
(අංජුල මහික වීරරත්න)
තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා ත්‍රෛපාර්ශවික ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (29) අත්සන් තැබිණි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම්ගතවීම සිදු වූ අතර කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම සමඟ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් එහි සභාපතිවරු ගිවිසුමට අත්සන් තැබූහ.
නිල වශයෙන් තේ මණ්ඩලයට සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට තේ පොහොර බාරදීම ද අමාත්‍යවරයා අතින් සිදු විය. එම අවස්ථාවන්ට අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඒ අනුව රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් තේ වගාව සඳහා නිෂ්පාදනය කරන සුවිශේෂ පොහොර වර්ග පහක මිල ගණන් රුපියල් 2000කින් අඩු කර කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාකරුවන්ට ලබා දීමට කටයුතු යොදා ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ පෝර අඩුවට දෙන ගිවිසුමට අත්සන් කරයි