස්සෙලත් කබැල්ලෑවා ගන තොතරු දැම්මා. මේ වගේ මේ වගේ නිවුස් ඊ පේපර් එකක් විතරක් නෙමෙයි සති අන්ත ලංකාදීප පත්තරේත් සතිකයට එකක් ගානේවත් දාන්න පුළුවන්නම් ගොඩක් හොදයි. මේ වගේ වඳ වී යන සතුන් ශාක ඕනෑතරම් ලංකාවේ තියෙනවා නේ. මම හිතන්නේ ඒක ඔබ වගේ ප්‍රසිද්ධ මාධ්‍යෙය් වගකීමක්. ඒ වගේම ලොකු සමාජ සත්කාරයක් . (ස)
කැටවල Sunday, 20 January 2013 09:30 PM
පක්ෂ මාරු කරන දෙපත් නයි නම් ලංකාවේ පිරිලා ඉන්නවා. (නි)
ජයනෙත්ති Sunday, 20 January 2013 09:33 PM
සතා නැතිවුණත් නාමය නම් දිගටම ව්‍යවහාරයේ පවතීවි. (නි)
ෂෙරීෆ් Sunday, 20 January 2013 09:42 PM
දෙපත් නයි මේ කාලේට කොහොමත් හොයාගන්න අමාරුයි., මැතිවරණ කාලෙට බලාගන්න පුළුවන් දිවයින පුරාවටම. (නි)
චින්තක Monday, 21 January 2013 07:13 PM
සංජිට බොහොම ස්තූතියි. (නි)
අරවින්ද Monday, 21 January 2013 12:17 PM
ඇයි අනේ අර එකතැනක ඉන්නේ දෙපත් නයි 225ක්ම... (නි)