IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තේ කොප්පෙටත් අළුහුණු?

දැරණියගල තේ කර්මාන්ත ශාලාවක  නිපදවන තේ කොළවලට  සෝඩියම්  කාබනෙට් (අළුහුණු) මිශ්‍රකරන බවට ලැබුණු  පැමිණිල්ලක් මත  කෑගල්ල පාරිභෝගික අධිකාරිය සෝඩියම් බයි කාබනෙට් කිලෝග්‍රෑම් 25ක මල්ලක් කම්හලේ නිල නිවසකින්  සොයා ගත්තේය.

තේ ඉක්මනින් වේලා ගැනීමට මේ ක්‍රමය අනුගමනය කරතියි කියති.

කම්හලේ නිෂ්පාදනය කළ තේකුඩු සාම්පල් කිහිපයක්  තේ පර්යේෂණායතනයට  යොමු කැර රස පරීක්ෂක වාර්තාවක්  ලබා ගැනීමට නියමිත බව කෑගල්ල පාරිභෝගික අධිකාරිය කියයි.

කම්හලේ තේකොළ වලට  මෙම රසායන ද්‍රව්‍ය මිශ්‍ර කැර ඇද්දැයි  සොයා බැලීමට රස පරීක්ෂක වෙත යොමු කළ යුතු බවයි.

කම්හලේ සේවකයෝ  කිහිප දෙනෙක් මෙසේ කීහ.

දැනට බොහෝ කාලයක සිට මෙම ක්‍රියා දාමය සිදු වෙනවා.සෝඩියම් කාබනෙට් දෙවැනි ඇඹැරුමට (තේ) යෝදනවා.අපි මේවා කියන්න ගියොත් අපේ රැකියාව නැති වෙනවා.නමුත් මේකේ ඉන්න මහත්වරුන්  හතරදෙනෙක් හැර අනික් සියලු දෙනා මේකට විරුද්ධයි.

මේ වගේ රසායන ද්‍රව්‍ය යොදන්නේ අපේ  කම්හලේ පමණක් නොවෙයි.තවත් කම්හල්වල වෙනවා.නමුත් අපිට කියන්න බෑ අපේ කම්හලේ තිබුණු සෝඩියම්  කාබනෙට් කිලෝ  25 බෑග් 15 ක් තිබුණා.අහු වුණේ එකයි.නමුත් මෙහෙන් ගෙන ගිය  සාම්පල් මාරු කරවෙනත් සාම්පල් ඉදිරිපත් කර නිදොස් වෙයි.නමුත් මේ කරනවා ඇසින් දැක්ක  අපිට ප්‍රකාශ කරන්න බැරි අපේ රැකියාව වගේම ජීවිතයට ආරක්ෂාවක්  තිබිය යුතු නිසා.

 



අදහස් (0)

තේ කොප්පෙටත් අළුහුණු?

මලීෂ Tuesday, 22 July 2014 03:43 PM

සෝඩියම් කාබනෙට් කියන්නෙ අළුහුණු නෙමෙයි අනේ? (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 07:19 AM

දැක්ක නේද වෙන විනාසේ ..මිනිසුන්ට අද කට පියාගෙන ඉන්නයි වෙලා තියෙන්නේ මේවා දැක දැක.මේ මිනිස්සු කියන කතාව සියයට දෙසීයක් ඇත්ත.(අ)

:       0       0

වීරසේකර Tuesday, 22 July 2014 08:17 AM

මේකද දැන් මිනිසුන් ලෙඩවෙලා මැරෙන්නේ? ඇයි සමාගමේ නම දාන්නේ නැත්තේ? වෙන රටවල නම් මෙලහකට කම්හල වහලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site