IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දෙගොල්ලෝම වැරදිකරුවෝ

උඩවලව වනෝදයානයේ  වල් අලින් පාරේ යන එන මිනිසුන්ගෙන් හිඟා කෑම නතර කිරිමට වනජිවි නිලධරයන් වසර කිහිපයක් තිස්සේ ගත් උත්සහය අසාර්ථක වී ඇත. ජලාශයේ සිට උඩවලව හම්බන්තොට මාර්ගයේ විදුලි වැට අයිනට දැන් වල් අලි නොඑන නමුත් ජලාශයට බැස පිහිනා පාර අයිනට  ඒමට  එක් අලියෙක් පුරුදු වී  සිටි. ඒ අලියා ජලාශයේ සොරව්ව සමීපයේ සිටිමින් හිඟමන් යදී. දවල් කාලයට  මේ විදුලි වැටෙන් විදුලි සැර නොවදින බව පෙනේ.

01111-264 01111-265 01111-266 01111-269 01111-271 01111-280 01111-281 01111-286



අදහස් (0)

දෙගොල්ලෝම වැරදිකරුවෝ

සකුන්තලා Monday, 18 January 2016 11:19 AM

අනේ පවු අසරණ සත්තු. (ර)

:       0       0

ශාන් සෞදි Monday, 18 January 2016 11:21 AM

මෙයට කළයුත්තේ වැවෙන් ගොඩට ඒමට නොහැකි වනසේ කටු කම්බි වැටක් යෙදීමයි මන්ද ජලයේ සිටින සතාට වැට කැඩීමට නොහැකි නිසා ඔවුන් වැවෙන් ගොඩ ඒමට නොහැකිබව තේරුම් ගෙන ආපසු යනු ඇත පාරේ අද්දරටම විදුලි වැට ගෙන විත් වැව හා පාර අතර උන්ට සිටීමට ඉඩක් ලබා දීමෙන් මෙය වළකා ගත නොහැකි වනු ඇත (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 05:06 AM

අසරණ සතුන්ට බඩ ගිනියි කියල ඉල්ලන්න බැහැ.සතුන්ට කන්න දෙන එක තරම් පිනක්/සතුටක් තවත් නැහැ.මම මෙහෙ අසරණ සතුන්ට මගේ කන බත් පතට වැඩි පුර අරගෙන ගිහින් දෙනවා.ඒ තුලින් මම මොන තරම් සතුටක් ලබනවද...(ම)

:       0       0

සරත් Tuesday, 19 January 2016 07:37 AM

මේ අලියට හොදට පීනන්න පුලුවන්. මමත් නොවැම්බර් නිවාඩුවට ගිය වෙලේ කෑම දුන්නා. වතුර වැඩි නිසා සොරොව්ව අරිනකොට මෙයා හිරවෙන්න ගියා. එතකොට වෙඩි දාලා එලෙව්වා (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 18 January 2016 11:26 AM

පව් නේ අනේ !හිගාකන්නේ හම්බකරගෙන්න කන්න බැරි නිසා නේ.දානයක් දුන්න වගේ කියලා හිතාගෙන මේ අසරණ සත්තුන්ට කන්න ටිකක් දෙමු. (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 05:04 AM

මෙම ෆොටෝ අප වෙත පෙන්වන ලංකාදීපයට අපගේ ප්‍රණාමය..(ම)

:       0       0

ශ්‍රි ලංකා Tuesday, 19 January 2016 07:59 AM

මේක වැරදි වැඩක් , ප්ලාස්ටික් මලු වල දාපු දේවල් කන්න දුන්නම අලි ලෙඩ වෙනවා. (ම)

:       0       0

චන්ද්‍රා Monday, 18 January 2016 05:19 PM

ශාන් සෞදිගේ අදහස හරි. ඊට අමතරව ඉඩ ඇති තැනක වෙනම කොටසක් වෙන්කළොත් නරකද සතුන්ට කෑම දෙන්න? (නි)

:       0       0

සරත් -සවුදි Monday, 18 January 2016 12:03 PM

හිගා කනවා කියන්න එපා සත්තුන්ට (ම)

:       0       0

අමල් Monday, 18 January 2016 12:13 PM

පව් අහිංසක සත්තු. (ර)

:       0       0

චමල් Monday, 18 January 2016 12:22 PM

අපේ මිනිස්සු කොච්චර උනත් සත්ව කරුණාව තියෙන කට්ටිය. ඒ නිසා අපිට ඒ සතුන්ට අහාර දෙන්නත් ඒ සතුන් ඇවිල්ල අහර ගන්නත් ක්‍රමයක් හැදුවනම් දෙගොල්ලොන්ගේම අවශ්‍යතා ඉටු වෙනවා. අනේ සත්තු හිඟ කනවා කියන්න එපා. (ර)

