IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දිනේෂ් විපක්ෂ නායක කරන සටන දිගටම

දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු විපක්ෂ නායක පදවියට පත් කිරීමේ ඉල්ලීමට සන්ධානයේ මන්ත්‍රීන්ගෙන් 58 දෙනකු අත්සන් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියයි.

නාරාහේන්පිට අභයාරාමයේ පැවති රැස්වීමකදී ඔහු පැවසූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක කිරීමට අත්සන් කළ ඇතැම් මන්ත්‍රීන් එම අත්සන් අවලංගු කර දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් අත්සන් තබා ඇති බවයි.

කථානායකවරයාට ඔවුන්ගේ ඉල්ලීම බාරදීමට නියමිතය. පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහත්වරුද පැමිණ සිටියහ.

 

 

 

 

 



අදහස් (0)

දිනේෂ් විපක්ෂ නායක කරන සටන දිගටම

සුනිල් Monday, 30 March 2015 04:47 PM

පාස්පෝට් සහ උප්පැන්න වල බොරු දැම්ම වගේද දන්නේ නැහැ මේකත්. (ස)

:       0       0

ශානි Monday, 30 March 2015 07:54 PM

නීතිය එයාලා අතේ වගෙයිනේ කතාව (නි)

:       0       0

සුමුදු හේවා Monday, 30 March 2015 11:00 PM

අඩුම තරමේ රටේ ව්‍යවස්ථාවටත් රටේ ඒකීයභාවයටත් ගරුකරන ලෝකයට විහිළු නොසපයන විපක්ෂ නායකයෙක් අපට ඕනෑ. පළපුරුද්දෙන් පරිණතකමෙන් සංයමයෙන් සේම දේශප්‍රේමයෙන්ද යුතු දිනේෂ් මහතා මේ සඳහා ඉතා සුදුසුයි. ජය වේවා! (නි)

:       0       0

සුමුදු හේවා Monday, 30 March 2015 11:05 PM

ඒත් ඉතින් ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන කොහොමද විපක්ෂ නායක වෙන්නේ? විපක්ෂ නායක වෙන්න නම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න එපැයි. (නි)

:       0       0

සුමුදු හේවා Monday, 30 March 2015 11:18 PM

අනේ තිලාන්, ජාතිවාදයයි ජතිකවාදයයි පටලවාගන්න එපා. පිදෙල් කස්ත්‍රෝ, හෝ චිං මිං ආදීන් තම රටවල් දියුණුකළේ මාක්ස්වාදයට ජාතිකවාදය මුසුකරලයි. ජාතිකවාදය අප වැනි රටවලට හිතකරයි. එය අප රටේ අන්‍ය ජාතින්ටත් හිතකරයි. කදිරගාමර් වැන්නන්ට අදටත් අපි ගරුකරන්නේ අපේ ජනතාව ජාතිවාදී නොවෙන නිසයි. අපේ රටට ආදරය කරන අපේ රටට අනන්‍යවෙන අයව සිංහලයන් ආදරයෙන් වැළඳගන්නේ ජාති ආගම් භේද නැතුවයි. ඉතින් ඒ අයට මොකටද වෙනම රටක්? බෙදුණු රටක එක කොටසක හෝ නායක වීමේ සිහිනය අතනොහරින දෙමළ නායකයන්ගේ උමතු සිහින නිසා සිංහල දෙමළ සාමාන්‍ය ජනතාවට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණා. වාසුලාගේ මේ වෑයම යළිත් එවැනි දේ සිදුවීම වැළැක්වීමටයි. රටට ආදරය නම් අප කළයුත්තේ ඔවුන්ට දිරියක් වීමයි. (නි)

:       0       0

රට විරුවා Monday, 30 March 2015 09:41 AM

ඔබ තුමාට ජය වේවා !(ම)

:       0       0

නන්ද Monday, 30 March 2015 10:00 AM

උප්පැන්න සහතික , පාස් පොර්ට් වැඩ වගේද දන්නේ නැහැ මේවත් .(ම)

:       0       0

තෙන්නකෝන් Tuesday, 31 March 2015 12:26 AM

අපිත් සහයෝගය දෙනවා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 30 March 2015 11:01 AM

කොහොම හරි විමල් ලොක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භූමදාන කරයි වගේ. (ස)

:       0       0

තිලාන් Monday, 30 March 2015 11:09 AM

අනේ අපොයි වාසු මේකද මාක්ස්වාදය . මෙයත් ජාතිවාදියෙක් වෙලා. (ස)

:       0       0

ලොලිත Tuesday, 31 March 2015 01:53 AM

විමල්ලා වගේ යනඑනමං නැති හොරුටික දැන් මහින්දව අතෑරලා බූරුවෙක් දක්කන්න හදනවා. හොඳයි පුත්තලමට. (ස)

:       0       0

විමල් Monday, 30 March 2015 12:16 PM

තව කොපමණ පක්ෂ තිබෙනවද මන්ත්‍රීන් බහුතරයක් ඉන්න? (නි)

:       0       0

කපිල Monday, 30 March 2015 12:25 PM

ජයවේවා! (නි)

:       0       0

අජිත් Monday, 30 March 2015 12:49 PM

ජය ශ්‍රී ! (නි)

:       0       0

විමුක්ති Monday, 30 March 2015 12:57 PM

හැමදාම බොරුවට වංචාවට තැන නැහැ. අපි බලමුකෝ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site