IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දඩ කොලේ නිසා පොලීසියේ වතුර කපලා?

නොච්චියාගම ප්‍රාදේශිය සභාවෙන් පොලීසියට වසරක් පුරා නොමිලයේ සැපැයු නළ ජලය පසු ගිය 31 වැනිදා සිට  නතර කැර ඇත.

පොලීසිය කියනුයේ ප්‍රාදේශිය සභා සේවකයකු හෙල්මටයක් නැතිව යතුරු පැදියෙන් ගිය වරදට පෙර දින දඩ කොලයක් නිකුත් කළ බවයි.

ප්‍රාදේශිය සභාපති නලීන් දිසානායක මහතා කියනුයේ  පොලීසියේ ඒ රාජකාරියට තමා මැදිහත් නොවන බවයි.

නොමිලේ ජලය සැපයු  බව ඔහු පිළිගනී.තව දුරටත් නොමිලේ ජලය දිය නොහැකි නිසා නතර කළ බවද ඔහු කියයි.

තමා වරදක් කැර ඇත්නම්  නීතී මගින් ක්‍රියා කළ හැකි බව ඔහු පවසයි.

 



අදහස් (0)

දඩ කොලේ නිසා පොලීසියේ වතුර කපලා?

කින් බෙනට් Monday, 01 September 2014 05:07 PM

ඒකනේ පතිරණ, පොලිසියටත් බලද්දී මිනිස්සු ගැන තියෙන්නේ පුදුම කැක්කුමක්නේ. මඟ රැකලා ඉඳලා පන්නාගෙන ගිහින් අල්ලලානේ ඔය දඩ කොල දෙන්නේ.ඒ තරම් පුදුම ආදරයක් මිනිස්සු ගැන තියෙන්නේ. (නි)

:       0       0

සමරනායක Monday, 01 September 2014 05:44 PM

කොහොම වුණත් පොලිසියට නොමිලේ වතුර දුන්න එකත් වැරදියි. වරිපනම් ගෙවන්නෙ සාමාන්‍ය ජනතාව. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 02 September 2014 09:57 AM

හිස් ආවරණයක් එකක් නැතුව ගියාම අල්ලලා තියෙන්නේ එයාගේ හොඳට නේද? වතුර කැපීමත් එයට සාපේක්ෂව සිදු වූ නිසා පොලිසිය එම ක්‍රියාව පෙර සිද්ධියට සම්බන්ධ කර එය ලගු කරනවා නම් එය බොහොමත්ම වැරදියි. ගොඩක් ආරවුල් වලට ප්‍රධාන හේතුව මෙවැනි වැරදි වැටහීම් තමා. (නි)

:       0       0

චානක. Monday, 01 September 2014 08:45 PM

පෙරදිග අමුතු ඇටේ සිදුවෙන්නෙම අමුතුම දේවල්නේ. (නි)

:       0       0

උපාලි Monday, 01 September 2014 09:56 PM

ඒ කියන්නේ පොලිසියේ වතුර බිල් මෙච්චරකල් ගෙව්වේ අපේ බදු මුදලින් කියන එකද? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 02 September 2014 12:41 AM

මෙහෙම ගියොත් අපේ රට පාලනය කරන්න නීති රීති ඕනෑ වෙන්නේ නැහැ. (නි)

:       0       0

මධුක Tuesday, 02 September 2014 12:48 AM

දැන් ඉතින් එන හැටියකට මුහුණ දෙන්නයි තියෙන්නේ (නි)

:       0       0

රොහාන් සෞදි Monday, 01 September 2014 10:51 AM

එහෙනම් ඉතින් දඩ කොලයක් දෙන්න කලින් කපන්න තිබුණනේ මොකද දුන්නදාට පහුවදාම කැපුවේ ? (ස)

:       0       0

ධම්ම Monday, 01 September 2014 11:01 AM

මහජනතාවගේ මුදල් සහ පහසුකම් රාජ්‍ය ආයතන අතර හුවමාරු වන්නේ මෙහෙමද? "දඩ වෙනුවට වතුර" (නි)

