
(යොහාන් භාසුර)
රජයේ පොහොර සමාගම් දෙකක සභාපතිවරු සතුව පොහොර පිළිබඳ දත්ත නොමැතිවීම පිළිබඳව දොස් නැගූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තොරතුරු රැගෙන එන ලෙස සභාපතිවරු රැස්වීම් ශාලාවෙන් පිට කිරීම වඩාත් කැපී පෙනුණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී පොහොර සමාගම් සභාපතිවරු දෙදෙනෙක් මෙසේ දැඩි විවේචනයට ලක් කළේය.
“සමහර අය පොහොර සමාගම්වල හොඳම අධ්‍යක්‍ෂවරු. මේ ඝන පොහොර කියන ඒවා ඕගොල්ලො හරහානේ ගන්නේ, ඒ ඝන පොහොර ප්‍රමාණය ඔයගොල්ලෝ ලබාගෙන තියෙනවද? කොච්චර ලබාගෙන තිබෙනවාද? කොච්චර ලබාගන්න තිබෙනවාද? අවශ්‍ය නම් අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඕන වෙලාවක හදන්න. දැන් ඔයා කෙටියෙන් කියන්නෙ ඔයා දන්නෙ කැහැ කියලනේ.
දැන් ඔයාට කියන්න බෑනේ අද ඝන පොහොර කොච්චර තියෙනවද කියලා. ඔයගොල්ලො දෙන්නා එළියට ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් දාලා අහගෙන ලියාගෙන එන්න. ඔයගොල්ලො දැනගන්න ඕන මෙච්චර ගාණක් ඕනද? මෙච්චර ඝන පොහොර ප්‍රමාණක් අපිට ලැබිලා තියෙනවා. ඉස්සරහට මෙච්චර ලැබෙන්න තියෙනවාද? සරළ දෙයක්නේ. සභාපතිලා වුණාම මේවා දැනගන්න ඕනේ. ඔයත් ගිහිල්ලා අරගෙන එන්න තොරතුරු. දැන් මේවා අනිත් එක මේ අද පළවෙනි වතාව නෙවෙයිනේ. මේ දැන් අවසානයනේ. දැන් මේවා කවුරුත් දන්නෙ නැත්නම් හිතාගන්න පුළුවන්ද මොකක්ද මේකෙ තත්වය කියලා. මේ අද ඊයේ වෙච්ච දේවල් නොවෙයිනේ”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඒ ගොල්ලෝ මන්ත්‍රී කෙනෙක් වෙන්න සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා..
ලොක්කා නිකන් නරි නාටක රඟ දක්වන්නේ නැතුව ඉන්න. කිසිම සුදුසුකමක් නැති නිකන් බත්ගොට්ටන් ටිකක් රාජ්‍ය ආයතනවලට පත් කරේත් තමුන්මනේ...!!!
ජනාධිපතිතුමනි ඔබ ප්‍රමාද වැඩියි. ඔබ මේ පොහොර විප්ලවය ආරම්භ කළ යුතුව තිබුණේ විදේශීය රසායනික පොහොර සපයන්නන්ගේ මේ සියලු නියෝජිතයන් දොට්ට දැමීමෙනි. පොහොර ක්ෂේත්‍රයේ පමණක් නොව ඔබ ඇතුළු මුළු රටම මේ පණුවන් බෝ වී ඇත.
මෙතැනදී සභාපතිවරු නිකන්ම නිකන් අත්සනට සීමාවෙච්චි අය.. සභාපතිලා දේශපාලුවෝ කියන විදිහට නොකළොත් බලපෑම් එන ක්‍රමවේදයන් පහුගිය කාලය පුරාම ඉහළ තනතුරු දරපු ආයතන ප්‍රධානීන් ඉල්ලා අස්වීමේදී හැමෝම දුටුවා.
