IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණේ ගැටිත්තට මුලින් වම කපලා

නාගොඩ රෝහලේ දී සිය බිරියගේ දකුණු පියයුරේ තිබූ ගැටිත්ත වෙනුවට වම් පියයුරේ ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරයකුට ඒ බව කී පසු දකුණු පියයුරේ තිබූ ගැටිත්ත ඉවත් කිරීමට  නැවත සැත්කමක් කිරීමෙන් බලවත් වරදක් කළ ඇතැයි මතුගම අගලවත්තේ පදිංචිකරුවකු පැමිණිලි කළ බව අගලවත්ත පොලිසිය පවසයි.

දකුණු පියයුර වෙනුවට වම් පියයුරේ ශල්‍ය කර්මය කර ඇතැයි වෛද්‍යවරයාට දැනුම් දුන් විට ‘‘මට වැඩ වැඩියි“ යනුවෙන් එම වෛද්‍යවරයා සිය බිරිඳට පවසා ඇතැයි ද යළි සිය බිරිඳ සිහි නැති කර සැත්කමක් කළේ යැයි ද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කැර ඇත.

කළුතර රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට කියා සිටියේ සිද්ධියට අදාල වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ගත් බවයි. පියයුරු දෙකේම ගැටිති තිබූ බවත් එබැවින් ඒ දෙකේ ම කොටස් ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකළ බවත් වෛද්‍යවරයා කීවේ යැයි රෝහල් අධ්‍යක්ෂ කියයි.

 



අදහස් (0)

දකුණේ ගැටිත්තට මුලින් වම කපලා

ඩිල්ෂාන් Friday, 04 December 2015 03:56 AM

ශල්‍ය වෛද්‍යවරුන්ට වැඩ වැඩි නිසා වැරදි වෙන බව ඇත්ත. නමුත් ජනගහණය වැඩි වුණාට ඊට සමානුපාතිකව වෛද්‍යවරුන් ගණන වැඩි කිරීමට සෞඛ්‍යය අමාත්‍යාංශය කටයුතු කර නැහැ. ඔවුන්ද වරදකරුවන් වෙනවා. (නි)

:       0       0

සමන්ත Thursday, 03 December 2015 12:54 PM

කාර් පර්මිට් නැතුව සාංකාව වගේද කොහෙද. පයින් වෙන්න ඇති මේ දවස් වල ලෙඩ්ඩු බලන්න යනවා ඇත්තේ. එකයි වැඩ වැඩි. (අ)

:       0       0

වසන්ජය Thursday, 03 December 2015 04:33 PM

අවයව දෙකම පරීක්ෂා කර බැලීමට දොස්තර මහතා කාරුණික වී ඇත (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 03 December 2015 08:45 PM

වම දකුණ නොතේරෙන මේ වගේ අයටද මිනිස් ජීවිත භාරදෙන්නේ? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 03 December 2015 08:48 PM

දැන් ප්‍රකාශයක් ගත්තහම පියයුරු අලුතින් වැඩෙන්න පුලුවන්ද? අපි ඉන්න රටවල මේවට තදබල දඬුවම් ලැබෙනවා (නි)

:       0       0

අබේ Thursday, 03 December 2015 10:05 AM

මේ දොස්තරට කාර් පර්මිට් ලැබිය යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site