(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කල්මුණේ මහ නගර සභාවට අයවිය යුතු රුපියල්18,094,795,28මුදලක් පරිගණක දත්ත වෙනස්කර වංචාවෙන් ලබා ගත්තේ යැයි කියන එම නගර සභාවේ කාර්යාල කාර්ය සහායකයින් දෙදෙනකු රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25 සහ 26 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකි. මොවුන් දෙදෙනා කල්මුණ ,සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි අය වෙති.
කල්මුණ මහ නගර සභාවේ බලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම කාර්යාල කාර්ය සහායකයින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලීසිය පවසයි.
රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ(3)නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දත්ත වෙනස් කර මුදල් ගත් කාර්යාල සහයකයින් දෙදෙනා මාට්ටු