(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සේවාව ඇතුළු සියලුම ක්ෂේත්‍ර වල පර්යේෂණ ජාතික සංවර්ධන සැලැස්මට අනුගත විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දකුණු ආසියාවේ පැරණිතම සහ මෙරට පිහිටි විශාලතම මෙන් ම ප්‍රධානම වෛද්‍ය පර්යේෂණායතනය වන බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වත්මන් කටයුතු සොයා බැලීමට එක්වීමෙන් අනතුරුව එම ආයතනයේ සියලු අංශ ප්‍රධානීන්, පර්යේෂකයින් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
වෛද්‍ය පර්යේෂණ යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම අංශයක් බවත්, රෝග මෙන් ම රෝග නිදානය, ප්‍රතිකාර සේවා, ප්‍රතිකා වලින් පසු රෝගියාගේ ජීවන රටාව පිළිබඳව ද කරුණු සලකා බලන්නේ ද වෛද්‍ය පර්යේෂණවලින් ලබාගන්නා නිගමනයන් තුළින් බවත් පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෛද්‍ය පර්යේෂණ, විශේෂිත රසායනාගාර පරීක්ෂණ සහ මහජන සෞඛ්‍ය, ප්‍රශස්තව පවත්වාගැනිම සඳහා සිය අඛණ්ඩ දායකත්වය දක්වමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට එදා මෙදා තුර සිදුකරන කාර්යභාර්ය මෙරට ජනතාවගේ සුවිශේෂී ඇගයීමට ලක්වන බව ද පැවසීය.
රෝග නිරීක්ෂණ, එන්නත් තත්ත්ව පාලනය සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් පුහුණු කිරීම ඇතුළු ව වෛරස් විද්‍යාව, බැක්ටීරියා විද්‍යාව, පරපෝෂිත විද්‍යාව, පෝෂණය, ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක ජීව විද්‍යා වැනි ක්ෂේත්‍රවල පර්යේෂණ සිදු කරමින් වසර 125 ක් වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉටුකර ඇති මෙහෙවර මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රශංසාවට ලක්විය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
596
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දකුණු ආසියාවේ පරණම වෛද්‍ය පර්යේෂණායතනය බලන්න ඇමති යයි
karolis Friday, 07 February 2025 03:05 PM
දකුණු ආසියාවේ පරණම කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂය මොකද්ද මන්දා...?
Suranga Friday, 07 February 2025 06:07 PM
මට හිතෙන්නේ නම් ඔවුන් ජෙප්පෝ නොවෙයි කියලා මොකද ගල් ඔය සංවර්ධනය මැලේරියාව බෝකර මිනිස්සු මරණවෝ කීම කියපු කෙනාත් 52 හෝ 53 හර්තාලයක් කරවපු දේශපාලුවෝ තමයි ජෙප්පෝ දෙවැනියෝ වෙනවා.