IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘දඩමස් දැන්වීමට පොලිසිය දඩමස් කරන්න බෑ‘‘

දඩමස් හා සෝයා සම්බන්ධ වෙළඳ දැන්වීමකට පොලිස් නිල ඇඳුමකට සමාන ඇඳුම් ඇඳ සිටින පුද්ලයන් දෙදෙනකු යොදා ගැනීමෙන් පොලිසියට අපකීර්තියක් සිදුවෙතැයි ද ඒ ගැන තමන් විසින් අද (02) කොටුව පොලිසියට පැමිණිල්ලක් කළැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස් නිල ඇඳුම, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක කොටස් ඇඳගෙන මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුවට අපහාස වන අයුරින් චිත්‍රපට, නාට්‍ය වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අදාල දැන්වීඹ නිෂ්පාදනය කරවූ සෝයා මීට් ආයතනයටත් එහි පෙනී සිටින නළුවන් දෙදෙනාටත් එරෙහිව පොලිස් ආඥාපනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසයි.



අදහස් (0)

‘‘දඩමස් දැන්වීමට පොලිසිය දඩමස් කරන්න බෑ‘‘

චාමර Wednesday, 02 December 2015 01:01 PM

මදැයි කරගත්තා! දැන් ඉතින් මොනවා වෙයිද? (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 02 December 2015 01:06 PM

මස් කෙසේවෙතත් දඩ කන්න පුළුවන් වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site