(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හැකියාවක් ඇති බුද්ධිමත් ඇමතිවරුන් ලිප් බොක්කට දමා ඇතැයි සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලංකාවේ කුරුඳු ලෝකෙ වෙන කොහේවත් නැතැයි ද කුඩා තේ වතු හිමියන් අද අසරණ තත්වයකට පත්වෙලා තිබෙන බවද කී පතිරණ මහතා එක එක්කෙනාගේ කඩදාසි පඩංගු කියවන්නේ නැතිව ක්ෂේත්‍ර පරීක්ෂණ කර ඇත්ත වටහා ගන්නැයි ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
කර්මාන්ත ,වෙළෙඳ හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ වලට අයවැයෙන් වෙන්කර ඇති වෙන් කර ඇති මුදල සලකා බැලූ විට රටේ ආහාර සුරක්ෂිතතාවයට දක්වන සැලකිල්ල හොඳින්ම තේරුම් ගන්නට හැකියාව තිබෙන බව කී බුද්ධික පතිරණ මහතා වැවිලි අමාත්‍යාංශයට බිලියන 14ක් කර්මාන්ත අමාත්‍යාංශයට බිලියන අටක් සහ වෙළෙඳ අමාත්‍යංශයට රුපියල් බිලියන හයක් වශයෙන් වෙන්කර තිබෙන බවද කීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දක්ෂ ඇමතිලා ලිප් බොක්කට දාලා
Saman Wednesday, 30 November 2022 12:00 PM
අනේ ඔහේගේත් කයිය විතරයි... කරපු අමාත්‍යාංශවල ඔහේ මොනවද කළේ?
sharm warn Wednesday, 30 November 2022 01:57 PM
ඒ කියන්නේ... මෙයත් ඇමැතිකමක් දෙන්න කියලා නොකියා කියනවද?
Sisra Katugampala Wednesday, 30 November 2022 02:14 PM
බුද්ධික පතිරණ මහත්මයි... ඔයාලා රනිල්ට එකතුවුණානම් රනිල් බුද්ධිමත් ඇමැතිවරුන් පත්කරගන්නවා. ඔයාලා පස්ස ගහලා ඉන්නකොට, රනිල් අනිත් අයගෙන් වැඩගන්නවා.
fairoos Wednesday, 30 November 2022 02:58 PM
රනිල් සමග ඔතැන ඉන්න 225ම එළවන්න ඕනෑ... එතකොට තමයි රටට සෙත වෙන්නේ...
විපරමා Wednesday, 30 November 2022 06:35 PM
කවුද ඔය කියන දක්ෂ ඇමතියෝ. ඉස්සර නම් හිටියා රාජපක්ෂ කියලා පවුල් පාලනයක්ම... මහාපරිමාණ හොර වංචා, දූෂණවලට නම්දරාපු දක්ෂයින්. පොහොට්ටුවේ ඉන්න අයගේ දක්ෂකම් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
dhamneth Wednesday, 30 November 2022 07:11 PM
ඔබ ඔය දක්ශයි කියන හිටපු අමතිවරුන්ගෙ නම් හෙලිකරන්නකො. අපි උදව්කරනව