:       0       0

අපොන්සු Monday, 01 September 2014 11:15 AM

කුම්බලා මාළු කෑවහම ඔහොම තමයි කිව්වලු. (නි)

:       0       0

පතිරණ Monday, 01 September 2014 11:36 AM

පොලිස් නිලධාරීන් සම්පුර්ණයෙන්ම වැරදි බව මගේ අදහසයි. හිස් ආවරණයක් ඕනෑ ඔලුව බේරාගන්න ඔලුවක් ඇති මිනිසුන්ටනේ (නි)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 02 September 2014 03:20 AM

කොහොම උනත් දේශපාලකයෙකුයි, සේවකයෙකුයි වෙනුවෙන් ඉදිරිපත් වීම හොඳයි (නදී)

:       0       0

කුමාර් Monday, 01 September 2014 12:12 PM

දේශපාලුවෝ ඔක්කෝටම ඔල්මාදද (නදී)

:       0       0

දිලාන් Tuesday, 02 September 2014 03:07 PM

අම්මෝ! ලොකු දෙයක් දඩ කොලයක් දීලා බේරුන එක (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 02 September 2014 04:06 AM

උපාලි පොලිසිය යැපෙන්නෙත් අපේ බදු මුදල් වලින්නේ. අපි හොද නම් එයත් ඉතුරුයිනේ. එහෙම උනොත් රැකියා නොමැති නිසා පවුල් ලක්ෂ ගණනක් බඩගින්නේ නේද ? (නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 02 September 2014 04:23 AM

මමත් හිතන්නේ පොලීසිය මෙතැනදී වැරදි සහගත බව. ඔලුව නැති කෙනෙකුට හෙල්මට් මොකටද? එහෙමත් දඩ කොළ දෙන්න පුලුවන්ද? අපි සල්ලි දෙන්නම් ඔය වතුර වලට. ඔලුව ඇති අයට බය නැතුව දඩ කොළ යවන්න. අපි නිතරම ඔලුව තියන අය සමගයි (නදී)

:       0       0

කුසුමාවතී Tuesday, 02 September 2014 04:25 AM

අනිත් අයගෙන් මුදල් ගනිද්දී පොලිසියට විතරක් නිකන් වතුර දෙන්න ඕනේ නැහැ . ඒවගේම ප්‍රාදේශීය සබාවේ කියල නීතියට පිටින් යන්නත් කාටවත් ඉඩදෙන්නත් ඕනෙත් නැහැ. (නදී)

:       0       0

සාගර Tuesday, 02 September 2014 04:37 AM

පොලිසිය ඉන්නේ සමාජයේ වැරදි නිවැරදි කරන්න. ඒත් පොඩි දෙයකටවත් සමාව දීලා හරි වැරදි පෙන්නන්න තරම් සමහර රාළහාමිලාට මොළයක් නැහැ. ඒකෙන් පොලිසියත් සමාජයත් අතර සම්බන්ධතාවය නැතුව යනවා. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 01 September 2014 02:00 PM

පොලිසියටත් හොඳ පාඩම අනුන්ගේ පානෙන් එළිය බලන්න යනවට. (නි)

:       0       0

මාලි Monday, 01 September 2014 02:17 PM

බොහෝ පොලිසි වලට ඕනෑ නඩු විතරයි (නි)

:       0       0

රන්ජිත් Monday, 01 September 2014 02:24 PM

පොලිසිය තවම මට්ටුවෙලා නැහැ වගෙයි. අමතක කරන්න එපා, දඩ පොත අතට ගත්තම විතරක් ස්වාධීන විය නොහැකියි. පොලිසිය නීතිගරුක නම් නොමිලයේ වතුර ගත්ත එකත් වැරදියි (නි)

:       0       0

ප්‍රසංග Tuesday, 02 September 2014 09:22 PM

පොලිසියට තිබුනනේ වතුර සල්ලි වලට ගන්න (නි)

:       0       0

රූපවතී Tuesday, 02 September 2014 08:35 AM

ප්‍රාදේශීය සබාවේ ලොක්කෝ පොලිසියට වතුර දුන්නේ ආදරේට කියලද ඔයාලා හිතන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site