IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණේ කොරෝනා ආසාදිතයන් 760ට නගී

(සිරංගිකා ලොකුකරවිට සහ ලලිත් චාමින්ද)

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 760ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 432ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 266ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 62ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ දකුණු පළාතෙන් ඊයේ (23) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 47 දෙනකු වාර්තා වූ බවයි.

ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 28කි. ඉන් 10 දෙනකු දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් ද තවත් 10 දෙනකු වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද වාර්තා වී ඇති අතර දෙවිනුවරින් 07ක් සහ හක්මන කොට්ඨාශයෙන් එක් ආසාදිතයකු වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 18කි. බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 07දෙනකු හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසනේ ආසාදිතයන් 05 දෙනකු ද ඇල්පිටිය 03ක්, ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය, ඉඳුරුව හා රත්ගමින් එක් ආසාදිතයෙකු බැගින් ඔවුන් වාර්තා වී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු අලුතින් වාර්තා වී තිබුණු අතර ඔහු තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුවී තිබිණි.

බූස්ස බන්ධනාගාරයෙන් ද අලුතින් එක් ආසාදිතයෙකු වාර්තා වී තිබේ.



අදහස් (0)

දකුණේ කොරෝනා ආසාදිතයන් 760ට නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31573 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13929 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11079 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1093 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site