දකුණු කොරියාවේ ධීවර රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින් සඳහා පැවැත්වෙන භාෂා ප්‍රවීණතා විභාගයට මේ මස 19 වැනිදා සිට 20 දක්වා අයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
තංගල්ල, ගාල්ල, මාතර, සීදුව සහ ත්‍රිකුණාමලය යන පුහුණු මධ්‍යස්ථානවලදී මෙම අයදුම්පත් නිකුත් කෙරේ.
වයස අවුරුදු 18 සිට 39 දක්වා වයස් සීමාවේ පසුවන ධීවර පළපුරුද්ද ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකි බවත් වැඩි විස්තර www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් කාර්යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු කොරියා මූදෙන් රට සල්ලි හොයන්න ලාංකිකයන්ට අවස්ථාව
දුමින්ද Monday, 12 October 2015 08:40 AM
අපේ මුහුදෙන් අල්ලන්න එපා. (ර)
බණ්ඩාර Monday, 12 October 2015 11:59 PM
අනේ! කොරියන් භාෂාවත් ඉගෙනගෙනම යන්න (නි)
සිරි අයියා Monday, 12 October 2015 09:47 AM
තායි බෝට්ටු වල ගිහින් මාළු අල්ලන්නෙ මියන්මාර් හෝ කාම්බෝජ ජාතිකයෝ. අරාබි බෝට්ටු වල වැඩ කරන්නෙ බංගලි ජාතිකයෝ. ලංකා ධීවරයො කොරියාවට ගියාම ලංකාවට ධීවරයො ගේන්නෙ කොහෙන්ද ? (ර)
ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 10:01 AM
ශ්‍රී ලංකාව මුහුදක් නැති දුපතක්. මුහුදක් නැති නිසා මාළුත් නැහැ. එනිසා අපේ තරුණයෝකොරියාවේ මලු අල්ලන්න යවන්න තීරණය කිරීම කෙතරම් සතුටක්ද? වත්ත බද්දට දීල වැස්සට දත නියවනවා කියන්නේ මේවාට තමා. ලංකාවේ මාළු මිල මෙතරම් ඉහළට ගිහිල්ලා තිබෙන්නේ මේ නිසා. (ර)
පුෂ්ප ප්‍රේමලාල් Tuesday, 13 October 2015 12:58 AM
ශ්‍රි ලාංකිකයන් කොරියාවට එවනවා කිව්වට බැහැ. එයාලාට මෙහේ තියෙන වටපිටාව පැහැදිලි කළයුතුය. අනෙක ලංකාවේ මුහුදේ නොගිය අය මෙහාට එවන්න එපා. මෙහේ තියෙන ප්‍රශ්න වලට කවුද විසඳුම් හොයන්නේ? ඒක නිසා හොඳට මුහුදේ යන්න පුලුවන් අය විතරක් පමණක් කොරියාවට එවන්න. ධීවර ශ්‍රමිකයන්ගේ ගැටලු ගැන විදේශ සේවා එක සමහරවිට නොදැනුවත්ව ඉන්න පුලුවන්. ඒත් මෙවර හොඳට මුහුදු රක්ෂාව දන්නා අය එවන මෙන් ඉල්ලා සිටින්නෙමු. (නි)
අජිත් කරුණාරත්න Tuesday, 13 October 2015 02:46 AM
අපේ ගමෙත් කොරියා යන්න කිය කියා ඉල්ලුම්පත්‍ර බෙදුවා. මාළු අල්ලන්න යන්න කියලා නම් කිව්වේ නැහැ. අර කිව්වත් වගේ මේක මුහුද ගැන දන්නේ නැති තරුණයින්ට හරියන එකක් නොවෙයි වගේ. අවබෝධයෙන් ක්‍රියා කළයුතු වෙනවා. මුහුද නුහුරු අය ගිහින් ආපසු එනවට වඩා මුහුද පුරුදු සහ ඊට කැමති කෙනාට ඉඩදීම වඩාත් සුදුසු වේවි. (නි)
ධර්ම ජයවික්‍රම Tuesday, 13 October 2015 03:22 AM
සරු මාළු අස්වැන්නක් ලබාගත හැකි විසල් මුහුදක් හිමි ශ්‍රී ලංකාවේ කොල්ලෝ මාළු අල්ලන්න කැමති නම් කොරියාවේ නෙමෙයි හම්බන්තොටින්, මීගමුවෙන්, හලාවතින් මුහුදු යවන්න. බෝට්ටු ටිකක් අරගෙන දීලා. (නි)
ලංකා Monday, 12 October 2015 01:57 PM
හොද රැකියා අවස්ථාවක්. (ර)
ඉමේෂ් Monday, 12 October 2015 07:12 AM
මාළු බාන්නත් රට යන්න පුළුවන් ද? (ස)