IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘දැන් ගෙවෙන්නේ නොනගත කාලයක්“

“දැන් රටේ තියෙන්නේ නොනගත කාලයක්. ආණ්ඩුවක් පිහිටවපු ගමන් සියල්ල ලැබෙන්නේ නැහැ. එකපාරට කර්මාන්ත ශාලා එන්නේ නැහැ. ආයෝජකයෝ ඇවිත් කර්මාන්ත ශාලා පටන්ගන්න තුරු රස්සා ලැබෙන්නේ නැහැ. තවමත් අය වැය ඉවර නැහැ. මේ නොනගතය වගේ කාලයේ දී ඉවසගන්න බැරි අය විවේචනය කරනවා. ඕවාට කලබල වෙලා බැහැ.“ යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා

ඇල්පිටියේ ඇල්ල විදුලි ව්‍යාපෘතියක් විවෘත කරමින් ඇමතිවරයා මේ බව කීය. ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද කිවේය.

වෙනදා විපක්ෂය කරන්නේ පරිප්පු ගැන භූමිතෙල් ගැන කතා කිරීම අද මේවා ගැන කතා කරන්නේ නැහැ. අපි රජය බලයට පත්වූ හැටියේ ම අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකළා. පසුගිය රජය රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500.00 ක් වැඩි කරනවා කියා බලයට ආවේ 2005 දී නමුත් එය කළේ නැහැ. අපි බලයට ඇවිත් දින 100 දී රුපියල් 10,000ක් වැටුපට එකතු කළා.  

නෝනයි මහත්තයයි දෙන්නම රජයේ සේවයන් නම් පවුලකට අමතර රුපියල් 20,000ක් ලැබෙනවා. අපි තෙල් මිල අඩු කළා. දැන් විපක්ෂයේ ඉන්න අයට මේවා ඉක්මනට ම අමතක වෙලා. මේ තමයි රටේ ප්‍ර‍ධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා ජාතික රජයක් ලෙස ඉදිරිපත් කළ පළමු අයවැය.

අද කොළ කොඩියක් යට ඉදගෙන විදුලි විවෘත කරන උත්සවයක බය නැතුව කතා කරන්න පුළුවන්. 1977 අපේ රජය බලයට පත්වන තුරු මේ විදුලිය කියන එක ගමට හීනයක් වෙලා තිබුණේ. විදුලිය නිසා සමාජයේ විශාල පරිවර්ථනයක් ඇතිවුණා. එදා රන්දෙණිගල, වික්ටෝරියා, කොත්මලේ වැනි මහවැලි ව්‍යාපාර කළේ ගිනි පොළියට ණය අරගෙන නොවෙයි. එදා අපේ රජය ණය ගත්තේ පොළිය දශම ගණනට. නමුත් පසුගිය රජය කාලේ ණය ගත්තේ ගිනි පොළියට. මේ නිසා රට ණය බරින් මිරිකිලා. එදා අපේ රජය ගත්තු ණය ජනතාවට දැණුනේ නැහැ. නමුත් දැන් ආර්ථිකය කඩා වැටීමට ප්‍ර‍ධාන හේතුව වෙලා තියෙන්නේ පසුගිය කාලයේ අධික පොළියට ගත්තු ණය.

Gayantha Electic2 - Copy - Copy

 



අදහස් (0)

‘‘දැන් ගෙවෙන්නේ නොනගත කාලයක්“

නිල්මිණි Thursday, 03 December 2015 07:26 AM

අපිට නම් උපන් දා පටන් ඒරාෂ්ටකේ. (නි)

:       0       0

සේන Thursday, 03 December 2015 07:26 AM

කැපවීම තමුන්නාන්සේලාගේ පැත්තෙනුත් අවශ්‍යයි සර්. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 03 December 2015 07:45 AM

මොන ආණ්ඩුව ආවත් නැතිබැරි එකාට හැමදාමත් නොනගතේ තමයි. (නි)

:       0       0

යහම්පත් Thursday, 03 December 2015 07:52 AM

ආයෙත් නම් අපි ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 04 December 2015 04:15 AM

ඇමතින්ට මන්ත්‍රීන්ට සුර සැප. ජනතාවට නොනගතය. පිටරට සවාරි, වරප්‍රසාද වලින් අඩුවක් නැහැනේ මන්ත්‍රීන්ට. පාර්ලිමේන්තුව රැස්වෙන්න දිනකට වියදම්වෙන මුදලින් රෝහල් කීයකට බෙහෙත් දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

සිසිර Thursday, 03 December 2015 08:30 AM

ඔන්න ඔය වාගේ තමයි මහත්තයෝ අර වරායවල් ගුවන් තොටුපළවල් හදපු ගමන් රටට සල්ලි ගලන්නේ නෑ (ම)

:       0       0

නිලමේ - ටෝකියෝ Thursday, 03 December 2015 09:09 AM

දැන් ගෙවන්නේ අනාගත්ත කාලයක් . (ම)

:       0       0

නවීන් Thursday, 03 December 2015 05:33 AM

මැතිදුනි ඔබට ජය...! (ර)

:       0       0

සත්‍යපාල Thursday, 03 December 2015 09:48 AM

මමත් ලියන්න කියල හිතල බලනකොට සොපි ඒක කියල "රාහු කාලයකි" . මේක මහා අවාසනාවන්ත කාල පරිච්චේදයක් වෙමින් යන බව නම් පැහැදිලියි. එක එක කතන්දර කියමින් බලය පවත්වාගෙන යන්නට බලන බව ඉතා පැහැදිලියි. කිසිවක් කරගත නොහැකි රජයක් පවතින විට විවිධ දෙස් විදෙස් බලවේග උදව් කරන පොරොන්දුව මත රටට හානිකර ඔවුනට වාසි සහගත ගිවිසුම් වලට අත්සන් ගැනීම අද ලෝකයේ සිදුවන දෙයකි. (බ)

:       0       0

ඩිමේෂ් Thursday, 03 December 2015 05:36 AM

අවුරුදු 68ක් ඔය නොනගතේ තිබ්බා. (ර)

:       0       0

දුමින්ද Thursday, 03 December 2015 05:34 AM

නොනගතේ දිග වැඩිය. (ර)

:       0       0

චින්තක Thursday, 03 December 2015 06:35 AM

අපටත් දැන් තේරිල තියෙන්නෙ නොනගතේ කියල​. (බ)

:       0       0

දිලුම් Thursday, 03 December 2015 06:43 AM

හැමදාම අපේ රටේ ඉන්න දේශපාලුවන්ට නොනගතේ තමයි. නටන්න බැරි කොට පොලව ඇදයි කියලාවත් ජාමේ බේරගන්න එපාය. අනේ මෙහෙව් යහ පාලනයක්. (බ)

:       0       0

සොපි Thursday, 03 December 2015 06:46 AM

මේ නොනගතය නොව කිසිදා අවසාන නොවන රාහු කාලයකි. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 03 December 2015 06:52 AM

සම්පුර්ණ ඇත්ත දැනට පවතින බඩුමිල අනුව. (නි)

:       0       0

සිසී Thursday, 03 December 2015 10:50 AM

ඔය කියන නොනගතය ගතවෙන අවුරුදු පහ පුරාවටම පවතින පාටක් තමයි මට නම් පෙනෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site