(අජන්ත කුමාර අගලකඩ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් කඩිනමින් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත .
එම ණය මුදල ඇමරිකාවේ "කන්සෙප්ට් ග්ලෝබල්"නමැති මූල්‍ය ආයතනයෙන් ලබා ගැනීමට කැබිනටි අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ .
වසර 2 ක සහන කාලයක් සහිතව ලබාගැනෙන මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 ක් වේ .
සියයට 3 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම ණය මුදල කඩිනමින් ලබා ගැනෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .
ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් කෝටි 330 ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත .
සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය බැංකු දෙකේ කල් පිරී ඇති ණයවර ලිපි පිය වීමට පවා මේ වන විට නොහැකි වී ඇතැයි වාර්තා වේ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.