IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තැපෑලෙන් පණිවිඩයක්

(නිමල කොඩිතුවක්කු)

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි.

වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර කර ගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදුවෙමින් පවතින බවත් තැපැල්පතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආදී නම් යොදා ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව භාවිතා කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ් පත් තොරතුරු විමසීමක් කිසිසේත්ම සිදු නොකරන බවත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවත් සත්කුමාර මහතා කීවේය.

මහජනතාව වෙනුවෙන් ලැබෙන කෙටි පණිවිඩ සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවිඩයක් මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබාදීම සිදු නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසීම්  සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ උපකාරක සේවාව 1950 සහ තොරතුරු තාක්ෂණික අංශය 011 2542104, 011 2334728, 011 2335978, 011 2687229, 011 2330072 යන අංක වලට දැනුම් දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.



අදහස් (0)

තැපෑලෙන් පණිවිඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site