දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියුංග් පිහි ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලැබුවේය.
විපක්ෂ නායකයා පිහි ප්‍රහාරයට ලක්වූයේ බුසාන් වරාය නගරයට ගිය අවස්ථාවේදීය.
පිහි ප්‍රහාරය එල්ල වූයේ 59 හැවිරිදි ලී ජේ මියුංග් ගේ බෙල්ලටය.
ලී ජේ මියුංග්, බූසාන් නගරයට ගියේ, නගරයේ ඉදිවන ගුවන්තොටුපොළක වැඩ කටයුතු නිරීක්ෂණයටය.
මාධ්‍යවේදීන් පිරිසක් ද ඔහු වට කරගෙන සිටියේය. හිටිහැටියේ පිරිස අතර සිටි පුද්ගලයෙක් විපක්ෂ නායකයාගේ බෙල්ලට පිහි ප්‍රහාරය එල්ල කළේය. විපක්ෂ නායකවරයාගේ ආධාරකරුවන් වහා එම තැනැත්තා අල්ලා ගත්තේ බිම පෙරළා ගනිමිනි.
විරෝධය දැක්වීමක් ලෙස පිහි පඦහාරය එල්ල කරන්න ඇතැයි අනුමාන කෙරේ. ප්‍රහාරකයා පොලිස් අත්අඩංවෛ් පසුවෙයි.
විපක්ෂ නායකයාට පිහි ප්‍රහාරය එල්ල වන අයුරු, තුවාල ලබා බිම වැටෙන අයුරු, ආධාරකරුවන් එක් වී ලේන්සුවක් තබා තුවාලය තද කරන අයුරු පමණක් නොව, විපක්ෂ නායකයා රෝහල්ගත කරන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් විය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා