IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දඩ ගසා 70 ලක්ෂයක් උපයයි

(අංජුල මහික වීරරත්න)

වනජීවි දෙපාර්තමේන්තුව විසින්  2022 වසරේ දී රුපියල් හැත්තෑලක්ෂයක මුදලක් දඩමුදල් වශයෙන් උපයාගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.

පුද්ගලයින් වනාන්තරයට හා වනජීවීන්ට සිදු කරන හානි සඳහා නඩු පැවරීම මගින් මෙම මුදල අය කර ගෙන තිබේ.

එමෙන්ම 2022 වසරේ නොවැම්බර් මාසය වනවිට වනජීවී  දෙපාර්තමේන්තුව උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 1421කි. මින් වැඩි මුදලක් උපයා තිබෙන්නේ බලපත්‍ර ගාස්තු අය කිරීම මගිනි.

 කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුව සමග සිදු කළ සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

 මෙම වසර ඇතුලත යාල ජාතික වනෝද්‍යානය මෙන්ම විල්පත්තුව හා වස්ගමුව ජාතික වනෝද්‍යාන සඳහා විදේශ සංචාරක ආකර්ශනය දිනා ගැනීමේ වැඩ සටහන් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

 මේ දිනවල විදේශීය සංචාරකයින් බහුල වශයෙන් නැවතත් මෙරටට පැමිණෙන බැවින් ජාතික වනෝද්‍යානවලට ඔවුන් පැමිණෙන අවස්ථාවල දී ප්‍රමාදයකින් තොරව ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා අතිරේක ප්‍රවේශපත් කවුළු විවෘත කිරීමට පියවර ගන්නා ලෙසත් එමගින්  සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීම සඳහාත් පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

දඩ ගසා 70 ලක්ෂයක් උපයයි

තෙපානිස් Monday, 16 January 2023 04:29 PM

අමු දළු සඳහාත්, රබර් සඳහාත් අඩුම මිලක් ගෙවා කුඩා තේවතු හිමියන්ට හා රබර් වගවගාකරුවන්ගෙන් කොපමණ දඩයක් අයකර ගන්නවද කියලා කියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site