IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දිනේෂ්කාන්තන් - ආසික් අවසන් තරගයට එති

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට දිනේෂ්කාන්තන් තංගරාජ් සහ ඉන්දිය ක‍්‍රීඩක තන්වීර් ආසික් ඊයේ (22) සුදුසුකම් ලැබුහ. කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී අම්රිතා මුත්තයියා සහ ලාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ තරග වදිති. පසුගිය වසරේ ශූරයා වු දිනේෂ්කාන්තන් තංගරාජ් අවසන් පුර්ව තරගයේදී ෂාමල් දිසානායක (7/6, 3/6, 7/6, 6/2) පරාජය කිරීමට සමත්විය. තන්වීර් ආසික් සහ නිසංගන් නඩරාජා අතර පැවැති දෙවැනි තරගයෙන් 6/1, 7/6, 5/7, 6/4 ක් ලෙස තන්වීර් ජය ලැබීය. කොළඹ විශාඛා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙත්මි වඩුගේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ. නෙත්මි හමුවේ පරාජයට පත් වුයේ ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටි සංකරි ත්‍යකරන්ය. එහිදී නෙත්මි 6/4, 6/4 ක් ලෙස තරගය පහසුවෙන් ජය ගත්තාය. පසුගිය වසරේ ශූරිය වු අම්රිතා මුත්තයියා හමුවේ රොෂින්කා ප‍්‍රනාන්දු (4/6, 6/2, 6/0) පරාජය වුවාය.



අදහස් (0)

දිනේෂ්කාන්තන් - ආසික් අවසන් තරගයට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site