IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දින තුනකදී ලොව පුරා ආසාදිතයන් මිලියනයක්

අවසන් දින තුනේදී ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනයක් වාර්තා වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ප්‍රංශය, රුසියාව, නේපාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අතරවාරයේ දී ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (11) මිලියන 7 ඉක්මවා ගියේය.

මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මීට පෙර වාර්තා නොවූ අයුරින් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ඉකුත් මැයි මස අග සිට තවමත් වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එසේ නමුත් ඉන්දියාව ඒ ආසන්නයට පැමිණෙමින් තිබේ.

ඉන්දියාවෙන් ඉරිදා දිනයේ දී ආසාදිතයන් 74,383ක් හඳුනාගත් අතර ඒ අනුව එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මිලියන 7 ඉක්මවා ගියේය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 7.7කි.

 

‘ද නිව්යෝක් ටයිම්ස්’ ඇසුරිනි

 

055

 

 



අදහස් (0)

දින තුනකදී ලොව පුරා ආසාදිතයන් මිලියනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31670 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11112 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site