ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවීණතම වමතින් පා දඟ පන්දු යවන්නකු වන දිනුක් හෙට්ටිආරච්චි මෙවර පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී 800 වැනි පළමු පෙළ කඩුල්ල දවාගැනීමට සමත් විය. මෙවර පළමු පෙළ තරගාවලියේ තරග 9 යේදී කඩුලූ 58 ක් දවාගත් දිනුක් මෙවර තරගාවලියේ තෙවැනි වැඩිම කඩුලූ ලාභියා බවටද පත්විය.
36 හැවිරිදි දිනුක් මේ වන විට පළමු පෙළ තරග 194 කදී කඩුලූ 801 ක් දවාගෙන තිබේ. එයට තරගයකදී කඩුලූ 10 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා 15 ක් සහ කඩුලූ 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා 54 ක් ඇතුළත් වේ.
මෙවර පළමු පෙළ තරගාවලියේදී සී. සී. සී. පිල නියෝජනය කළ දිනුක් එහිදී කඩුලූ 10 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා දෙකක් සහ කඩුලූ 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා 5 ක් වාර්තා කළේය. දිනුක් 2001 වසරේ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරමින් එහිදී කඩුලූ දෙකක් දවාගෙන තිබේ.
පළමු පෙළ කඩුලූ 800 දවාගත් ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන් අතර දිනුක්ට තෙවැනි ස්ථානය හිමිවෙයි. මුත්තයියා මුරලිදරන් (කඩුලූ 1374), සහ රංගන හේරත් (කඩුලූ 818) දිනුක්ට වඩා ඉදිරියෙන් සිටිති.
(●●)
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
597
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිනුක් පළමු පෙළ කඩුලූ 800 යි