
(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව සභාගත කළ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට එරට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාලක පක්ෂයේ ඡන්ද 8 ක් අවශ්‍ය වුවත් එරට පාලක පක්ෂය වන " පීපල්ස් පවර්" පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 108 න් 107 ක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ අසුන් වලින් නැගිට යාම හේතුවෙන් දෝෂාභියෝගය පරාජයට පත්විය.
පසුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු නැවතත් පැමිණියත් දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් ඉවත් කළ යුතු බව " පීපල්ස් පවර්" පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂයේ ප්‍රධානි හන් ඩොන්ග් හුන් ඊයේ(06) ප්‍රකාශ කර තිබියදී අද (07) ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ අසුන් වලින් නැගිට යාම පිළිබඳව කොරියානු ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය.
දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට ඡන්ද 200 අවශ්‍ය වූ අතර විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ සිටින්න මන්ත්‍රීවරුන් 192 ක් පමණක් බැවින් පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනකුගේ සහාය අවශ්‍ය වූවේය.
කෙසේ වෙතත් ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් ඉවත් කිරීමට ගන්න උත්සාහය අත් නොහරින බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කර ඇත.
ජනාධිපතිවරයා අත් අඩංගුවට ගන්න යැයි බල කරමින් දැවැන්ත විරෝධතාවයක්ද අද(07) පැවැත්විණි.
ජනාධිපති යුන් සුක් යෝල් දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමට ගත් තීරණයට දැඩි විරෝධයපාමින් එරට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂවල සහාය ලබා ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාව පසුගියදා සභාගත කළේය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු කොරියා ජනපති ජාම බේරා ගනී
sam Sunday, 08 December 2024 06:59 AM
ලංකාවේ සුනාමි මයිනා වගේ මොනවා හරි ලොකු දොළ පිදේනි දීලා වාසිය ගන්න ඇති... දැක්කනේ තුම්මුල්ලේ විමලෙට සුනාමි මයිනා ලොකු කුට්ටියක් දීලා හොරාගත්තු හැටි... අද විමල් ගලේ පහරපු බළලා වගේ...