වසර දෙකට ආසන්න කාලයක් තිස්සේ බොලිවුඩ් සිනමා තරු යුවළක් වූ දිපීකා පදුකෝන් හා රන්වීර් සිං අතර පැවැති ප්‍රේම සම්බන්ධය මේ වනවිට බිඳ වැටී තිබෙන බව ,බොලිවුඩ් ඔෆ් ලයිෆ්, වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ දීපිකා හා රන්වීර් සිංගේ ප්‍රේම සම්බන්ධය අද ඊයේ බිඳ වැටුණ එකක් නොවන බවත්, එය මීට මාස කිහිපයකට පෙර මේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටි තිබෙන එකක් බවත්, එය ඔවුන් කිසිවිටෙකත් මාධ්‍යයට දැනෙන්නට කටයුතු නොකළ බවත් මම වෙබ් අඩවිය සඳහන් කර සිටියි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති විවාහ මංගල්‍යයකට සහභාගී වූ ඔවුන් දෙදෙනා ඉන්පසුව මෙම ප්‍රේම සම්බන්ධය නවතා දැමීමට කටයුතු කර තිබුණ බව මෙම වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. ලැබෙන තොරතුරුවලට අනුව දීපිකා හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වී වැඩ කිරීමට කටයුතු කිරීමත් සමග රන්වීර් අමතක කර දමන්නට උත්සාහ කළ බවත්, ඔහු පසුගිය කාලයේදී %බෙපික්රේ^ චිත්‍රපටයක පැරිස් නගරයට ගොස් සිටින විට දිපීකා හමුවීමට රන්වීර් උත්සාහ ගත්තද ඇය විසින් හිතාමතාම ඔහුව මගහැර තිබීමත් නිසා මෙම ප්‍රේම සම්බන්ධය දෙදෙනා අතර නොතිබෙන බව තහවුරු වු බව සඳහන්වෙනවා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දීපිකා හා රන්වීර්ගේ ප්‍රේමයත් අහවරයි