IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුන්නයි කියන වතුර නොලැබේ

පසුගිය හතර වැනිදා රාත්‍රියේ සිට ජලය ලබාදෙන බවට ජලසම්පාදන මණ්ඩලය පැවසූවද   අදත් (06)    ජලය තමන්ට නොලැබුණ බව මහරගම, නුගේගොඩ, තලපත්පිටිය ආදි ප්‍රදේශ රැසක ජනතාව පැවසූහ.

අද උදෑසන පහට පමණ ජනතාවගේ පරිභෝජනය සඳහා ජලය මුදා හැරිය බවත් උස් කඳු සහිත ප්‍රදේශවලට ජලය ජලය ලැබීම තරමක් ප්‍රමාද වියහැකි බවත් ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රංජිත් බාලසූරිය මහතා පැවසුවේය. ජලය නොලැඛෙන අය තමන් ප්‍රසිද්ධ කරන ලද දුරකථන අංකවලට කතා කළහොත් බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කරන බවද බාලසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

අද උදෑසන සිට ජනතාවට සුපුරුදු පරිදි ජලය ලබාදී ඇති බව ජලසම්පාදන මණ්ඩලය පැවසුවද ඊයේ සවස් වනතුරුත් මාදිවෙල කනත්ත පාර, ශ්‍රී ජයවර්ධනපුර, තලපත්පිටිය ආදී ප්‍රදේශ රැසකට ජලය ලැබී තිබුණෙ නැත. මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශවලට ජලය ලැබී තිබුණද ඒවා බොර පැහැයෙන් යුක්ත වූ නිසා ප්‍රයෝජනයට ගත නොහැකිවූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.

අප සමග අදහස් දැක්වූ මාදිවෙල කනත්ත පාරේ රංග කුමාර මහතා -

‘අපිට අද උදේ වතුර එනවා කිව්වත් තවම ආවේ නැහැ. උදේ බවුසරය ඇවිත් වතුර ටිකක් දීලා ගියා. ඒ වෙලාවෙත් කිව්වා පැය එක හමාරකින් ජලය ලැඛෙනවා කියලා. දැන් වෙලාව හවස තුනයි. තාම වතුර නැහැ. බවුසරය එනවා කිව්වා. ඒකත් තාම නැහැ. මම මේ දවස් දෙකේම වැඩට ගියේ නැහැ.‘



අදහස් (0)

දුන්නයි කියන වතුර නොලැබේ

ශිරෝමි- පිළියන්දල Wednesday, 06 August 2014 11:31 AM

අපිට නල ළිඳක් හරි තිබුණ නිසා හොඳයි. නැත්නම් ඉතින් මේ දවස් ටිකේ වැඩට යන්නේ නැතුව ගෙදර ඉන්න තමයි වෙන්නේ. ළිඳක් නැති අය මොනවා කර ගත්තද දන්නේ නැහැ (නි)

:       0       0

සමන්ති Tuesday, 05 August 2014 03:28 PM

මණ්ඩලයේ සාමාන්‍යාදිකාරි මහතාගේ ප්‍රකාශය නිවැරදියි. උස් බිම් වලට ජලය ලැබෙන්නට ප්‍රමාද විය හැකියි . අපි සෑම ගෙදරකම දින කීපයකට (3කට පමණ ) සැහෙන ජලය ගබඩා කළහැකි ටැංකියක් තබාගමු . (දී)

:       0       0

තිසර ගමගේ Tuesday, 05 August 2014 03:39 PM

අද 05 ද වෙලව රාත්‍රී 9.00 ස්ථානය පිළියන්දල මාවිත්තර අපිට තාම වතුර නැහැ 2 ද උදේ 6.00 ඉඳලා මෙන්න ජලසම්පදනේ වැඩ දෙනවා කියන බෞසර් අපේ පැත්තට එන්නේ නැද්ද අද රැට වතුර අවේ නැත්නම් හෙට වැසිකිලි යන්නේ පිළියන්දල ජලසම්පදනේ ගාව (දී)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 05 August 2014 04:39 PM

මොකක්ද මේ දියවන්නාවේ බෝට්ටු කතාව? ජලනලය ඉස්සුවේ, අති සුපොකබෝගී බෝට්ටු ධාවනය කරන්නද? (දී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 August 2014 09:03 PM

මිනිසුනේ, දැන්වත් ඉඩක් තියෙන තැනක් බලා ළිඳක් කපාගන්න (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 06 August 2014 08:19 AM

අර එක වරක් අල්පිටියෙත් වතුර ඉල්ලපු අයට වතුර දෙන්නට කෙලින්ම ජනාධිපති තුමාට කතා කරපු කෙනාට කිව්වනම් ඕක සුළු දෙයක් . බෝතල වතුර හරි දෙනවා (දී)

:       0       0

සමන් Tuesday, 05 August 2014 11:49 AM

හොයන්නේ බලන්නේ නැතුව අවසර දුන්නේ කව්ද කියල බලන්න ඕනය ඉස්සෙල්ලාම (දී)

:       0       0

විමුක්ති Tuesday, 05 August 2014 11:49 AM

එතකොට කාටද දුන්නේ (දී)

:       0       0

ටිරෝන් Tuesday, 05 August 2014 11:56 AM

කියලා වැඩක් නැහැ ඔය කට්ටියගේ වැඩ නම්. මේවා බලන්න කෙනෙක් නැති එකනේ වැඩේ (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 05 August 2014 10:28 PM

වැඩිය කෑ ගහන්න එපා වතුර ඉල්ලලා... (නි)

:       0       0

නාමල් Tuesday, 05 August 2014 10:45 PM

ඔයාලා හැමෝටම මේ බව ඡන්දය දෙන දවසට අමතකවෙන එකයි දුක. අපි නම් බලාගෙන ඉන්නේ ඡන්දය ඉල්ලන මහත්හොරු අපේ දිහාට එනකම්. (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 August 2014 10:53 PM

මේකට වෙන්න ඇති ආසියාවේ ආශ්චර්ය කියන්නේ. අපිට මෙහෙම කරනවට හොඳක් වෙයිද? (නි)

:       0       0

තබිත් Wednesday, 06 August 2014 02:59 AM

වතුර බිල නොගෙවා ඉමු.(අ)

:       0       0

අංජන Tuesday, 05 August 2014 01:30 PM

මේ පාර උසස් පෙළ විභාගේ කරන අය ගැන වත් හිතන්න බැරි ජලසම්පාදන මණ්ඩලය. දියවන්නා ඔයට බෝට්ටු දාන්න වතුර කපලා... (දී)

:       0       0

රොහාන් Tuesday, 05 August 2014 02:03 PM

මම හෙටත් බලලා,මගේ අලුත් වතුර බිස්නස් එක පටන් ගන්නවා. වැසිකිලි යන්න වතුර බාස්කට් එක රු 100 දෙනවා. (නදී)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 05 August 2014 02:30 PM

මිනිස්සු ලක්ෂ ගානකට දුකක් දුන්නු ජලසම්පාදන මණ්ඩලයේ කිසිම නිලදාරියෙක් හාවක් හුවක් නැතුව ඉන්න හැටි විතරක් දැක්කම පුදුම හිතෙනවා. මින් ඉදිරියේදීවත් ඔය වගේ වැඩක් කරනකොට මීට වඩා වගකීමකින් වැඩ කරන්න ඉගෙන ගත්තොත් හොදයි. මොකද මම අහල තියන විදියට ඔය මණ්ඩලේ ඉන්නේ ඉගෙන ගත්තු අය. (නදී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 05 August 2014 03:00 PM

කොළඹට ජලය සපයන ලබුගම , කලටුවාව ප්‍රදේශ නියගයෙන් ජලය හිදිලා වාන් දමනවාලු ! කොහොමද ජලකලමනාකරණය..හා පාර්ලිමේන්තුවේ පම්පෝරි ගැහිල්ල විතරක් !ලැජ්ජයි .. (දී)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 05 August 2014 03:08 PM

දීපු දුකේ හැටියට මේ සිද්දියෙන් පීඩාවට පත් උණු අයට,ජලසම්පාදන මණ්ඩලය, ලබන මාසේ වතුර නොමිලේ දිය යුතයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site