ඔයත් පොඩ්ඩක් අහගෙන එන්ඩ රිවස් වෙන්නැතුව ගැසට් එකක් ගහන හැටි. ආ තව ගැසට් කියන්නේ මොනවටද කියන එකත් කෝල් කරලා දැනගෙන එන්න හොඳේ
හොද වැඩක් .මෙය සියලු ඉහළ තනතුරු දරණ රාජ්‍ය නිළධාරින් වෙනුවෙන්ම ක්‍රියාත්මක කලයුතුය. එසේ නොකිරීම නිසා තමා රට මෙතරම් පරිහානියට පත්වුනේ. අදාල ආයතන වල සෑම තොරතුරක්ම ඉල්ලන අවස්ථාවේ දීමට තරමින් ආයතන ප්‍රධානියා සන්නද්ධ වියයුතුය.
ඕවට රැවටිච්ච කාලෙ ඉවරයි ආයුබෝං. රටම දන්නවා ඔහේ කරන්න බැරි වැඩ කර ගහගෙන, දැන් සරම පුරා කැත කර ගෙන, අල්ලන්න කොනක් නැතුව ඉන්නෙ කියලා.
නියමයි ජනාධිපතිතුමනි.
පිලිගත් රැකියාවකට දේශපාලන සුදුසුකම එකම සුදුසුකම වුන රටක මෙවැනි දේවල් සිදුවීම අරුමයක් නොවෙයි.
රටේ ජනාධිපති විදියට ඔයා දන්නවාද කී දෙනෙක් දවසකට එක වේලක් කාලා ජීවත් වෙනවද කියලා...?
කොහොමද අපේ ජනාධිපතිතුමාගේ වැඩ? අපි බලාපොරොත්තු වූ වෙනස ලැබිලා...
ජනාධිපතිතුමනි, ඔවුන් පත් කළේ කවුද?
තමුන්ගේ වැරැදි අදහස් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අනාගත්තාම අනිත් අය පිට වැරැදි පටවනවා...
වියරු වැටීගෙන එනවා වත්ද?
ඔවුන්ට පෙර, ඔබ පිටතට යා යුත්තේ එම සභාපතිවරුන් අප විසින් නොව ඔබ විසින් පත් කර ඇති බැවිනි!
ආතල් නම් සර්...සර් නම්.ආතල්....
පුලුවන්නං ඔතන ඉන්න හොරා කාපු එවුනුත් එලියට දාන්න, එකෙක් ඉතුරු වෙන්නේ නැහැ රැස්වීමට,
රටේ ප්‍රධාන ආයතන භාරව සිටින්නේ මෙවැනි නිලධාරීන් නේද.?
තමන්ගේම ආණ්ඩුව නේද ඔය සභාපතිලා ඔතනට පත් කලේ.
එලියට නොවෙයි යවන්න ඕන ගෙදරට.
මහදැනමුත්තා සහ ගෝල පිරිස...!
ඇයි මෙච්චර පරක්කු දැධි තීන්දු තීරණ ගන්න? අද සද්ද දාල හෙට ඉඳන් නැවතත් සුපුරුදු කයිවාරු නම්, වැඩක් නැහැ. පාස්පොර්ට් කාර්යාලයට, ආර් එම් වී, ගුවන්තොටුපොළ, ජාතික රෝහලට, හාල් සහ එළවලු කඩවලට ඒ දවස්වල කඩා පෙනල, ලොකු සංදර්ශයක් දැම්ම. ඊට පස්ස නිහඬයි. පුස්.
ඔය සංස්ථා සභාපතිකම් දුන්නේ අර වියත් මගේ විද්‍යාත්මක පදනම හා අනි කුත් සියලූ සුදුසු කම් සලකලා නේද? ඒ කියන්නේ වියත් නැති මගකුත් නැති වියත්තූ.
මම නම් ගෙදරම යනව, මෙයාම පත් කරපු වියත්මගේ දෙපලක් වෙන්න ඕන. අනික ඕක දැනගත්ත කියල මොනව කරන්නද?
