ලබාදුන් ජනවරමට අනුකූලව දේශපාලනයේ දිගටම නිරත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොයෙකුත් අභියෝග මැද ලැබූ මෙම ප්‍රතිඵලය නිහතමානීව පිළිගන්නා බවත් මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් සියලු ආදරණීය ඡන්ද දායකයින්ට හා පාක්ෂිකයින්ට තමාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන බවත් රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් කියා සිටියි.
පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මෙතෙක් රට ජාතිය වෙනුවෙන් කළ සේවය දිගටම කරගෙන යන බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දිගටම දේශපාලනයේ රැඳෙනවා‘ - මහින්ද
ශාන් Wednesday, 19 August 2015 09:52 AM
රටේ ජනපති වෙලා ඉඳලා නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් වෙන එක මොනතරම් ලැජ්ජාවක්ද? (නි)
දිසානායක Wednesday, 19 August 2015 10:01 AM
ඔබ සැමදා අපගේ හදවතේ රැඳේවී අතිගරු ජනාධිපතිතුමනි (නි)
නවීන් Wednesday, 19 August 2015 03:58 PM
මහින්ද, ඔබ අපේ සදාදරණීය නායකයා. සිංහලයා අනගාරික ධර්මපාලතුමාවත් අමතක කළා. ඔබට සදාකල් ආදරය කළ ජනතාව වෙනුවෙන් දේශපාලනයේ ඉන්න ඔබව මිනිසුන්ට අවශ්‍ය වන දවස ළඟදීම උදාවෙනවා නියතයි (නි)
අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 05:11 PM
ජය වේවා! (නි)
රේණුකා Friday, 21 August 2015 10:56 AM
ඔබතුමා සමඟ අපි නිතරම ඉන්නවා .ඔබයි මේ රටට නිදහස දුන් සැබෑ නායකයා. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
නිශාන්ත Wednesday, 19 August 2015 06:29 PM
අනේ මන්දා මහත්තයෝ මේවා. ඒත් ඉතින් ඒක ඔබගේ කැමැත්තනේ (නි)
සත්‍යයා Thursday, 20 August 2015 01:09 AM
මහින්ද කරගත් ලොකුම වැරැද්ද යහපත් දේශපාලඥයෙකු තුළ තිබියයුතු ලැජ්ජා-භය නැතිකර ගැනීම. එය සැබෑ දේශපාලනයෙන් අපගමනයවීමක්. ඔබට හෝ ඔබ අවට සිට ඔබට වන්දිභට්ටකම් කළ කිසිවෙකුටවත් බැරිවුණා මේ අවාසනාවන්ත තත්වයෙන් ඔබව මුදවා ගන්න. ඔබ දේශපාලනයක් කළා යයි සිතනවා නම් ඒක ලොකු මුලාවක්. ඔබ ආපසු ඇවිත් කරන්න යන්නේ දේශපාලනයක් නොව යක් නැටුමක් නොහොත් තොවිලයක්. අන්තිමට බැලුවහම කරපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)
අසේල Saturday, 22 August 2015 02:55 AM
ඔබතුමා යන්න එපා කවදාවත්.ළඟදීම ලංකාවේ මිනිස්සු තෙරුම් ගනිවී.තෙරුවන් සරණයි ඔබතුමාට.(ම)
වජිර Thursday, 20 August 2015 02:07 AM
මහින්ද දැන් හිල්වුණ බැලුමක් වගෙයි. කරගත් වින්නැහිය තරම! හදිසි වුණේ නැත්තම් අදත් ජනාධිපති. රත්තරන් බිත්තර ටික ඔක්කොම එකපාරට ගන්න ගියා. (නි).
විජිත් Wednesday, 19 August 2015 12:59 PM
අපි හිතුවේ දැන්වත් තීරණයක් ගනී කියලා... (නි)