:       0       0

ජගත් Saturday, 23 January 2016 08:36 AM

කොහොමටත් මෙය නොවිය යුතු දෙයක් ....! මේ දැවැන්තයන් මිනිසුන් මත්තේ දැන්ම යැපිය යුතු නැහැ. සරල දෙයක් කරන්න තියෙන්නේ .රජයේ ආරක්ෂක අංශ යොදා දිවාකාලයේදී මෙතැන වාහන නවතාතැබීම වැලක්වුවාම හරි...! (හේ)

:       0       0

පද්මිණි Monday, 18 January 2016 12:32 PM

පුරුවේ ආත්ම ගතියක්ද මන්දා මට කදුළු නවත්තන්න බැහැ. අනේ මේ සද්දයින්ගේත් යන එනපින්වතුන්ගේත් ආරක්ෂාව සපයන්න නිලදරුවනේ.(ර)

:       0       0

මහින්ද සෞදි Monday, 18 January 2016 12:27 PM

අලියා හොඳ සතෙක් උනත් කෙලෙහිගුණ නොදත් අලිත් ඔය අතර ඉන්න පුළුවන්. (ර)

:       0       0

සමන්ති Monday, 18 January 2016 07:40 PM

වන සතුන්ට ආහාර දී ඔවුන්ගේ ජීවන චර්යා රටා වෙනස්කර මිනිසුන්ට කරදරයක් වු විට වනජීවී දෙපාර්තමේන්තුවත් රජයත් අපහසුවට පත්කරන්නේ කවුද? (නි)

:       0       0

චමින් කරුණාරත්න Wednesday, 20 January 2016 03:00 AM

විදුලි වැටක් වෙනුවට ආරක්‍ෂිත වැටක් යෙදුවා නම් මේ පාරෙන් යන සියලු සංචාරකයින්ට මෙම සතුන් නරඹන්න පුළුවන්. ජලාශයෙන් එහා වනයේ අලි ඉන්නවා කියනවට වඩා මෙහෙම බලන්න අවස්ථාවක් සළසා දෙන්න පුලුවන් නම් හොඳයි. පොඩි මිනිසුන්ටත් වෙළඳාමක් කරන්නත් පුළුවන්. (නි)

:       0       0

අනුර Wednesday, 20 January 2016 03:38 AM

ඕක පිඟානක තියල දුන්න කන්ට ඌ පිගානත් ගිල්ල නොවැ (බ)

:       0       0

අනුර Wednesday, 20 January 2016 03:40 AM

වැට ගහල තියෙන්නේ මිනිස්සුන්ට කැලෑවට යන්න බැරිවෙන්න අලින්ගේ ආරක්ෂාවට (බ)

:       0       0

අනුර Wednesday, 20 January 2016 03:38 AM

බාණ්ඩාගාරය හිස් වෙලා වගේ දැන් අලි හිඟා කන්නේ කිසම මෛත්‍රීයක් නැහැ වගේ අර ප්‍රාඩෝ වල නොව උන් දැන් යන්නේ කන්න නැතත් (බ)

:       0       0

රෝහිණී Monday, 18 January 2016 01:12 PM

මේ වගේ ක්‍රියා නොකළ යුතුයි.මේ අයට කියන දේ අහන් නැති නම් නීති මගින් දඩුවම් කළ යුතුයි.හාමුදුරුවෝ වුණත් එච්චරයි. පස්සේ කනවෝ කනවෝ කියලා කෑ ගහන්න කලියෙන් දඩුවම් කළ යුතුයි. (බ)

:       0       0

දැකුම් Tuesday, 19 January 2016 02:28 AM

මම මේ අලියව දන්නවා. මෙයාගේ නම රම්බෝ. මෙය වෙන අලින්ට මෙතනට එන්න දෙන්නේ නැහැ. අනිත් අලින් මෙතැනට ආවොත් මෙයා ගහනවා. මෙයා මෙතන ඉන්නේ දැන් අවුරුදු 10ක 12ක විතර ඉඳලා .නමුත් මෙයා ඔය ඉන්නවා වගේ අහිංසක නම් නැහැ. ටිකක් සැරයි. (නි)

:       0       0

චානා Monday, 18 January 2016 02:32 PM

මම දන්න කාලේ ඉදන් අලියා ඔතන කෑම කන්න පුරුදු ඉන්නවා. පාරේ යන මිනිස්සු ඕනෑතරම් ඔය අලියට කෑම දෙනවා.මාත් යමින්ගමන් ඔනතරම් කෑමදීල තියනවා, දන්නතරමින් කිසිම කෙනෙක්ට කරදරයක් කළා කියල නම් දන්නෙ නෑ. (බ)

:       0       0

චන්දික Tuesday, 19 January 2016 04:02 AM

මෙය වැරදි අර්ථ කථනයකි.මෙම අලියට මමත් කෑම දීල තියෙනවා එය සිගාකෑමක් නොවන බැව් මගී අදහස. (බ)

:       0       0

ප්‍රියන්ත Monday, 18 January 2016 02:49 PM

සතුන්ට ආහාර දෙන්න සංචාරකයන් කැමතියි .මේ සදහා නිවැරදි ක්‍රමයක් සකස්කරන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site