
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ වී වගාව හා අනෙකුත් අතිරේක බෝග වගාවන්ට අමතරව තේ, පොල් හා රබර් යන වැවිලි බෝග වගාවන් සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
37 වන ආසියා පැසිෆික් කලාපිය සමුළුවවට සහභාගි වීමට දිවයිනට පැමිණි එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Qu Donguyi මහතා ඇතුලු පිරිස ඇල්පිටිය අතුකෝරල තේ කර්මාන්ත ශාලාව හා අගලවත්ත රබර් පර්‍යේෂණායතනය නිරීක්ෂණය කළහ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් UNFAO අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ වී හා අනෙකුත් භෝගවලට මෙන්ම තේ, රබර් හා පොල් වැනි වැවිලි භෝග සඳහාත් ඉදිරියේදී ආධාර ලබා දීම කෙරෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කළේය.
සාම්ප්‍රදායික ලෙස දැනට සිදු කෙරෙන රබර් කිරි කැපීම සඳහා හඳුන්වා දීමට නියමිත රොබොටික් යන්ත්‍රය යොදාගනිමින් රබර් කිරි කැපීමද මෙහිදී ප්‍රදර්ශනය කළේය. දැනට මෙම කර්මාන්තයේ ඉදිරි කටයුතු සඳහා පවතින ශ්‍රම හිඟයට පිළියම් වශයෙන් මෙවැනි යාන්ත්‍රික ක්‍රම අත්හදා බලන බව සඳහන් කළ අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැහැදිලි කළේය.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ,පොල්, රබර් වලට හොඳ කලක් යන ළකුණු