IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තොරතුරු පනත යටතේ කැබිනට් පත්‍රිකා ලබාදීමේ බලය අමාත්‍යංශවලටම

(තරිදු ජයවර්ධන)

 
අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඒහා සම්බන්ධ තොරතුරු පනත යටතේ ලබා දීමේ බලය කැබිනට් ලේකම් කාර්යාලයෙන් ඉවත් කර අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අමාත්‍යංශ වෙතම පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
 
අමාත්‍ය මණ්ඩල තීරණ හා සබැඳි තොරතුරු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ආකාරයෙන්  පුරවැසියන්ට ලබා දීමේ අරමුණින්  මෙම තීරණය ගත් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
යම් නිශ්චිත අමාත්‍ය මණ්ඩල සංදේශයකට අදාළ නොවන හෝ නිශ්චිත අමාත්‍යාංශයක විෂය පථයට අයත් නොවන තොරතුරක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින්    "වෙනත් කරුණු" යටතේ එළඹ ඇති තීරණ සම්බන්ධයෙන්   පමණක්  අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් තොරතුරු ලබා ගත හැකි බව එම කාර්යාලය කියයි.
 
මෙතෙක් කාලයක් අමාත්‍යංශවලින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඊට අදාල තීරණ තොරතුරු පනත යටතේ ලබාදීමේ බලය තිබුණේ කැබිනට් ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙතය. අලුත් තීරණය අනුව එම තීරණ සඳහා අදාළ අමාත්‍යංශවල තොරතුරු නිලධාරීන් වෙත තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව කැබිනට් ලේකම් කාර්යාලය සඳහන් කරයි.



අදහස් (1)

තොරතුරු පනත යටතේ කැබිනට් පත්‍රිකා ලබාදීමේ බලය අමාත්‍යංශවලටම

ආරියපාල හේවගේ Thursday, 14 March 2019 02:02 PM

ආසියාවේ රටවල් අතරින් අන්තිමට වුණත් ශ්‍රී ලංකාවේ මෙම පනත සම්මත වීම රටේ පොදු ජනයාගේ වාසනාවකි. ප්‍රායෝගිකව මෙම පනත පාවිච්චි කිරීම ඉතාමත් දුර්වල මට්ටමක තමයි තිබෙන්නේ. මහජනතාව මෙම පනතින් ප්‍රයෝජන ගැනීමට නම් වැඩිවැඩියෙන් මෙම තොරතුරු දැනගැනීමේ පනත මගින් තමන්ට අවශ්‍ය වන තොරතුරු ඉල්ලා සිටිය යුතුයි.

:       6       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site