IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තොරතුරු මාසයක් ප්‍රකාශයට පත්කෙරේ

 (ඩයනා උදයංගනී)

‘ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනය’  මෙම මස 28 වැනිදාට යෙදී ඇති අතර ඒ නිමිති කරගනිමින් ඉකුත් 15 වැනිදා සිට ලබන මස 15 වැනිදා දක්වා මාසය ‘තොරතුරු මාසය’ ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.        
 
 මෙම මාසය තුළ පනතට අදාළ ක‍්‍රියාකාරකම්වල යෙදෙන ලෙස සියලූ රාජ්‍ය ආයතන වෙත දැනුම් දීම සදහා චක‍්‍රලේඛයක්ද නිකුත් කිරීමට නියමිතය.
 
ඊට අමතරව දිවයිනේ සියලූම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත්, දිස්ත‍්‍රික්ක පහක් තෝරාගෙන ‘ගමට තොරතුරු අයිතිය’ මැයෙන් ජංගම සේවාවන් පැවැත්වීමටත් ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
 
මෙරට තොරතුරු දැනගැනීමේ පනත ලොව හොදම සිව්වන තොරතුරු දැන ගැනීමේ පනත ලෙස ශ්‍රේණිගතව ඇති අතර එය සක‍්‍රීය ලෙස බලාත්මක කිරීම සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබයි.
 
මෙම වැඩසටහන ක‍්‍රියාවට නැංවීම සදහා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතියද හිමිවී තිබේ. 



අදහස් (0)

තොරතුරු මාසයක් ප්‍රකාශයට පත්කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site