හම්බන්තොට ප‍්‍රදේශය වර්ණවත් කරමින් පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ සමාරම්භ උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (8) පස්වරුවේ හම්බන්තොට වෙරළ තීරයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණ. ක‍්‍රීඩා උළෙලේ නිල ගීතය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක‍්‍රීඩා උළෙලේ නිල ලාංඡුනය ලෙස යොදාගෙන තිබෙන ශ‍්‍රී ලංකාවේ පාරම්පරික නර්තනයක් වන ‘සළුපාලිය’ නර්ථන ශිල්පීන් පෙරටු කරගෙන තරගාවලියට සහභාගි වන රටවල්වල කණ්ඩායම් උත්සවයට පැමිණියේය. උත්සව සභාව ඇමතූ ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ මෙම ක‍්‍රීඩා උළෙල හම්බන්තොට ජනතාවගේ පමණක් නොව සමස්ත ශ‍්‍රී ලංකාවේම ක‍්‍රීඩා උළෙලක් බවයි. නාවික හමුදා නිලධාරීන් දකුණු ආසියානු ඔලිම්පික් ධජය එසවීමෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ඇරයුමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ක‍්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කළ බව සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි යන භාෂා තුනෙන්ම නිල වශයෙන් නිවේදනය කළේය.
2025 ඔක්තෝබර් මස 08
1163
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1168
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
433
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල ජනපති අතින් ආරම්භ කෙරෙයි