IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දිනුක ඡන්ද 1000 කඩයිම පසුකරයි

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ඡන්ද විමසීමේදී ත‍්‍රිත්ව විදුහලේ දිනුක වික‍්‍රමනායක (1443), ඡන්ද 1000 කට වැඩියෙන් ලබාගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ ඡන්ද 1000 කඩයිම පසුකිරීමට සමත් විය.  

පස්වැනි සතිය තුළදී ලබාගත් ඡන්ද 1928 ත් සමගින් මුලූ ඡන්ද 9036 ක් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ හිමි කර ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල් සමත් වී සිටී. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවූ රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් පසුගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 83 ක් පමණි.

පසුගිය සති කිහිපය ඇතුළත නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණට පැමිණි කැළණිය විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් මේ සතිය තුළදී ලබාගත් ඡන්ද 168 ත් සමගින් සමස්ත ඡන්ද 508 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව තිබේ.

ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි ඡන්ද 3073 ක් ලබා ගෙන තව දුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර ඔහු විසින් පසුගිය සතිය තුළදී ඡන්ද 694 ක් ලබාගෙන තිබේ.

මෙම තරගයට අදාළ කූපන් පත් ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පාඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා පාසල ඡන්ද
මින්හාජ් ජලීල් තර්ස්ටන් විදුහල 9036
ඒ. කේ. ටිරෝන් රිච්මන්ඞ් විදුහල 3474
දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 2321
දිනුක වික‍්‍රමනායක ත‍්‍රිත්ව විදුහල 1443
මාධව නිමේෂ් පානදුර රාජකීය විදුහල 868
සචින් බුලත්සිංහල කටුගස්තොට ශා අන්තෝනි විදුහල 411
ජේසන් බුල්ජන්ස් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 393
දමිඳු අෂාන් පානදුර රාජකීය විදුහල 174
කුසල් මෙන්ඩිස් මොරටුව වේල්ස් කුමර විදුහල 166
දේවින් පත්මනාතන් කොළඹ රාජකීය විදුහල 162
තමල්ක ඇතුලත්මුදලි කොළඹ ආනන්ද විදුහල 123
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුළ විදුහල 11
යොහාන් සිල්වා අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල 79
සන්ජික රිද්ම මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල 48

නැගී එන පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා පාසල ඡන්ද
සංජු ශාරුක් ගාල්ල විද්‍යාලෝක විදුහල 508
ලහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 237
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහා විදුහල 105
දේෂාන් ධනංජය මාතර රාහුල විදුහල 93
භානුක මනිලංග කෑගල්ල ශාන්ත මේරි විදුහල 74
චාමිකර අබේසේකර පානදුර ශ්‍රී සුමංගල විදුහල 29
සදීප ලක්ෂාන් බලවන වේයන්ගොඩ විදුහල 19
නිපුන යතිදුර කැළණිය ධර්මාලෝක විදුහල 13

අන්තර්ජාතික පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා පාසල ඡන්ද
වලීඞ් ජිෆ්රි ලේටන් පාර්ක් විදුහල 3073
සසික රත්නතිලක නුගේගොඩ ලයිසියම් විදුහල 601

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ 

1. කවීෂා ගීතාංජන, නුවර හෝටලය, ප‍්‍රධාන වීදිය, හිගුරක්ගොඩ
2. කුමුදුනී අපොන්සු, 274/1, අරුක්ගොඩ, අලූබෝමුල්ල, පානදුර
3. ටී. පී. හුසේන්, 39, සම්පත් උයන, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ
4. චරිත් ද සිල්වා, 39, ගුණසේකර වත්ත, රාජගිරිය

**



අදහස් (0)

දිනුක ඡන්ද 1000 කඩයිම පසුකරයි

තිලක් Monday, 18 February 2013 04:03 PM

අපේ සුභපැතුම් ඔබට (දී)

:       0       0

ශානිකා Monday, 18 February 2013 06:17 PM

ඔහොම යං... ඔහොම යං... (දී)

:       0       0

හනිස් Monday, 18 February 2013 08:15 PM

ජයවේවා.... (දී)

:       0       0

රුවන් Monday, 18 February 2013 03:23 PM

කැළණිය විද්‍යාලෝක ‍නෙවෙයි කැලණිය ශ්‍රී ධර්මාලෝක ‍ම්‍ධ්‍ය මහා විද්‍යාලය කියලා වෙනස් වෙන්න ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site