අපේ බදුමුදලින් තනතුරු, වරප්‍රසාද විඳිනවා පමණයි. කරන සේවයක් නැත. කරන්නේ කුමක්දැයි දන්නේද නැත. රැස්වීම්වලට ඇවිත් යස් සර් කියන්න විතරයි දන්නේ…!
ශාලාවෙන් නොවේ රස්සාවෙන්ම දොට්ට දාන්න ඕනෑ. සභාපති කෙනෙක්ගෙන් වැඩක් තියේද ආයතනය ගැන අවබෝධයක් නැති. ඔය බොහොමයක් රාජ්‍ය ආයතනවල ලොක්කෝ දේශපාලන පත්වීම් තමයි...
මුලින්ම එලියට යන්න ඕනෑ, නොදන්න දේවල් කරන්න යන ජනාධිපති...
තොරතුරු දන්නේ නැති ජනාධිපතිව දොට්ට දාන්න. එක්කෝ ඕනෑ නැහැ. නිකන්ම හැලිලා යයි වැඩිකල් නොයාම...
ලොක්කෝ වැඩි දෙනෙක් කරන්නේ ඔහොම වැඩ තමා. එයාලට වෙන පුද්ගලික වැඩ තියෙනවනේ කරන්න
මොනාද කරන්නේ අදාල වැඩ ගැන දන්නේ නැත්නම්
මෙවන් පාලනයක් තමයි ඔබතුමාට 69 ලක්ෂයක් ඡන්දය දුන් ජනතාව අපේක්ෂා කලේ. මුල සිට මෙවන් විනයක් පවත්වාගෙන යාමට කටයුතු කලේනම් අද වන විට උද්ගතව ඇති සමහර උඩු දිවූ ගැටළු ඇති නොවනු ඇත. මෙම පෞර්ශවය පවත්වාගෙනයාමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා !!!
ගැසට් ගහන ප්‍රමාණය අනුව කාටද මේවා මතක තියා ගන්න පුළුවන්.
තත්වය එසේනම් ඉස්සෙල්ලම දොට්ට බහින්න ඔනේ සර් ' නේද?
මේ අය ඔක්කොම දැන් එලියට යන්න ඕන
රැජිනිකාන්ත් ඉන්න දෙමල චිත්‍රපට මතක් වෙන්නේ මට විතරද මන්දා?
අප දන්නා අපට හිටපු ගෝඨාභය රාජපක්ෂ සර් දැන් අප උතූම් ලංකාවේ උතුමාණන් තව අවුරුදු 2 ක්
රැස්වීම් ශාලාවෙන් පිට කිරීම වඩාත් කැපී පෙනුණි. ... අප්පේ ඒ.... ඉතින් නේද..
ඉස්සෙල්ලාම මේ පොහොර ගැටලුවට මුල් වූ පාවාදෙණිය සහ සුමනෙව ගෙදර යවලා ඉන්න.
අපේ රටේ සංවර්ධන වැඩ ඉබි ගමනින් සිදුවීමට පළමු හේතුව රජයේ සමහර නිලධාරීන්ගේ නොහැකියාව සහ වැඩ කිරීමට උනන්දුවක් නොමැති වීමයි.වතාවක් දෙකක් බලලා හරියන්නේ නැතිනම් සේවයෙන් පහ කරන්න ඕනේ.එහෙම නැතිනම් ආර්.ප්‍රේමදාස මහත්තයා කළා වගේ කරන්න ඕනේ.ජනතාවගේ බදු මුදල් වලින් නිකම් පඩි කනවා .කරන මිනිහෙකුට කරන්න දෙන්නෙත් නැහැ
මේ වගේ මරි මෝඩ, වගකීමක් නැති නිලධාරි නිසා තමයි මේ වැදගත් කටයුත්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නෙ.
හොඳ පියවරක්, මේ වගේ සභාපතිලා පොල්පිති වලින් හදන්න පුලුවන්.
