සිරංගිකා ලොකුකරවිට
දකුණු පළාතේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බැවින් වසා දැමුණු පාසල් හෙට (30) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පැවසීය.
එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ දරුවන්ගේ ජීවිතය පළමු ස්ථානය බවත් අධ්‍යාපනය වැටෙන්නේ ඉන්පසුව බවත් සියලු දෙනා තේරුම් ගතයුතු බවයි. දකුණේ දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයක් අනුව පසුගිය 22 වැනි දා සිට දකුණු පළතේ කලාප කිහිපයක පාසල් හි ප්‍රාථමික අංශ වසා තැබිණි.
අමාත්‍යවරයා පවසන්නේ පාසල් වැසීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිදු තීරණයක් ලබා නොදුන් බවයි. පාසල් වසා දැමීමෙන් පසු අවස්ථා කිහිපයකදීම මෙම රෝගය පැතිරීම පාලනය කිරීම පිළිබඳව හා පාසල් යළි විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඉල්ලා සිටියද මෙතෙක් ඒ පිළිබඳව කිසිදු නිර්දේශයක් ලැබී නැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
"ඉන්ෆ්ලුවන්සා රෝගය දකුණු පළාතේ සීඝ්‍රයෙන් පැතිර යාම පාලනය කිරීමට අපි දකුණේ අධ්‍යාපන කලාප කිහිපයක ප්‍රාථමික අංශ දින කිහිපයක් වසා තැබීමට කටයුතු කළා. මා දන්නා තරමින් මේ රෝගයෙන් කුඩා දරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා වැරදි තොරතුරු සමාජගත වීමෙන් අනවශ්‍ය බියක් ඇතිවෙලා කියලා.
වැරදි තොරතුරු පැතිරෙන්නේ නිවැරදි තොරතුරු නොදෙන නිසයි. නිවැරදි තොරතුරු දෙනවා නම් අපිටත් හරි තීරණයක් ගන්න පුළුවන්. කෙසේ වුවත් අපි හෙට (30) දිනයේ පාසල් සුපුරුදු පරිදි විවෘත කරනවා. පාසල් විවෘත කරාට පසු මේ රෝගය තවදුරටත් පැතිර ගියහොත් හෝ එක දරුවකු හරි මිය ගියහොත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින් බාරගත යුතුයි."
දකුණු පළාතේ පෙර පාසල් නැවත විවෘත කරන්නේ ජුනි 4 වැනි දා බවත් පළාතේ දහම් පාසල් ලබන ඉරිදාත් ජුනි 3 දක්වා වසා තැබෙන බවත් අමාත්‍ය රාසපුත්‍ර මහතා පැවසීය.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දකුණේ පාසල් හෙට අරී - සෞඛ්‍ය බලධාරීහු මුනිවත රකිති
බද්රානි Tuesday, 29 May 2018 01:36 PM
සෞඛ්‍ය දර්ශක අතින් අපි ලෝකෙන්ම ඉහල තැනක ඉන්නවා නම් ඉතින් ඔය මරණ ගැන කතා කිරීම අපගේ තත්වයට ගැලපේද? ඒ වගේම ප්‍රමිති ගත වෛද්‍ය අධ්‍යාපනයක් හා උසස් සෞඛ්‍ය සේවයක් තියන රටේ ඔය වගේ මරණ කීපයක් ගැන කතා කතා කරන එක සුදුසුද? දොස්තර කෙනෙක් වීමට නොහැකිවූ හීනමානයට, මානසික ව්‍යාධියට ලක් වුවන් මෙවැනි සුළු කාරණා ලොකුවට තැකුවාට, රාජකාරියට, පැමිණෙන හා පිටවෙන, ලෝකයේ සම්මත ක්‍රමවේදයන් සියල්ල පසෙකට විසිකර, පෞද්ගලික රෝහල් හා චැනල් සෙන්ටර් තුලින් ඉතාම අඩු සාධාරණ මුදලකට, දිවා රාත්‍රිය නොතකා තම සේවාව සපයමින්, තම රාජකාරියෙන් ද ඔබ්බට ගොස් දිනපතා, මාධ්‍ය සාකච්චා පවත්වමින්, රටට ගැලපෙන දේශපාලනයක් කරමින්, මේ රට ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කල. වෛද්‍ය සභාව, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු මේ සංගම් වල ප්‍රධානීන්ට අපි කෘතගුණ පුදකළ යුතු නොවෙමුද?
mali Tuesday, 29 May 2018 01:58 PM
පුදුම වෙන්න දෙයක් නැහැ. මේක දොස්තරලගේ සුඛවිහරණ අදාල ඉල්ලීමක් නොවන නිසා අදාල නොවේ කියල ඉන්නවා ඇති.
සෙනෙවි Tuesday, 29 May 2018 02:29 PM
පාසල් බලධාරීන් ට මෙහි දී තීරණ ගත නොහැක වෙෙද්‍ය සංගමයටද මීට වඩා වැඩ තිබේ දෙමාපියන් කැමැත්තක් කරන්න.
pakeer Tuesday, 29 May 2018 06:44 PM
මිනිස් ජීවිත ගැන ගානක් නැති මිනිස්සු................ මේ වගේ රටවල් වල ඉපදෙන්න අපි සැහෙන්න පව් කරලා ඇති!
පුෂ්පකුමාර Tuesday, 29 May 2018 07:56 PM
පින් මද පුතුන් සියයක් ලද වත් නිසරු... ගුණ නැණ බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු..
සෙන්දේ Wednesday, 30 May 2018 04:54 AM
බෑනේ... ඕකෙන් ජී එම් ඕ එකට දේශපාලන වාසි ගන්න බෑනේ... ඒක නිසා කට වහගෙන ඉන්න ඕනේ