IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දෙදරු පියාගේ අත පය වෙන් වෙන් කපයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හංවැල්ල කහහේන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් විසිපස් හැවිරිදි දෙදරු පියකුට එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දෑත් සහ පාදයක් සිරුරෙන් වෙන් වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි .

මෙසේ තුවාල ලබා ඇත්තේ හංවැල්ල කහහේන අජිත් පෙරේරා මාවතේ පදිංචි 25 හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා අද සවස නිවස ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදී තියුණු ආයුධයක් රැගෙන පැමිණි පුද්ගලයකු ඔහුගේ සිරුරේ ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් බේරීම සදහා උත්සාහ කිරීමේදී ඔහුගේ දෙයක් සහ දෙපාවලට වැදී ඇතැයි පැවසේ .

මේ හේතුවෙන් ඔහුගේ දකුණු පාදය සිරුරෙන් වෙන් වී ඇති අතර දෑත් ද වෙන් වී හමෙන් එල්ලී තිබූ බවත් සිරුරේ තවත් ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට තිබූ බව පැවසේ.

සිද්ධිය තුවාලකරුගේ නිවසට යාබදව මාර්ගයේ සිදුව තිබූ අතර පහර දීම ආරම්භයත් සමඟ ඒ බව දැනගත් තුවාලකරුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි .

ඒ සමග සිරුරෙන් වෙන්ව තිබූ පාදයෙ කොටසද රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (5)

දෙදරු පියාගේ අත පය වෙන් වෙන් කපයි

අබිලින් Saturday, 13 May 2023 05:34 AM

ඇත්තටම ලංකාවෙ මිනිසුන්ට මොනවා වෙලාද තේරුම් ගන්න බැහැ එන්න එන්නම වන මෘර්ගයෝ වගේ වෙනවා රටේ මෙහෙම ඒවාට දඩුවමක් නැහැ දුන්නොත් මානව හිමිකම් අහිමි කියනවා කලුකෝට් කාරයො විවිධ තර්ක කරල බේරා ගන්නවා යම්ලෙසකින් හිරගත වුනොත් උගේ හිමිකම් වෙනුවෙන් පිරිසක් කටයුතු කරනවා ඒත් මේ මිනිහගේ අතපය කපල අසරණ වෙලා දරුපවුල අනාතයි ඒවා ගැන බලන්න කෙනෙක් නැහැ මේවා ගැන අවධානය යොමුකිරීම සුදුසුයී

:       0       5

පිටිගල මිලානෝ Saturday, 13 May 2023 08:05 AM

ධර්මය කහ රෙදි කැබැල්ලකින් වසා හංගා ඇති පව්කාරයන්ගේ දේශය…..

:       1       4

Bunny Preena Saturday, 13 May 2023 12:21 PM

මෙව්වා අහපුවාම මුළු සර්වාංගයම හිරි වැටෙනවා. මෙවැනි පුද්ගලයින් මෙහෙම දේවල් කරන්නේ කොහොමදැයි කියලා හිතාගන්නවත් බැහැ. මොනවා නැතත් අපේ රට අපරාධවලින් හොඳටම ඉදිරියටම යන බවයි පේන්නේ...

:       1       9

Perera Saturday, 13 May 2023 03:21 PM

මිනිහත් මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා ඇති...

:       3       1

Lalla Sunday, 14 May 2023 01:17 AM

අවුරුදු විසිපහයි. දෙදරු පියෙක්.බිරිඳට වයස කීයද දන්නේ නෑ.. වෘත්තීය බෝ කිරීම කරගත්ත පවුලක්.මේ තමා ලංකාවේ හිඟමනට හේතුව....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site