යුද්ධ කරන්න නායකත්වය ගන්නේ ඉහළින් වුණාට එහි ප්‍රතිඵල දකින්න. සියලුම දෙනාගේ කැපවීම අවශ්‍යයි. පැහැදිලිවම බිම් මට්ටමේ සිටින නිලධාරින්ගේ සිට වගකිම් පවරා සෘජු අධීක්ෂණයක් සිදුකරන වැඩ පිළිවෙලක් සකසන්න. මෙසේ සිදු නොකරන තාක්කල් බොහෝ අය කෙස් පැලෙන තර්ක සිදුකරමින් කල්මරමින් වාචිකව රට හදමින් සිටින්නේ තමන්ගෙන් වියයුතු යුතුකම ඉටු නොකරමින් මහ ලැජ්ජා සහගත ලෙසයි. යුද්ධය වෙලාවේ යුදබිමෙ සෙබලා යුද්ධ නොකර වාර්තා පුරව පුරවා සිටියේ නම් තවම රට යුද අනතුරේය. මාස්ක් නොදා රජයට බනින රජ වැඩකාරයින් කොරොනා මර්දනයට පෙල ගැසෙනා මහත් අරුමය...!
එතකොට රිවස් ගියර් ගහන කටටිය...?
කොහෙන් හරි වතුර බස්සන්න ඕනෑනේ...
සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවම අපමණ වූ දුෂ්කරතාවලට තල්ලුකොට දැමූ දුර්ජනයින් දොට්ට දමන දිනය කවදානම් උදාවේද...?
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටත් එක්කෙනෙක් මෙහෙම ඇවිත් කෑගහලා ඒ ආයතනය හරි තැනට ගත්තා. දැන් එතැන කිසි දූෂණයක් වංචාවක් නෑ...
මහ බැංකුවට සද්දයක් දානකන් ඔවුන් වැඩකලේ නෑ. මෝටර් රථ දෙපාර්තමේන්තුවට සද්දයක් දානකන් එතන අකාර්යක්ෂමව තිබුනේ. සෞඛ්‍ය අංශවලට සද්දයක් දානකන් කොරෝන සංඛ්‍යා ලේඛන යාවත්කාලීන වුනේ නෑ. ජනාධිපතිතුමනි, මීට වඩා දැඩි තීරණ ගන්න. කීප දෙනෙක් ගෙදර යැව්වා නම් අනික් අය බයට හරි වැඩකරයි...
ඔය තනතුරුවලට පත් වෙන්නේ සුදුසුකම් නැති පලපුරුදු නැති දේශපාලන බත්බැලයින්ය.
හමුදා සේවයෙන් පසුව මමත් දැන් ගොවිතැන් කරන්නේ... මෙම විනය ක්‍රියාව ගැන ඉතාමත් සතුටු වෙනවා. මේක තමයි විය යුත්තේ...
ඔබතුමාත් ජනාධිපති පදවිය දරන්න දැනගත යුතු බොහෝ දේ දන්නේ නෑ. පලපුරුද්ද නැති බව ඔබතුමාම කිව්වා. ඒක නිසා ඔබාතුමාත් අස් වෙලා ගියා නම් හරි.
ඊළඟට වැඩ බැරි ජනාධිපතිලා වත් දොට්ට දමයි
දැන් ජෙප්පෝ කියයි එහෙම කරපු එක අසාධාරණයි, මීටින් එකට එනකොට එහෙම දැනුවත් වෙලා එන්න කියන්න පුලුවන්ද?, පාරේ තිබෙන ට්‍රැෆික් කලබල දන්නේ නැද්ද? කියලා. උදැල්ල පැත්තකින් තියා මොරදේවි. කාණු කැපිල්ල පැත්තක...
වැඩබැරි ජනාධිපතිටත් ගෙදර යන්න කාලය හරි.., අපිට පව් දෙන්නේ නැතුව.