IMG-LOGO

දින 50 කට පසු ආපසු ආ පුංචි කෙල්ල

හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ දින 50 ක් සිටි 9 හැවිරිදි අයර්ලන්ත ජාතික දැරියක ද නිදහස ලබා සිටී. ඇය එමලි හෑන්ඩ් ය.  

එමලි ට සිටින්නේ පියා පමණි. ඇගේ මව පිළිකාවකින් මියගොසිනි.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ගාසා තීරයට කඩා වැදී පහර දෙද්දී, එමලි සිටි ඇත්තේ ඇගේ ඊශ්‍රායල ගාසා දේශසීමාවට නුදුරින් පිහිටි ඇගේ යෙහෙළියකගේ නිවසේය.

සටන්කාමීන් ඇය සිටි නිවසට කඩා වැදී ඇය බලහත්කාරයෙන් ගාසා තීරයට රැගෙන ගියේ, ඇය ඇද සිටි පිජාමාව පිටිනි. එමලි ඇගේ 9 වැනි උපන් දිනය සැමරුවේ ද හමාස් ප්‍රාණ ඇපයේ සිටිද්දී යැයි පැවැසෙයි.

එමලිගේ පියා 63 හැවිරිදි තෝමස් හෑන්ඩ් පසුගිය දින 50 පුරාවට සිටියේ දියණිය නැති සොවිණි. ඔහු නිරන්තකරයෙන් ඊශ්‍රායල හමුදාව සමඟ සම්බන්ධ වී සිදුවන්නේ කුමක්දැයි විමසා සිටියේය. තම දියණිය යළි දකින්න නොලැබේවි යැයි ඔහු හඩා වැලපෙන්න විය.

ඔහු දිගින් දිගටම දුක් වූයේ, තම එකම දියණිය ආරක්ෂා කර ගැනීමට තමන් ඇය අසල නොසිටි බව පවසමිනි.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇතිකරගත් එකඟතාවට අනුව, ඒමලි නිදහස් වන බව දැනගත් සැණින්, තෝමස් හෑන්ඩ් අතිශය සතුටට පත් විය.

දියණිය වෙනුවෙන් ලොකුම උපන් දින සාදය පවත්වන බව ද ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත. බිරිඳ ද අහිමි වුණු තමන්ට සිටින්නේ තම දියණිය පමණක් යැයි තෝමස් පවසන්නේ කඳුළු පිරි දෙනෙතිනි.

එමලිට, ජොන්සී නමින් සුරතල් බලු පැටියෙක් සිටී. හමාස් සටන්කාමීන්, ඔවුන්ගේ  ප්‍රාණ ඇපයේ සිටි එමලි සහ තවත් 13 දෙනකු ඊශ්‍රායල හමුදාවට බාර දුන්නේ රතු කුරුස සංවිධානය හරහාය.

එමලි හමුවීමට යද්දී තමන් එමලිගේ ආදරය වන ජොන්සී ද රැගෙන යා යුතු යැයි තෝමස් හෑන්ඩ් ඊශ්‍රායල හමුදාවට පැවැසූ අවස්ථාවේදී, ඊශ්‍රායල හමුදාව ඊට විරෝධය පළ කර නැත.

(ඩේලිමේල්)



අදහස් (3)

දින 50 කට පසු ආපසු ආ පුංචි කෙල්ල

Lal Sunday, 26 November 2023 09:26 AM

ත්‍රස්තවාදී සංවිධාන ... හමස් ජෙප්පෝ 88 89 මෙහෙම තමා

:       1       0

සිල්වා Sunday, 26 November 2023 09:59 AM

හිතට බොහොම සතුටුයි. ඒ වගේම ඊස්රායල් සිරගෙවල් තුල වසර ගණනාවක් තිස්සේ වදහිංසා වලට ලක්වී සිටින පලස්තීන දරුවන් සහ ගැහැණුන් ද නිදහස් වේවා.

:       0       2

saman Sunday, 26 November 2023 10:15 AM

ත්‍රස්තවාදී ඊශ්‍රායල් හමුදාවෙන් මැරෙන ළමයින් ගැන කියන්න බැහැ ඔහෙලට .අනේ මෙහෙමත් ජාතිවාදී පත්තර

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 118 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site